වැදගත් සිදුවීම්
ශ්‍රී ලංකා නාවික හමුදා 69 වන සංවත්සරයට සමගාමීව ලේ දන්දීමේ වැඩසටහනක් කොළඹදී

නාවික හමුදාව විසින් 2019 දෙසැම්බර් 04 වන දින ලේ දන්දීමේ වැඩසටහනක් වැලිසර පිහිටි නාවික මහ රෝහල් පරිශ්‍රයේදී සිදු කෙරිණි.
05 Dec 2019
ජාතික ඩෙංගු මර්ධන වැඩසටහන සඳහා නාවික හමුදා සහාය

ජාතික ඩෙංගු මර්ධන ඒකකය, ජනාධිපති කාර්ය සාධක බලකාය එක්ව දැනට ක්‍රියාත්මක ඩෙංගු මර්ධන වැඩසටහන් සඳහා නාවික හමුදාව 2019 දෙසැම්බර් 02 වන දින සිට 04 වන දින දක්වා සිය සක්‍රීය දායකත්වය ලබා දෙන ලදි.
05 Dec 2019
මහජන චීන සමුහආණ්ඩු හමුදා නියෝජිතයින් පිරිසක් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

මහජන චීන සමුහආණ්ඩු හමුදා නියෝජිතයින් පිරිසක් 2019 දෙසැම්බර් 03 වන දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය.
05 Dec 2019
මෙරටින් මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ වෙනුවෙන් නාවික හමුදා සහ පොලිස් ඒකාබද්ධ මෙහෙයුමක්

නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2019 දෙසැම්බර් 04 වන දින සිදුකල ඒකාබද්ධ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ලඟ තබා ගත් පුද්ගලයින් තිදෙනෙකු (03) අත් අඩංගුවට ගෙන ඇත.
05 Dec 2019
අයහපත් කාලගුණයෙන් විපතට පත් ප්‍රදේශ වල ජනතාව සඳහා නාවික හමුදා සහාය

මේ දින වල ශ්‍රී ලංකාවට බලපා ඇති අයහපත් කාළගුණික තත්වයෙන් විපතට පත් ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත නාවික හමුදාව මේ වන විට සහන සැළසීමේ කටයුතු සිදු කරමින් සිටී.
05 Dec 2019
මෝර වරල් තොගයක් සමඟ පුද්ගලයින් හයදෙනෙකු (06) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2019 දෙසැම්බර් 03 වන දින කල්පිටිය, කුඩාව සහ අම්මාතොට්ටම් ප්‍රදේශයන්හි සිදු කළ වැටලිම්වලදී මෝර වරල් තොගයක් සමඟ පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.
04 Dec 2019
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනෙකු (03) නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදා සහාය

පුත්තලම දිස්ත්‍රික්කයට අයත් පාලවිය, උළුක්කපල්ලම් ප්‍රදේශයේ 2019 දෙසැම්බර් 03 වන දින සිදුකල වැටලීමකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනෙකු (03) නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදාව සිය දායකත්වය සපයන ලදී.
04 Dec 2019
නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් නවදෙනෙකු (09) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2019 දෙසැම්බර් 03 වන දින කල්පිටිය, කිඹුල්බොක්ක ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමක දී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් නවදෙනෙකු (09) නාවික හමුදා භාරයට ගෙන ඇත.
04 Dec 2019
ආරක්‍ෂක අංශයේ නිල ඇදුම් තොගයක් සමඟ සැකකරුවෙකු අත් අඩංගුවට

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2019 දෙසැම්බර් 03 වන දින වත්තල ප්‍රදේශයේදී ආරක්‍ෂක අංශ විසින් භාවිතා කරනු ලබන නිල ඇදුම් තොගයක් සමඟ පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන ඇත.
04 Dec 2019
ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘නිරීක්ෂක්’ නෞකාව සාර්ථක සංචාරයකින් පසු ත්‍රිකුණාමලය වරායෙන් පිටත්වෙයි

පුහුණු සංචාරයක් සඳහා 2019 නොවැම්බර් 25 වන දින මෙරටට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘නිරීක්ෂක්’ නෞකාව අද (2019 දෙසැම්බර් 03) ත්‍රිකුණාමලය වරායෙන් පිටත් විය. එහිදී, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවට සමුදෙන ලදී.
03 Dec 2019