වැදගත් සිදුවීම්

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය දක්ෂිණ මණ්ඩපයේ ශ්‍රවණාගරය නාවික හමුදාධිපති විසින් විවෘත කෙරේ

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය දක්ෂිණ මණ්ඩපයේ ශ්‍රවණාගරය 2019 අගෝස්තු 04 වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් විවෘත කෙරුණි.

05 Aug 2019

තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට නාවික හමුදා දායකත්වය

තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය මෙවරත්, කිතුනු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් 2019 අගෝස්තු 04 වන දින උදැසන පැවති අතර, ඒ සඳහා නාවික හමුදාව සිය දායකත්වය ලබා දෙන ලදී.

05 Aug 2019

කොමාණ්ඩර් අනුර ද සොයිසා ශ්‍රීලංනානෞ ‘රණජය’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග අවි යාත්‍රාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘රණජය’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (සංඥා) අනුර ද සොයිසා අද (අගෝස්තු 05) වැඩ භාර ගන්නා ලදී.

05 Aug 2019

කේරළ ගංජා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් එක්ව අද (අගෝස්තු 04) වෙත්තලකර්නි, මරදන්කේණි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 10.4 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

04 Aug 2019

නාවික හමුදාව විසින් කරෛයිනගර්, කැසුරිනා වෙරළ තීරයේ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වයි

උතුරු නාවික විධානයට අයත් වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ තවත් වැඩසටහනක් උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවීර ගේ උපදෙස් මත අද (අගෝස්තු 04) සාර්ථකව පවත්වන ලදී.

04 Aug 2019

236 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 366 දෙනෙකු විසිර යති

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 236 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 366 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට 2019 අගෝස්තු 03 වන දින විසිර යන ලදී. පුනෑව, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ පැවති එම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් නිරාජ ආටිගල සහභාගී විය.

04 Aug 2019

තවත් ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු යන්ත්‍රයක් ජනතා අයිතියට පත් කෙරේ

ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු යන්ත්‍රයක් අනුරාධපුර, ගල්කුලම ප්‍රදේශයේ පිහිටි ශ්‍රි බෝධිමඵව විහාර පරිශ්‍රයේදී 2019 අගෝස්තු 03 වන දින රියර් අද්මිරාල් (විශ්‍රාමික) ලක්‍ෂමන් ඔබේසේකර ගේ ප්‍රදානත්වයෙන් විවෘත කෙරිණි.‍

04 Aug 2019

සුන්දර වෙරළ තීරය රැක ගැනීම වෙනුවෙන් නාවික හමුදා දායකත්වය

ශ්‍රී ලංකාව වටා වූ සුන්දර වෙරළ තීරය රැක ගැනීම අරමුණු කර ගනිමින් නාවික හමුදාව ක්‍රියාත්මක කරගෙන යනු ලබන වැඩසටහන් මලාවේ තවත් එක් පියවරක් අද (අගෝස්තු 03) දකුණු නාවික විධානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලදී.

03 Aug 2019

‘ශ්‍රී නාගපූසානි අම්මාන්’ කොවිලේ වාර්ෂික ‘ආදිපුරම් පූජාව’ පැවැත්වීමට නාවික හමුදාව සහාය

නයනතිව් දූපතේ පිහිටි ‘ශ්‍රී නාගපූසානි අම්මාන්’ කෝවිලේ වාර්ෂිකව පවත්වනු ලබන ‘ආදිපුරම් පූජාව’ අද (අගෝස්තු 03) පැවැති අතර, එම උත්සවය සාර්ථක කර ගැනීම සඳහා උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් සිය දායකත්වය සපයන ලදී.

03 Aug 2019

නාවික හමුදාව මඩකළපුව කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් 08 ක් සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (අගෝස්තු 03) මඩකළපුව, කළපු ප්‍රදේශයෙදී අඩි 100 ක් දිගැති තහනම් ධීවර දැල් 08 ක් සොයා ගැනීමට සමත්ව ඇත.

03 Aug 2019