වැදගත් සිදුවීම්

කේරළ ගංජා කිලෝග්‍රෑම් 29.8 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් සහ මන්නාරම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිලධාරින් එක්ව අද (2019 ජුලි 02) අළුයම ‍මන්නාරම, පේසාලේ ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 29.8 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

02 Jul 2019

හෙරොයින් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුලි 01 වන දින හම්බන්තොට ප්‍ර‍දේශයේදී හෙරෙයින් මිලිග්‍රෑම් 310 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

02 Jul 2019

තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු තංගල්ලේදී නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් එක්ව 2019 ජුලි 01 වන දින තංගල්ල, කඳුරුපොකුණ ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.

02 Jul 2019

ධජ නිළධාරී නාවික දියත් විධානය වශයෙන් රියර් අද්මිරාල් උපුල් ද සිල්වා වැඩ භාර ගනී

රියර් අද්මිරාල් උපුල් ද සිල්වා 2019 ජුලි 01 වන දින නාවික දියත් විධාන කාර්යාල‍යේදී ධජ නිළධාරී නාවික දියත් විධානය වශයෙන් වැඩ භාර ගන්නා ලදී.

02 Jul 2019

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය නිමිත්තෙන් දකුණු නාවික විධානයේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ

අතිගරු ජනාධිපති, මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් 2019 ජුනි මස 23 වන දින සිට ජුලි 01 වන දින දක්වා ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කළ අතර, එයට සමගාමීව දකුණු නාවික විධානය තුල වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන ලදි.

02 Jul 2019

නැගෙනහිර නාවික විධානය ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වයි

නැගෙනහිර නාවික විධානය විසින් සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක් අද (ජුලි 01) ත්‍රිකුණාමලය මහ රෝහලේ පරිශ්‍රයේදී සිදු කෙරිණි.

01 Jul 2019

“හරිත කඳවුර - එක් නාවිකයෙකු සඳහා එක් පැලයක්” යන ව්‍යාපෘතිය උතුරු නාවික විධානයේදී ආරම්භ කෙරේ

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ සංකල්පයක් වන “හරිත කඳවුර - එක් නාවිකයෙකු සඳහා එක් පැලයක්” ව්‍යාපෘතිය අද (ජුලි 01) උතුරු නාවික විධාන මූලස්ථානයේදී ආරම්භ කරන ලදී.

01 Jul 2019

බ්‍රිතාන්‍ය මහකොමසාරිස්තුමන් නැගෙනහිර නාවික විධානය භාර ආඥාපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් අතිගරු ජේම්ස් ඩවුරිස් මහතා අද (ජුලි 01) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ හමුවිය.

01 Jul 2019

පුල්මුඩේ, අරිසිමලේ ප්‍රදේශයෙන් වෝටර්ජෙල් ටියූබ් කිහිපයක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුනි 30 වන දින පුල්මුඩේ, අරිසිමලේ ප්‍රදේශයේ සිදු කළ පා මුර සංචාරයකදී සඟවා තිබූ වෝටර්ජෙල් ටියූබ් කිහිපයක් සොයා ගැනීමට සමත් වී ඇත.

01 Jul 2019

නාවික අනුඛණ්ඩය ‘මහව’ නාවික ස්ථානගත කිරීම ‘මහව’ ලෙස නම් කෙරේ

නාවික අනුඛණ්ඩය ‘මහව’ 2019 ජුනි 30 වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් නාවික ස්ථානගත කිරීම ‘මහව’ ලෙස නම් කරන ලදී.

01 Jul 2019