වැදගත් සිදුවීම්
අධික වර්ෂාව හේතුවෙන් ආපදාවට පත් සිවිල් වැසියන් හට නාවික හමුදා සහාය

අධික වර්ෂාව හේතුවෙන් පුත්තලම, රන්දියගම ප්‍රදේශය වැසි ජලයෙන් යට වී ප්‍රදේශයේ සිවිල් වැසියන් ආපදාවට ලක්වී සිටින අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහන සැලසීම වෙනුවෙන් 2019 දෙසැම්බර් 11 වන දින සිට සහන මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී.
12 Dec 2019
සාර්ථක සංචාරයකින් අනතුරුව ජපාන නාවික හමුදාවට අයත් ‘ඩීඩී-102 හරුසාමේ’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

2019 දෙසැම්බර් 10 වන දින ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් ‘ඩීඩී-102 හරුසාමේ’ නෞකාව අද දින (2019 දෙසැම්බර් 12) සිය තෙදින නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් ත්‍රිකුණාමලය වරායෙන් පිටත් විය.
12 Dec 2019
නීති විරෝධී ලෙස රාත්‍රි කාලයේ මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් මන්නාරම, පල්ලේමුණේ වෙරළ තීරයේ අද (2019 දෙසැම්බර් 12) අළුයම සිදු කල මුර සංචාරයක් අතරතුරදී නීතී විරෝධී ලෙස රාත්‍රි කාලයේ මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා බාරයට ගැනීමට සමත්ව ඇත.
12 Dec 2019
රියර් අද්මිරාල් සූජීව පෙරේරා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ හිටපු ආඥාපති, රියර් අද්මිරාල් සූජීව පෙරේරා සිය වසර 35 ක නාවික සේවය නිමා කරමින් 2019 දෙසැම්බර් 11 වන දින විශ්‍රාම යන ලදී.
12 Dec 2019
ග්‍රෙගරි වැවේ ‘Jet Ski’ යාත්‍රාවක් පෙරලීමෙන් අනතුරට පත් පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගැනේ

නුවරඑළිය ග්‍රෙගරි වැවේ විනෝදය පිනිස ‘Jet Ski’ ජල ක්‍රීඩාවේ නිරතව සිටියදී අනතුරට පත් පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදාව විසින් 2019 දෙසැම්බර් 10 වන දින බේරා ගැනීමට සමත් විය.
11 Dec 2019
නාවික හමුදා “නීල හරිත සංග්‍රාමය” වෙනුවෙන් චීන තානාපති කාර්යාලය පාපැදි සහ විදුලි මෝටර් රථ ප්‍රදානය කෙරේ

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ නිර්මාණශීලී සංකල්පයක් මත ගොඩනැගුණු ‘නීල හරිත සංග්‍රාමය’ ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලය විසින් නාවික හමුදාව වෙත පාපැදි සහ විදුලි බලයෙන් ක්‍රියාත්මක කල හැකි මෝටර් රථ කිහිපයක් 2019 දෙසැම්බර් 10 වන දින නාවික හමුදා මූලස්ථානයේදී ප්‍රදානය කරන ලදී.
11 Dec 2019
වයඹ නාවික විධානයේ නව දන්ත ශල්‍යාගාර ගොඩනැගිල්ල විවෘත කෙරේ

වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘තම්බපණ්ණි’ ආයතනයේ අභිනවයෙන් ඉදිකරන ලද නව දන්ත ශල්‍යාගාරය 2019 දෙසැම්බර් 10 වන දින වයඹ නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් රුවන් පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
11 Dec 2019
ජ්‍යේෂ්ඨ නාවිකයින් 100 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යේෂ්ඨ නාවිකයින් 100 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලී රහිත ණය මුදල් ලබා දීම 2019 දෙසැම්බර් 10 වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදාධිපතිතුමාගේ කාර්යාලයේදී සිදු කෙරුණි.
11 Dec 2019
කපිතාන් ප්‍රභාත් රතුගමගේ ශ්‍රීලංනානෞ ‘සමුදුර’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘සමුදුර’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් (සංඥා) ප්‍රභාත් රතුගමගේ 2019 දෙසැම්බර් මස 10 වන දින වැඩ භාර ගන්නා ලදී.
11 Dec 2019
ශ්‍රීලංනානෞ ‘සුරනිමිල’ සහ ශ්‍රීලංනානෞ ‘නන්දිමිත්‍ර’ නෞකාවන් සිය අභිමානවත් 19 වන සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මිසයිල නෞකාවන් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘සුරනිමිල’ සහ ශ්‍රී ලංකා නාවික නෞකා ‘නන්දිමිත්‍ර’ යන නෞකාවන් 2019 දෙසැම්බර් 09 වන දින සිය අභිමානවත් 19 වන සංවත්සරය සමරන ලදී.
10 Dec 2019