වැදගත් සිදුවීම්
නාවික හමුදාව මඟින් ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ආරච්චිකට්ටුවේදී ජනතා අයිතියට

නාවික හමුදා තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සහ සන්ෂයින් ෆවුන්ඩේෂන් ෆෝ ගුඩ් හා සන්ෂයින් හෝල්ඩින් පුද්ගලික සමාගමේ මූල්‍ය දායකත්වයෙන්, පුත්තලම දිස්ත්‍රීක්කයේ ආරච්චිකට්ටුව ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ හලා/හැළඹවටවන ජාතික පාසලේ ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය (01) ජනතා අයිතියට පත්කිරීම, 2025 අගෝස්තු මස 21 වැනි දින සිදු කෙරිණි.
22 Aug 2025
‘USS Santa Barbara’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Santa Barbara’ (LCS32) නෞකාව, අද (2025 අගෝස්තු 21) දිවයිනෙන් පිටත් වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකුලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.
21 Aug 2025
‘Commandant’s Cup Sailing Regatta - 2025’ ත්‍රීකුණාමලය සැන්ඩි බේ මුහුදු තීරයේදී ආරම්භ වෙයි

ක්‍රීඩාවෙන් ගොඩනැගෙන ජාත්‍යන්තර සබඳතා තුළින්, නාවික ශිල්පයේ විශිෂ්ඨත්වය සහ විදේශීය මිත්‍ර රාජ්‍යයන්ගේ නාවික හමුදා අතර පවත්නා සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ, ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨය මඟින් පස්වන වරට (05) සංවිධානය කරනු ලබන, ‘Commandant’s Cup Sailing Regatta - 2025’ රුවල් යාත්‍රා තරඟාවලිය, දේශිය හා විදේශීය පුහුණුවන නාවික හමුදා නිලධාරීන්ගේ සහභාගිත්වයෙන්, 2025 අගෝස්තු මස 20 දින ත්‍රීකුණාමලය සැන්ඩි බේ මුහුදු තීරයේදී ආරම්භ විය.
21 Aug 2025
ශ්‍රී ලංකා - ඉන්දීය නාවික හමුදාවන්ගේ මෙහෙයුම් සූදානම ශක්තිමක් කරමින් SLINEX -25 ඒකාබද්ධ අභ්‍යාසය සාර්ථකව නිමාවට පත් වෙයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දොළොස්වෙනි (12) වරට පැවැත්වූ ද්විපාර්ශවික නාවික අභ්‍යාසය, SLINEX -25, කොළඹට ඔබ්බෙන් ශ්‍රී ලංකාවට බටහිරින් වු මුහුදු තීරයේදී 2025 අගෝස්තු මස 18 වැනි දින සාර්ථකව නිමාවට පත්විය.
19 Aug 2025
රාජාංගණය ජලාශයයේ අක්‍රීය සොරොව් දොරටුව අළුත්වැඩියාව සඳහා නාවික හමුදා කිමිදුම් සහය

අනුරාධපුරය, රාජාංගණය ජලාශයේ අක්‍රීය තත්වයේ පැවති සොරොව් දොරටුව අළුත්වැඩියා කර නැවත ක්‍රියාකාරී තත්වයට පත් කිරීම සඳහා, 2025 අගෝස්තු මස 15 සහ 16 දෙදින කිමිදුම් සහාය ලබා දීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
18 Aug 2025
ශ්‍රී ලංකා - ඉන්දියා ද්විපාර්ශවික නාවික අභ්‍යාසයේ මුහුදු අධියර ආරම්භ වෙයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දොලොස් (12) වැනි වරට පැවැත්වෙන ද්විපාර්ශවික නාවික අභ්‍යාසයේ (SLINEX - 25) මුහුදු අධියර, අද (2025 අගෝස්තු 17) කොළඹට ඔබ්බෙන්, ලංකාවට බටහිරින් වූ මුහුදු තීරයේදී ආරම්භ විය.
17 Aug 2025
එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Santa Barbara’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා කොළඹ වරායට පැමිණෙයි

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Santa Barbara (LCS32)’ සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අද (2025 අගෝස්තු 16) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව, නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම සිදුකෙරිණි.
16 Aug 2025
ශ්‍රී ලංකා - ඉන්දියා ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසය (SLINEX -25) කොළඹදී ආරම්භ වෙයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දොලොස් (12) වැනි වරට පැවැත්වෙන ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසයේ (SLINEX - 25) සමාරම්භය, ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් Dr. Satyanjal Pandey මහතාගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ ගේ සහභාගීත්වයෙන්, අද (2025 අගෝස්තු 14) කොළඹ වරාය පරිශ්‍රයේ, ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාවේදී සිදුකෙරිණි.
14 Aug 2025
SLINEX - 25 ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසයට සහභාගීවීම සඳහා ‘INS Jyoti’ සහ ‘INS Rana’ නෞකා කොළඹ වරායට පැමිණෙයි

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දොලොස් (12) වැනි වරට පැවැත්වෙන ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසය (SLINEX – 25) සඳහා සහභාගී වීම සඳහා, ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Jyoti’ සහ ‘INS Rana’ නෞකා, අද (2025 අගෝස්තු 14) කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකා, නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
14 Aug 2025
නාවික හමුදාව මඟින් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ජනතා අයිතියට

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වය ඇතිව, ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය දායකත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රීක්කයේ කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඕලුකරඳ ග්‍රාමයේ ස්ථාපනය කල ප්‍රථිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය (01) 2025 අගෝස්තු මස 13 වැනි දින ජනතා අයිතියට පත් කෙරිණි.
14 Aug 2025