වැදගත් සිදුවීම්
නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් හයදෙනෙකු (06) නාවික හමුදා බාරයට

නාවික හමුදාව පුල්මුඩේ, කෝකිලායි මුහුදු ප්‍රදේශයේ 2019 ඔක්තෝබර් 21 වන දින සිදු කල මුර සංචාරයක් අතරතුරදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් හයදෙනෙකු (06) නාවික හමුදා බාරයට ගෙන නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කර ඇත.
22 Oct 2019
නීති විරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 340 ක් සමඟ පුද්ගලයින් 11 දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය, නල්ලූර් වෙරළ තීරයේ සහ මන්නාරම, වංකාලේ ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීම් අතරතුරදී බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සහ ප්‍රවාහනය කල පුද්ගලයින් පිරිසක් නාවික හමුදා බාරයට ගැනීමට සමත්ව ඇත.
22 Oct 2019
නාවික හමුදාධිපතිතුමා සහ විදේශීය ආරක්‍ෂක ප්‍රධානීන් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා රැසක්

කොළඹ, ගාලු මුවදොර හෝටලයේදී ආරම්භ කරන ලද ගාලු කථිකාව 2019 අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයට සහභාගී වීම සඳහා මෙරටට පැමිණි විදේශීය ආරක්‍ෂක ප්‍රධානීන් කිහිප දෙනෙකු 2019 ඔක්තෝබර් 21 වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය.
22 Oct 2019
ගාලු කථිකාව 10 වන අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය උත්කර්ෂවත් අයුරින් ඇරඹෙයි

ආරක්ෂක අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දහ වන වසරටත් සංවිධානය කරනු ලබන 2019 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය අද (ඔක්තෝබර් 21) ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය, ගරු රුවන් විජයවර්ධන මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් කොළඹ, ගාලු මුවදොර හෝටලයේදී ආරම්භ විය.
21 Oct 2019
නීති විරෝධී ලෙස මෙරටට සංක්‍රමණය වීමට උත්සාහ කල පුද්ගලයින් තිදෙනෙකු ඇතුළු මිනිස් ජාවරම් මෙහෙයවනු ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට

ශ්‍රී ලංකා මුහුදු කලාපය තුළ සිදු විය හැකි නීති විරෝධී කටයුතු වැලැක්විම අරමුණු කර ගනිමින් නාවික හමුදාව විසින් සිදු කරනු ලබන මුර සංචාරයක් අතරතුරදී සැක කටයුතු ලෙස මන්නාරම් මුහුදේ යාත්‍රා කරමින් තිබූ ඩිංගි යාත්‍රාවක් සහ පුද්ගලයින් පස්දෙනෙකු (05) 2019 ඔක්තෝබර් 20 වන දින නාවික හමුදා බාරයට ගෙන ඇත.
21 Oct 2019
බීඩි කොළ කිලෝග්‍රෑම් 27.85 ක් නාවික හමුදාව විසින් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 20 වන දින නච්චිකුඩා, කීරිකුඩා ධීවර ගම්මානයට අයත් වෙරළ තීරයේ සිදු කළ පා මුර සංචාරයකදී බීඩි කොළ කිලෝග්‍රෑම් 27.85 ක් සොයා ගෙන ඇත.
21 Oct 2019
තහනම් දැල් භාවිතා කර මසුන් ඇල්ලූ පුද්ගලයින් 14 දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් පුල්මුඩේ සහ පොඩුවකට්ටු ප්‍රදේශයට ඔබ්බේන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීම්වලදී නීති විරෝධී දැල් භාවිතා කර මසුන් ඇල්ලු පුද්ගලයින් 14 දෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.
20 Oct 2019
නීති විරෝධී විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2019 ඔක්තෝබර් 19 වන දින මිගමුව, පෙරියමුල්ල ප්‍රදේශයේදී විදේශීය දුම්වැටි 43600 සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
20 Oct 2019
තහනම් දැල් භාවිතා කර මසුන් ඇල්ලූ පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව කල්ලඩි වෙරළ තීරයේ සහ ත්‍රිකුණාමලය, පල්චෙනයි වෙරළ තීරයේ සිදු කල සෝදිසි කිරීම්වලදී නීති විරෝධී දැල් භාවිතා කර මසුන් ඇල්ලු පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා බාරයට ගෙන නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කර ඇත.
20 Oct 2019
රාජකීය නෙදර්ලන්ත නාවික හමුදාවේ නියෝජ්‍ය ප්‍රධානී නැගෙනහිර ප්‍රදේශභාර ආඥාපතිතුමා හමුවෙයි

නෙදර්ලන්ත රාජකීය නාවික හමුදා නියෝජ්‍ය ප්‍රධානී, මේජර් ජෙනරාල් (මැරීන්) එෆ්.වී. වෑන් ස්ප්‍රෑන්ග් 2019 ඔක්තෝබර් 19 වන දින නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ හමුවිය.
20 Oct 2019