වැදගත් සිදුවීම්
බීඩි කොළ කිලෝග්‍රෑම් 1620 ක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු නීතියේ රැහැනට

නාවික හමුදාව සහ පොලීසිය එක්ව අද (2019 නොවැම්බර් 18) අළුයම මීගමුවට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ මෙහෙයුමක් මඟින් බීඩි කොළ කිලෝග්‍රෑම් 1620 ක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත් අඩංගුවට ගෙන ඇත.
18 Nov 2019
ශ්‍රී දළදා මාලිගාවේ ඉදිරිපස ඇති නුවර වැවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් 17 වන දින ශ්‍රී දළදා මාලිගාවේ ඉදිරිපස ඇති නුවර වැවේ නිතී විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වු පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.
18 Nov 2019
අතහැර දමා තිබූ පුද්ගල නාශක බෝම්බයක් සොයා ගැනේ

නාවික හමුදාව විසින් මාදගල්තුරෙයි සහ සම්බිලිතුරෙයි අතර වෙරළ තීරයේ 2019 නොවැම්බර් 17 වන දින සිදුකල පා මුර සංචාරයකදී පුද්ගල නාශක බෝම්බයක් සොයා ගෙන ඇත.
18 Nov 2019
ශ්‍රී ලංකා සහ චීන නාවික හමුදාව අතර සුහද පැසිපන්දු තරඟාවලියක් කොළඹ දී

නිල සංචාරයක් සඳහා 2019 නොවැම්බර් 14 වන දින කොළඹ වරායට සේන්දු වූ චීන නාවික හමුදාවට අයත් ‘ෂු කේ ෂෙන්’ නෞකාවේ කාර්යය මණ්ඩලය සහ ශ්‍රී ලංකා නාවික හමුදා පැසිපන්දු ක්‍රීඩා කණ්ඩායම අතර සුහද තරඟයක් අද (2019 නොවැම්බර් 16) පවත්වන ලදී.
16 Nov 2019
නාවික හමුදා මෙහෙයුමකින් වෝටර් ජෙල් කූරු 03 ක් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් 15 වන දින නිලාවේලි, නවච්චෝලෙයි ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී මසුන් ඇල්ලීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් සොයා ගැනීමට සමත් විය.
16 Nov 2019
අන්තර්ජාතික ථෙරවාදී ධර්මායතනයේ ස්ථාපිත කරන ලද ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කෙරේ

ආණමඩුව, කරුවලගස්වැව පිහිටි අන්තර්ජාතික ථෙරවාදී ධර්මායතනයේ නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ස්ථාපිත කරන ලද ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු යන්ත්‍රය අද (2019 නොවැම්බර් 15) සන්නද්ධ හමුදා සේනාධිනායක, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් විවෘත කෙරිණි.
15 Nov 2019
නාවික හමුදා මෙහෙයුමක් මගින් බීඩි කොළ කිලෝග්‍රෑම් 975 සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් 14 වන දින ඩෙල්ෆ්ට් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදී බීඩිකොළ කිලෝග්‍රෑම් 975 ක් සොයා ගැනීමට සමත්ව ඇත.
15 Nov 2019
ඇෆ්ගනිස්ථානු තානාපති නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඇෆ්ගනිස්ථානු තානාපති, අෂ්රෆ් හයිදාරි මහතා 2019 නොවැම්බර් 14 වන දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය.
15 Nov 2019
නාවික හමුදාව සහ වෙරළාරක්‍ෂක බලකාය එක්ව වයඹ මුහුදේදී තවත් ඒකාබද්ධ මෙහෙයුමක්

නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව අද (2019 නොවැම්බර් 14) වයඹ මුහුදු ප්‍රදේශයේ සිදු කල ඒකාබද්ධ මෙහෙයුමකින් බීඩි කොළ තොගයක් සමඟ ඉන්දියානු ජාතිකයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගෙන ඇත.
14 Nov 2019
69 වන නාවික හමුදා සංවත්සරයට සමගාමිව කිතුනු ආගමික වැඩසටහනක් කලුවැල්ල දේවස්ථානයේදී

ශ්‍රී ලංකා නාවික හමුදා 69 වන සංවත්සරය 2019 දෙසැම්බර් මස 09 වන දිනට යෙදි ඇති අතර, ඊට සමගාමීව ගාල්ල, කලුවැල්ල කතෝලික දේවස්ථානයේ දේව මෙහෙයක් සහ වෑන්රිත් අනුස්මරණ වැඩිහිටි නිවාසයේ දානමය වැඩසටහනක් අද (2019 නොවැම්බර් 14) පවත්වන ලදි.
14 Nov 2019