වැදගත් සිදුවීම්

නාවික හමුදාව යාපනය ප්‍රදේශයේ ආගමික ස්ථාන සහ නිවාස කේන්ද්‍ර කර ගනිමින් විෂබීජහරණ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා යාපනය අර්ධද්වීපයේ චුන්නාක්කම් ප්‍රදේශයේ ආගමික ස්ථාන සහ නිවාස කේන්ද්‍ර කර ගනිමින් විසබීජහරණ වැඩසටහනක් 2020 මාර්තු 23 වන දින ක්‍රියාත්මක කරන ලදි.

24 Mar 2020

කොළඹ ජාතික රෝහලෙහි වෛද්‍ය දැඩි සත්කාර ඒකකය නාවික හමුදාව විසින් අළුත්වැඩියා කිරීම ආරම්භ කෙරේ.

කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය දැඩිසත්කාර ඒකකයේ කොරෝනා වෛරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරීමට හැකිවන පරිදි අළුත්වැඩියා කිරීම ආරම්භ කිරීමට නාවික හමුදාව අද (2020 මාර්තු 23) කටයුතු කරන ලදි.

23 Mar 2020

ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රය විෂබීජ හරණ කටයුතු නාවික හමුදාව විසින් සිදුකරයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 23) ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් විෂබීජ හරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි

23 Mar 2020

කැස්බෑ මස් සහ බිත්තර තොගයක් සමග සැකකරුවන් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 23) ත්‍රිකුණාමලය, සීනන්වේලි වෙරළ තීරයේ සිදුකල සෝදිසි ‍මෙහෙයුමකදී කැස්බෑ මස් සහ කැස්බෑ බිත්තර තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

23 Mar 2020

ගෝඩා බැරල් පහක් (05) සමඟ පුද්ගලයින් තිදෙනෙක් නාවික හමුදා භාරයට.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 මාර්තු 22 වන දින, ත්‍රිකුණාමලය, ඉලන්කාන්තෙයි ප්‍රදේශයේ සිදු කල මුර සංචාරයකදී නීති විරෝධි මත්පැන් නිශ්පාදනය සඳහා භාවිතා කරන ගෝඩා සහිත බැරල් පහක් (05) සමඟ පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

23 Mar 2020

කේරළ ගංජා කිලෝ 76 කට ආසන්න තොගයක් නාවික හමුදා භාරයට.

ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 මාර්තු 22 වන දින තලෙයිමන්නාරම ප්‍රදීපාගාරයට උතුරු මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මුහුදේ පාවෙමින් තිබූ කිලෝ 76 කට අධික තෙත බර සහිත කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

23 Mar 2020

ගාල්ල වරාය තුළ යාත්‍රාවන් විෂබීජ හරණයට නාවික හමුදා දායකත්වය.

නව කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් ගාල්ල වරාය තුළ ඇති යාත්‍රාවන්හි විෂබීජ හරණය කිරීම අද (2020 මාර්තු 22) දින සිදු කරන ලදි.

22 Mar 2020

නාවික හමුදාව රාගම රෝහල කොරෝනා වෛරසය ආසාධිත රෝගින්ට ප්‍රතිකාර කිරීමට හැකිවන පරිදි අළුත්වැඩියා කිරීම ආරම්භ කෙරේ.

රාගම, උතුරු කොළඹ ශික්‍ෂණ රෝහල කොරෝනා වෛරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරීමට හැකිවන පරිදි අළුත්වැඩියා කිරීම ආරම්භ කිරීමට නාවික හමුදාව අද (2020 මාර්තු 22) කටයුතු කරන ලදි.

22 Mar 2020

රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ නව ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදා මුලස්ථානයේදී අද (2020 මාර්තු 22) වන දින වැඩ භාර ගන්නා ලදී.

22 Mar 2020

වෙළඳ නෞකා වල සමුද්‍ර ආරක්‍ෂක නිලධාරීන් මගින් නව කොරෝනා වෛරසය රට තුළට ඇතුල්වීම වැලැක්වීම සඳහා නාවික හමුදාවෙන් විශේෂ වැඩපිළිවෙලක්

මෙම සමුද්‍ර ආරක්‍ෂක නිලධාරීන් වෙළඳ නෞකාවලට ගොඩවීම සහ නෞකා වලින් ගොඩ බැසීමේ ක්‍රියාවලිය ශ්‍රී ලංකා ‍නාවික හමුදාව, එම නෞකා වල දේශීය නියෝජිතයින් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව නිර්මාණය කරන ලද ක්‍රියාදාමයක් අනුව නාවික හමුදාවේ පූර්ණ අධික්‍ෂණය යටතේ සිදු වේ.

22 Mar 2020