වැදගත් සිදුවීම්

බෙහෙත් කොටන තුවක්කුවක් සමඟ සැකකරුවෙකු නාවික හමුදා භාරයට

නාවික හමුදාව සහ හම්බන්තොට වනජීවි දේපාර්තමේන්තුව එක්ව අද (අගෝස්තු 19) හම්බන්තොට, සංහිදගම ප්‍රදේශයේ සිදු කළ ‍සෝදිසි කිරීමකදී බෙහෙත් කොටන තුවක්කුවක් සමඟ සැකකරුවෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

19 Aug 2019

ගාලු මුහුදේදී අත් අඩංගුවට පත් බහුදින ධීවර යාත්‍රාවේ තිබී තවත් මත් දුව්‍ය තොගයක් නාවික හමුදාව විසින් සොයා ගනී

පසුගිය ජූලි මස 11 වන දින නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවට දකුණු දිග මුහුදේ දී සැක පිට නාවික හමුදා බාරයට ගත් ඉරාන ජාතිකයින් 06 දෙනා සහ ඔවුන්ට අයත් විදේශීය ධීවර යාත්‍රාව පරීක්ෂා කිරීමේදී හෙරොයින් කි.ග්‍රෑ. 70 කට ආසන්න තොගයක් සොයා ගැනීමට නාවික හමුදාව සමත් විය.

18 Aug 2019

අනවසර සංක්‍රමණිකයින් දොලොස් දෙනෙකු (12) නාවික හමුදා භාරයට

නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරට සිට ඕස්ට්‍රේලියාව බලා පලා යාමට උත්සාහ කළ ශ්‍රීලාංකීක පුද්ගලයින් දොලොස් දෙනෙකු (12) 2019 අගෝස්තු 17 වන දින නාවික හමුදා භාරයට ගන්නා ලදී.

18 Aug 2019

පුපුරණ ද්‍රව්‍ය යොදා ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් හත්දෙනෙකු (07) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 අගෝස්තු 17 වන දින ත්‍රිකුණාමලය, නොර්වේ දූපත ආසන්න මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් හත්දෙනෙකු (07) නාවික හමුදා බාරයට ගෙන ඇත.

18 Aug 2019

නාවික හමුදා මෙහෙයුම් මඟින් බීඩි කොළ කිලෝග්‍රෑම් 700.3 සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 අගෝස්තු 17 වන දින යාපනය, පුංගුඩුතිව් ප්‍රදේශයේ සහ උතුරු මුහුදේ සිදු කළ සෝදිසි කිරීම්වලදි බීඩිකොළ තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත.

18 Aug 2019

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව 2019 අගෝස්තු 17 වන දින කල්පිටිය, මාම්පුරි ප්‍රදේශ‍යේ සිදු කළ සෝදිසි කිරීමකදී කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු (01) අත්අඩංගුවට ගෙන ඇත.

18 Aug 2019

සුන්දර වෙරළ තීරය සුරක්‍ෂිත කිරීමට නාවික හමුදා දායකත්වය

වෙරළ තීරයන් ආරක්‍ෂා කර ගැනීම හා සංරක්‍ෂණය කර ගැනීමේ අරමුණින් නාවික හමුදාව ක්‍රියාත්මක කරගෙන යනු ලබන තවත් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2019 අගෝස්තු 17 වන දින දකුණු වෙරළ තීරයන් ආශ්‍රිතව පවත්වන ලදී.

18 Aug 2019

උතුරු මැද නාවික විධානය ලේ දන්දීමේ ක‍ඳවුරක් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදා උතුරු මැද විධාන නාවික රෝහල සහ මන්නාරම දිස්ත්‍රික් මහ රෝහල එක්ව ලේ දන්දීමේ කඳවුරක් 2019 අගෝස්තු මස 17 වන දින මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ දි පැවැත්විය.

18 Aug 2019

නීති විරෝධී මත්පැන් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදාව බාරයට

නාවික හමුදාව විසින් 2019 අගෝස්තු 16 වන දින පුල්මුඩේ, කෝකිලායි ප්‍රදේශයේදී දේශිය මත්පැන් ලිටර් 152 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන ඇත.

17 Aug 2019

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසල මහා පෙරහැරේ දියකැපීමේ උත්සවයට නාවික හමුදා දායකත්වය

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සහ සතර මහා දේවාලයන්හි අවසන් ඇසළ මහා පෙරහැරට සමගාමිව පේරාදෙණිය ගැටඹේ දියකපනාතොටේදී 2019 අගෝස්තු 15 වන දින දියකැපීමේ උත්සවය පැවැති අතර, ඒ සඳහා නාවික හමුදාව සිය දායකත්වය සපයන ලදී.

16 Aug 2019