වැදගත් සිදුවීම්

අනවසර සංක්‍රමණිකයින් එකලොස් දෙනෙකු (11) නාවික හමුදා බාරයට

නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරට සිට විදේශ ගතවීමට උත්සාහ කළ ශ්‍රීලාංකික පුද්ගලයින් එකොලොස් දෙනෙකු (11) අද ( නොවැම්බර් 06) අළුයම නාවික හමුදා භාරයට ගන්නා ලදී.

06 Nov 2019

වෙහෙරගල ජලාශයේ වාන්දොරටු අළුත්වැඩියාව සඳහා නාවික හමුදාව සහායවෙයි

නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් 04 වන දින තණමල්විල, වෙහෙරගල ජලාශයේ කාර්මික දෝශයකට ලක්ව අක්‍රීයව පැවති වාන් දොරටුව පිළිසකර කිරීමට සමත්විය.

06 Nov 2019

හම්බන්තොට ප්‍රදේශයේදී නීති විරෝධී ගිනි අවියක් සහ ගංජා පැල ළඟ තබාගත් පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව 2019 නොවැම්බර් 05 වන දින හම්බන්තොට ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී බෝර 12 වර්ගයේ ගිනි අවියක්, බෝර 12 වර්ගයේ කාට්රේජයක් සහ ගංජා පැල නාවික හමුදා බාරයට ගෙන ඇත.

06 Nov 2019

නීති විරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් 56 ක් සමඟ පුද්ගලයින් පස්දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද (නොවැම්බර් 05) සිලාවතුර, කොක්කුපඩයාන් වෙරළ තීරයේදී නීති විරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් 56 ක් සමඟ පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා බාරයට ගෙන ඇත.

05 Nov 2019

ශ්‍රී ලංකාවේ රුසියානු ආරක්ෂක උපදේශක දකුණු නාවික විධාන මුලස්ථානයේ සංචාරයක නිරතවෙයි

ශ්‍රී ලංකාවේ රුසියානු ආරක්ෂක උපදේශක කර්නල් ඩිනේෂ් අයි ස්කෝඩා (Denis I. Shkoda) 2019 නොවැම්බර් මස 04 වන දින දකුණු නාවික විධාන මූලස්ථානයේ සංචාරයක නිරත විය.

05 Nov 2019

බීඩි කොළ කිලෝග්‍රෑම් 600 කට ආසන්න ප්‍රමාණයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද (නොවැම්බර් 05) උඩප්පු මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී බීඩිකොළ කිලෝග්‍රෑම් 600 කට ආසන්න ප්‍රමාණයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන ඇත.

05 Nov 2019

නාවික හමුදා මුලස්ථානයේ නව ක්‍රියාකාරී මෙහෙයුම් මැදිරිය නාවික හමුදාධිපති විසින් විවෘත කෙරේ

නාවික හමුදා මුලස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද නව ක්‍රියාකාරී මෙහෙයුම් මැදිරිය විවෘත කිරීම අද (නොවැම්බර් 05) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් සිදු කෙරුණි.

05 Nov 2019

තහනම් දැල් භාවිතා කර මසුන් ඇල්ලූ පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් 04 වන දින කුදිරමලෛයි මුහුදු ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී නීති විරෝධී දැල් භාවිතා කර මසුන් ඇල්ලු පුද්ගලයින් හයදෙනෙකු (06) නාවික හමුදා බාරයට ගෙන ඇත.

05 Nov 2019

බෙලිඅත්ත භවාලෝක භාවනා මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පිංකම සදහා නාවික හමුදා දායකත්වය

බෙලිඅත්ත භවාලෝක භාවනා මධ්‍යස්ථානයේ වාර්ෂික කඨීණ පිංකම මෙවරත්, බොදු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් 2019 නොවැම්බර් මස 02 සහ 03 වන දිනයන්හි පැවති අතර, ඒ සඳහා නාවික හමුදාව සිය දායකත්වය ලබා දෙන ලදී.

05 Nov 2019

විදේශීය මත්පැන් බෝතල් 650 ක් සමඟ ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට

නාවික හමුදාව සහ සුරාබදු දෙපාර්තමේන්තුව එක්ව 2019 නොවැම්බර් 03 වන දින සිදු කල වැටලීමකදී වත්තල ප්‍රදේශයේදී විදේශීය මත්පැන් බෝතල් 650 ක් සමඟ ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

04 Nov 2019