වැදගත් සිදුවීම්
ශ්‍රීලංකා නාවික හමුදාව සිස්කො නෙට්වර්කින් ඇකඩමි (CISCO Networking Academy) වැඩසටහන සමඟ අත්වැල් බැඳගනි

ජාල සැකසුම් කිරීම, ගොඩනැංවීම සහ නඩත්තු කිරීම සඳහා අවශ්‍ය නිපුනතාවය සහ දැනුම ඇති පුද්ගලයින් සඳහා පවතින ඉල්ලුම සපුරාලීම සඳහා සිස්කෝ (CISCO) සමාගම ලොවපුරා සිස්කො නෙට්වර්කින් ඇකඩමි (CISCO Networking Academy) වැඩසටහන දියත් කර ඇත.
12 Nov 2019
බිඩී කොළ කිලෝග්‍රෑම් 873 ක් සමඟ පුද්ගලයන් තිදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් 10 සහ 11 යන දින වල තලෙයිමන්නාරම් ප්‍රදීපාගාරයට දකුණු දෙසින් හා බටහිර දෙසින් වු මුහුදු ප්‍රදේශයන් ආශ්‍රිතව සිදුකල සෝදිසි කිරිමකදී බිඩී කොළ කිලෝග්‍රෑම් 873 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා බාරයට ගෙන ඇත.
11 Nov 2019
“යාල්පානම් ආහාර සැණකෙළිය” - 2019 උතුරු නාවික විධානයේදී

“යාල්පානම් ආහාර සැණකෙළිය” 2019 යන තේමාව ඔස්සේ සංවිධානය කල සූපශාස්ත්‍ර තරඟය 2019 නොවැම්බර් 09 වන දින ශ්‍රීලංනානෞ උත්තර ආයතනයේදී පවත්වන ලදී.
11 Nov 2019
රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් අනුස්මරණය විහාර මහා දේවි උද්‍යාන රණවිරු ස්මාරකය අභියසදී

මාතෘභූමියේ වෙනුවෙන් සිය ජීවිත පුජා කළ විරෝධාර රණවිරුවන් අනුස්මරණය කිරීමේ උත්සවය 2019 නොවැම්බර් 10 කොළඹ, විහාර මහා දේවී උද්‍යානය අසල පිහිටි රණවිරු ස්මාරකය අභියස දී ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ද සහභාගී විය.
11 Nov 2019
බිඩී කොළ කිලෝග්‍රෑම් 1113 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද ( නොවැම්බර් 11) ඉරණමාතානගර් ප්‍රදේශයේදී සිදුකල සෝදිසි කිරීමකදී බිඩී කොළ කිලෝග්‍රෑම් 1113 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන ඇත.
11 Nov 2019
අනවසර සංක්‍රමණිකයින් අටදෙනෙකු (08) තලෙයිමන්නාරමේදී නාවික හමුදා බාරයට

නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරට සිට විදේශ ගතවීමට උත්සාහ කළ ශ්‍රීලාංකික පුද්ගලයින් අටදෙනෙකු (08) අද (නොවැම්බර් 11) අළුයම තලෙයිමන්නාරම, වැලිපර 07 ප්‍රදේශයේදී නාවික හමුදා බාරයට ගන්නා ලදී.
11 Nov 2019
තහනම් දැල් භාවිතා කර මසුන් ඇල්ලූ පුද්ගලයින් 10 දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද (නොවැම්බර් 10) ත්‍රිකුණාමලය එලිසබෙත් දූපත මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 10 දෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.
11 Nov 2019
නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය සිය අභිමානවත් 26 වන සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය සිය අභිමානවත් 26 වන සංවත්සරය ත්‍රිකුණාමලයේ පිහිටි විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී 2019 නොවැම්බර් 09 වන දින උත්සවාකාරයෙන් සමරනු ලැබීය.
10 Nov 2019
මකුළුව බුදධසිංහාරම පුරාණ විහාරස්ථානයේ වාර්ෂික කඨින පිංකම සදහා නාවික හමුදාවේ දායකත්වය

ගාල්ල මකුළුව බුදධසිංහාරම පුරාණ විහාරස්ථානයේ වාර්ෂික කඨීන පිංකම මෙවරත්, බොදු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් 2019 නොවැම්බර් මස 08 සහ 09 වන දිනයන්හි පැවති අතර, ඒ සඳහා නාවික හමුදාව සිය දායකත්වය ලබා දෙන ලදී.
10 Nov 2019
දියේ ගිලී මියගිය පුද්ගලයෙකුගේ මෘත දේහය නාවික හමුදාව විසින් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් 08 වන දින පෙහෙඹිය මුහුදු ප්‍රදේශයේ රළට හසු වී අතුරුදහන් වූ තරුණයෙකුගේ මෘත දේහය සොයා ගැනීමට නාවික හමුදාව සමත් විය.
10 Nov 2019