වැදගත් සිදුවීම්

මත්ද්‍රව්‍ය බෙදාහරිනු ලබන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව 2019 ඔක්තෝබර් 29 වන දින මැදවච්චිය ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය බෙදාහරිනු ලබන පුද්ගලයෙකු (01) අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

30 Oct 2019

ජනාධිපති පරිසර සම්මාන උළෙලේදි ශ්‍රී ලංකා නාවික හමුදාවේ “නීල හරිත සංග්‍රාමය” සම්මානයට පාත්‍ර වේ

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ සංකල්පයකට අනුව, මධ්‍යම පරිසර අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරනු ලැබු ජනාධිපති පරිසර සම්මාන උළෙල අද (2019 ඔක්තෝබර් 29) කොළඹ, නෙළුම් පොකුණ රඟහලේදී පැවැති අතර, එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ “නීල හරිත සංග්‍රාමය” සම්මානයට පාත්‍ර වන ලදී. එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අතිගරු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගී වීය.

29 Oct 2019

‘SPEAR’ ඒකාබද්ධ අභ්‍යාසය පිළිබඳ සාකච්ඡාවක් දකුණු නාවික විධානයේදී

එක්සත් රාජධානියේ ඒකාබද්ධ සමුද්‍ර මූලස්ථානය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව හදිසි ආපදා තත්වයකදී මානුෂීය ආධාර සහ සහන සැලසීම අරමුණු කර ගත් ‘SPEAR’ නාවික අභ්‍යාසය පිළිබඳව මුලික සාකච්ඡාවක් 2019 ඔක්තෝබර් මස 28 වන දින දකුණු නාවික විධාන සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විය.

29 Oct 2019

සැක කටයුතු පුද්ගලයෙකු මන්නාරම, පේසාලේ ප්‍රදේශයේදී නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 28 වන දින මන්නාරම, පේසාලේ ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී සැක කටයුතු පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගැනීමට කටයුතු කර ඇත.

29 Oct 2019

ශ්‍රීලංකා නාවික හමුදා අන්තර් විධාන ස්කොෂ් තරඟාවලිය - 2019

2019 වර්ෂය සඳහා වු ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන ස්කොෂ් තරඟාවලිය 2019 ඔක්තෝබර් 24 වන දින සිට 28 වන දින දක්වා නැගෙනහිර නාවික විධාන ස්කොෂ් ක්‍රීඩා පිටියේදි පවත්වන ලදී.

29 Oct 2019

නාවික හමුදා සහන සැළසීමේ කණ්ඩායම් සීරුවෙන්

මේ දිනවල විටින් විට ඇද හැලෙන වර්ෂාව සමඟ ඉදිරියේදී ඇතිවිය හැකි අවධානම් සහ ස්වාභාවික විපත් සඳහා පෙර සුදානමක් ලෙස හඳුනාගත් ස්ථාන වෙත සහන කණ්ඩායම් ස්ථාපිත කිරීමට නාවික හමුදාව මේවන විට කටයුතු කර ඇත.

28 Oct 2019

කිමිදුම් වෘත්තියේ නියැලෙන කිමිදුම්කරුවන් සඳහා තාක්‍ෂණික සහ කිමිදුම් වෛද්‍ය විද්‍යාව පිළිබඳව උපදේශන වැඩමුළුවක් කොළඹදී

බස්නාහිර පළාතේ කිමිදුම් වෘත්තියේ නියැලෙන කිමිදුම්කරුවන් සඳහා තාක්‍ෂණික සහ කිමිදුම් වෛද්‍ය විද්‍යාව පිළිබඳව උපදේශන වැඩමුළුවක් අද (2019 ඔක්තෝබර් 28) දෙහිවලදී පවත්වන ලද අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ත්‍රිවිධ හමුදා වෛද්‍ය වෘත්තිකයින්ගේ සංගමයේ සභාපති සහ නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් සෞඛ්‍ය සේවා, රියර් අද්මිරාල් සේනරූප ජයවර්ධන සහභාගී වීය.

28 Oct 2019

ශ්‍රී ලංකා නාවික නෞකා ‘මහානාඝ’ ආයතනය සිය 06 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

ගිණිකොන නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘මහානාඝ’ ආයතනයේ සිය 06 වන සංවත්සරය අද (2019 ඔක්තෝබර් 28) අභිමානවත් ලෙස සමරන ලදි.

28 Oct 2019

ජ්‍යේෂ්ඨ නාවිකයින් 35 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරි නියුතු ජ්‍යේෂ්ඨ නාවිකයින් 35 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලී රහිත ණය මුදල් ලබා දීම අද (ඔක්තෝබර් 28) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදාධිපතිතුමාගේ කාර්යාලයේදී සිදු කෙරුණි.

28 Oct 2019

මුහුදේ අනතුරට පත් ධීවරයින් දෙදෙනෙකු (02) නාවික හමුදාව විසින් බේරා ගනි

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 27 වන දින මුහුදේදී අනතුරට පත්ව සිටි ධීවරයින් දෙදෙනෙකු (02) බේරා ගැනීමට සමත් විය.

28 Oct 2019