වැදගත් සිදුවීම්
ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය මහකොමසාරිස් ඇතුළු නියෝජිත පිරිසක් දකුණු නාවික විධානයේ සංචාරයක

ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය මහකොමසාරිස්, වික්ටෝරියා කෝක්ලේ (Victoria Coakley) මහත්මිය ඇතුළු නියෝජිතයින් පිරිසක් 2019 ඔක්‍තෝබර් මස 23 වන දින දකුණු නාවික විධානයට අයත් නාවික ස්ථානගත කිරීම ‘හම්බන්තොට’ ආයතනයේ සංචාරයක නිරත විය.
24 Oct 2019
බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ මෙහෙයුම් පුහුණු විධායක නැගෙනහිර නාවික විධානයේ සංචාරයක

කොළඹ, ගාලු මුවදොර හෝටලයේදී පවත්වන ලද ගාලු කථිකාව 2019 අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයට සහභාගී වීම සඳහා මෙරටට පැමිණි බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ මෙහෙයුම් පුහුණු විධායක, කොමදෝරු සයිමන් හන්ටින්ග්ටන් (Simon Huntington) ඇතුළු නියෝජිත පිරිස 2019 ඔක්තෝබර් 23 වන දින නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේ සංචාරයක නිරත වීය.
24 Oct 2019
නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද යාපනය, පුන්කුඩුතිව් දුපතේ පෙර පාසල විවෘත කෙරේ

නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් යාපනය, පුන්කුඩුතිව් දුපතේ අභිනවයෙන් ඉදිකරන ලද පෙර පාසල 2019 ඔක්තෝබර් 22 වන දින , වෙලනි සහකාර ප්‍රාදේශිය ලේකම්, එස් රජිව්ත් මහතා විසින් විවෘත කෙරුණි.
23 Oct 2019
අනන්‍යතාවය තහවුරු කිරිමට නොහැකි වු පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද (ඔක්තොබර් 23) අළුයම ජා-ඇල ප්‍රදේශයේ සිදු කල පරික්ෂා කිරිමකදී අනන්‍යතාවය තහවුරු කිරිමට නොහැකි වු පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා භාරයට ගෙන ඇත.
23 Oct 2019
නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද යාපනය, මන්ඩතිව් දුපතේ පෙර පාසල විවෘත කෙරේ

නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් යාපනය, මන්ඩතිව් දුපතේ අභිනවයෙන් ඉදිකරන ලද පෙර පාසල 2019 ඔක්තෝබර් 22 වන දින මණ්ඩතිව්, සහකාර ප්‍රාදේශිය ලේකම්, එස් රජිව් මහතා විසින් විවෘත කෙරුණි.
23 Oct 2019
බලපත්‍ර නොමැතිව ඇල්ලූ මුහුදු කූඩැල්ලන් 2300 ක් සමඟ පුද්ගලයින් 12 දෙනෙකු නාවික හමුදා සහායෙන් නීතියේ රැහැනට

නාවික හමුදාව සහ මුලතිව්, සහකාර ධිවර අධ්‍යක්‍ෂක කාර්යාලය එක්ව මුලතිව්, පුදුමාතලන් වෙරළ තීරයේ සිදු කල වැටලීමකදී බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.
23 Oct 2019
ගාලු කතිකාව 2019 සඳහා සහභාගීවූ තවත් විදේශීය ආරක්‍ෂක ප්‍රධානීන් රැසක් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

කොළඹ ගාලු මුවදොර හෝටලයේ පවත්වන ලද 2019 ගාලු කතිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය සඳහා සහභාගී වූ විදේශීය රටවල්වල ආරක්‍ෂක ප්‍රධානීන් 2019 ඔක්තෝබර් 22 වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.
23 Oct 2019
නාවික හමුදාව විසින් නැගෙනහිර මුහුදු ප්‍රදේශයෙන් තහනම් දැලක් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 22 වන දින අළුයම ත්‍රිකුණාමලය, පොඩුවකට්ටු ප්‍රදේශයට ඔබ්බේන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුර නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් දැලක් සොයා ගැනීමට සමත්ව ඇති අතර,
23 Oct 2019
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඒකාබද්ධ අභ්‍යාසයක් සිඳුරළ නෞකාවෙදී පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව නෞකාවක් මතට හෙලිකොප්ටර් යානයක් ගොඩබෑමේ ඒකාබද්ධ අභ්‍යාසයක් 2019 ඔක්තෝබර් 20 වන දින ත්‍රිකුණාමලය වරාය පරිශ්‍රයේදී පවත්වන ලදී.
22 Oct 2019
නව චින්තනයකින් යුතුව අන්තර් සමුද්‍රීය තර්ජනයන් හට පිළියම් යෙදීම සඳහා සුදානම් විම: දශකයක සමාලෝචනය සමඟින් 2019 ගාලු කතිකාව සාර්ථකව නිමාවට පත්වෙයි

ආරක්ෂක අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව දස වන වරටත් සංවිධානය කරනු ලැබූ ගාලු කතිකාව 2019 අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය 2019 ඔක්තෝබර් 22 වන දින කොළඹ, ගාලු මුවදොර හෝටලයේදී සාර්ථකව නිමාවට පත්විය.
22 Oct 2019