වැදගත් සිදුවීම්
නීති විරෝධී ලෙස මෙරටට සංක්‍රමණයවිමට උත්සහ කළ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 සැප්තැම්බර් 28 වන දින මන්නාරම, ඌරුමලෙයි ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මෙරටට සංක්‍රමණයවීමට උත්සහ කළ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන ඇත.
29 Sep 2019
ශ්‍රී ලංකා නාවික නෞකා ‘තක්‍ෂිලා’ ආයතනය සිය 12 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘තක්‍ෂිලා’ ආයතනයේ 12 වන සංවත්සරය 2019 සැප්තැම්බර් 28 වන දින අභිමානවත් ලෙස සමරන ලදි.
29 Sep 2019
සුන්දර දකුණු වෙරළ තීරය රැක ගැනීමේ නාවික හමුදා මෙහෙයුම

වෙරළ තීරයන් ආරක්‍ෂා කර ගැනීම හා සංරක්‍ෂණය කර ගැනීමේ අරමුණින් නාවික හමුදාව ක්‍රියාත්මක කරගෙන යනු ලබන තවත් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද (2019 සැප්තැම්බර් 28) දකුණු වෙරළ තීරයන් කේන්ද්‍ර කරගනිමින් පවත්වන ලදී.
28 Sep 2019
නිල්වලා ගඟේ බණ්ඩත්තර පාලම තුල සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමට නාවික හමුදා සහාය

මාතර, බණ්ඩත්තර ප්‍රදේශයේ නිල්වලා ගංගාව හරහා ඇති පාලමේ සිරවි තිබූ දැව කඳන් සහ කුණුරොඩු ගංවතුර ආපදාවකට පෙර ඉවත් කර ගංවතුර අවධානම මැඩපැවැත්වීමට නාවික හමුදාව 2019 සැප්තැම්බර් 27 වන දින කටයුතු කරන ලදී.
28 Sep 2019
ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන ටෙනිස් තරඟාවලිය

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන ටෙනිස් තරඟාවලියේ අවසන් තරඟය 2019 සැප්තැම්බර් 27 වන දින නැගෙනහිර නාවික විධාන ටෙනිස් ක්‍රිඩා පිටියේදී පවත්වන ලද අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ සහභාගී වීය.
28 Sep 2019
විදේශීය වෙරළාරක්‍ෂක නිලධාරීන් වෙනුවෙන් පැවැති විශේෂ පාඨමාලාව සාර්ථකව නිමාවට පත්වේ

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනයේ පාර්ශවකරුවන් වෙනුවෙන් පවත්වනු ලබන නෞකා හා යාත්‍රාවලට ප්‍රවිශ්ඨ වීමත්, ඒවා සෝදිසි කිරීමේ ක්‍රියාපටිපාටීන් හා ක්‍රමෝපායන් පිළිබඳ පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානොත්සවය 2019 සැප්තැම්බර් 27 වන දින ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථානයේ පුහුණු පාසලේදී පැවැත්විණි
28 Sep 2019
නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2019 සැප්තැම්බර් 27 වන දින ගාල්ල, දෙවැට ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
28 Sep 2019
උතුරු මුහුදේ සිදු කල තවත් මෙහෙයුමකදී බීඩී කොළ කිලෝග්‍රෑම් 743.8 ක් සොයා ගනී

නාවික හමුදාව විසින් 2019 සැප්තැම්බර් 27 වන දින උතුරු මුහුදේ සිදු කළ සෝදිසි කිරීමකදී බීඩී කොළ සහිත පාර්සල් 27 ක් සමඟ ජාවාරම්කරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගන්නා ලද අතර, එහිදී නාවික හමුදාව විසින් උතුරු මුහුදු ප්‍රදේශයේ ආශ්‍රිතව තවත් මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී. එහිදී කෝවිලම් ප්‍රදීපාගාරයට බටහිර දෙසින් වූ මුහුදේදී තවත් බීඩී කොළ සහිත පාර්සල් 12 ක් සොයා ගැනීමට නාවික හමුදාවට හැකි විය.
28 Sep 2019
නාවික හමුදාව තවත් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වයි

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් 2019 සැප්තැම්බර් 27 වන දින උතුරු නාවික විධානය තුල ක්‍රියාත්මක කරන ලදී.
28 Sep 2019
උතුරු මුහුදේ සිදු කල මෙහෙයුමකදී බීඩී කොළ සමඟ ජාවාරම්කරුවන් දෙදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද (සැප්තැම්බර් 27) උතුරු මුහුදේ සිදු කළ සෝදිසි කිරීමකදී බීඩී කොළ සහිත පාර්සල් 27 ක් සමඟ ජාවාරම්කරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන ඇත.
27 Sep 2019