වැදගත් සිදුවීම්

සුන්දර වෙරළ තීරය අනාගත පරපුර වෙනුවෙන් රැකගැනීමට නාවික හමුදා දායකත්වය

වෙරළ තීරයන් ආරක්‍ෂා කර ගැනීම හා සංරක්‍ෂණය කර ගැනීමේ අරමුණින් නාවික හමුදාව ක්‍රියාත්මක කරගෙන යනු ලබන තවත් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද (ඔක්තෝබර් 20) දකුණු වෙරළ තීරයන් ආශ්‍රිතව පවත්වන ලදී.

20 Oct 2019

ගාලු කථීකාව 2019 අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය හෙට කොළඹදී

රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යංශය හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව දහවන වරටත් සංවිධානය කරනු ලබන 2019 ගාලු කථීකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය කොළඹ නගරයේදී ඔක්තෝබර් මස 21 වන දින පැවැත්වීමට සියළුම කටයුතු සුදානම් කර ඇත.

20 Oct 2019

ධිවර දැල් වලට හසුවී සිටි ජීවි පොකිරිස්සන් දහදෙනෙකු නාවික හමුදාව විසින් සාගරයට මුදා හරි

නාවික හමුදාව විසින් අද (ඔක්තෝබර් 19) කුඹුක්කන්ඔය ප්‍රදේශයට ඔබ්බේන් වූ මුහුදු ප්‍රදේශයේදී ධිවර දැල් වලට හසුවී සිටි පොකිරිස්සන් දහදෙනෙකු (10) සාගරයට මුදා හැරීමට කටයුතු කර ඇත.

19 Oct 2019

නීති විරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 18 වන දින මුලතිව්, අලම්පිල් ප්‍රදේශයට ඔබ්බේන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන ඇත.

19 Oct 2019

විදේශිය හමුදා නිලධාරින් සඳහා නාවික හමුදාවෙන් විශේෂ පුහුණුවක්

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනයේ පාර්ශවකරුවන් වෙනුවෙන් පවත්වනු ලැබූ නෞකා හා යාත්‍රාවලට ප්‍රවිශ්ඨ වීමත්, ඒවා සෝදිසි කිරීමේ ක්‍රියාපටිපාටීන් හා ක්‍රමෝපායන් පිළිබඳ (Visit Board Search and Seizure - VBSS) පාඨමාලාවේ ත්‍යාග ප්‍රදානොත්සවය 2019 ඔක්තෝබර් 18 වන දින ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථානයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

19 Oct 2019

නාගදීප විහාරයේ වාර්ෂික කඨින පිංකමට නාවික හමුදාවේ සහාය

යාපනය, නයනතිව් දූපතේ පිහිටි ඓතිහාසික නාගදීප පුරාණ රජ මහා විහාරයේ වාර්ෂික කඨින පිංකම, නාවික හමුදා සහයෝගයෙන් ඔක්තෝබර් මස 17 සහ 18 යන දිනයන්හි උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.

19 Oct 2019

නාවික හමුදා විශේෂ වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 164.3 සොයා ගැනේ

නාවික හමුදාව අද (ඔක්තෝබර් 19) අළුයම මන්නාරම, ඉලුපාකඩවෙයි ප්‍රදේශයේදී ‍නාවික හමුදාව යොදා ඇති මාර්ග බාධකයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 164.3 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන ඇත.

19 Oct 2019

හක් බෙල්ලන් තොගයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 18 වන දින සිලාවතුර, අරිප්පු ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී නීති විරෝධී ලෙස හක් බෙල්ලන් ලඟ තබා ගත් පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

19 Oct 2019

කේරළ ගංජා කිලෝග්‍රෑම් 221.8 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව අද (ඔක්තෝබර් 19) අළුයම වෙත්තලකර්නි ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 221.8 සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා බාරයට ගෙන ඇත.

19 Oct 2019

මානුෂිය මෙහෙයුම් සමයේදී අතහැර දමා ගොස් තිබූ බෝම්බ කිහිපයක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 18 වන දින මාමුනේ, චැම්පියන්පත්තු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී මානුෂිය මෙහෙයුම් සමයේදී අතහැර දමා ගොස් තිබූ බෝම්බ කිහිපයක් සොයා ගන්නා ලදී.

19 Oct 2019