වැදගත් සිදුවීම්

නාවික හමුදාව විසින් තවත් විෂබීජහරණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් කිහිපයක් 2020 අප්‍රේල් 12 වන දින සහ 16 වන දින කොළඹ තඨාකාංගනය, කොළඹ වරායට ඇතුළුවන සියළුම දොරටු පරිශ්‍රයන්, වරකාපොල මූලික රෝහල සහ පුත්තලම සහිරා මුස්ලිම් විද්‍යාලය යන ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු කරන ලදි.

17 Apr 2020

බලපත්‍ර රහිතව හක් බෙල්ලන් ළඟ තබා ගෙන සිටි පුද්ගලයෙක් (01) නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මන්නාරම, සහකාර ධීවර පරීක්‍ෂක කාර්යාලය හා එක්ව 2020 අප්‍රේල් 16 වන දින මන්නාරම, කරිසල්පාඩු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධි ලෙස හක් බෙල්ලන් ලඟ තබාගෙන සිටි සැකකරුවෙක් (01) අත්අඩංගුවට ගන්නා ලදි.

17 Apr 2020

ගංජා ලග තබාගත් පුද්ගලයෙක් (01) නාවික හමුදා භාරයට

නාවික හමුදාව, පොලීසිය හා එක්ව 2020 අප්‍රේල් 16 වන දින මන්නාරම, ඉලුප්පුකඩවායි ප්‍රදේශයේදී ගංජා සමග පුද්ගලයෙක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

17 Apr 2020

නීති විරෝධී මත්පැන් සහ මදනමෝදක සමඟ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 අප්‍රේල් 16 වන දින බත්තුලුඔය, කොත්තන්තිවු ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී මත්පැන් සහ මදන මෝදක සමග පුද්ගලයෙකු සිය භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

17 Apr 2020

නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙක් (04) නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

නාවික හමුදාව විසින් 2020 අප්‍රේල් 16 වන දින කොකිලායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර නීති විරෝධි දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් සිව් දෙනෙක් (04) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.

17 Apr 2020

නීති විරෝධී දේශීය මත්පැන් නිශ්පාදනය කල කාන්තාවක් (01) නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 අප්‍රේල් 15 වන දින කල්පිටිය උච්චමුණෙයි ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී දේශීය මත්පැන් නිෂ්පාදනය කරනු ලබන ස්ථානයක් වටලා එහි සිටි කාන්තාවක් (01) සමග දේශීය මත්පැන් තොගයක් සිය භාරයට ගැනීමට සමත් විය.

16 Apr 2020

හෙරොයින් සමඟ සැකකරුවන් අට දෙනෙකු නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

නාවික හමුදාව සහ මන්නාරම, දිසා දූෂණ මර්ධන ඒකකය එක්ව 2020 අප්‍රේල් 15 වන දින මන්නාරම, සවුත්බාර් ප්‍රදේශයේදී හෙරොයින් සමඟ සැකකරුවන් අට දෙනෙක් (08) අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

16 Apr 2020

ජ්‍යාත්‍යන්තර වෙළඳ නෞකාවක රාජකාරි කරමින් සිට රෝගී වූ ඉන්දියානු ජාතිකයෙකු නාවික හමුදාව විසින් ආරක්‍ෂිතව කොළඹ වරායට ගෙන ඒමට කටයුතු කරයි.

ජාත්‍යන්තර වෙළඳ නෞකාවක් වන MV Menkar නෞකාවේ සේවය කල ඉන්දියානු ජාතික නාවිකයෙකු අසනීප තත්වයක් හේතුවෙන් ආරක්‍ෂිතව කොළඹ වරායට ගෙන ඒමට නාවික හමුදාව 2020 අප්‍රේල් 15 වන දින සිය සහාය ලබා දෙන ලදි.

16 Apr 2020

බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි තවත් 11 දෙනෙක් නිරෝධායන කටයුතු අවසන් කර ඉන් පිටව යයි.

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායනය කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 11 දෙනෙකු අද (2020 අප්‍රේල් 16) එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදි.

16 Apr 2020

නාවික හමුදාව විසින් නෙවිල් ප්‍රනාන්දු රෝහලෙහි කොරෝනා ආසාදිතයින් සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පහසුකම් පුළුල් කෙරේ.

කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට රට තුළ ඇති වී තිබෙන තත්වය තුළ එම රෝගීන් සඳහා වඩාත් ආරක්‍ෂිතව සහ ඵලදායී ලෙස ප්‍රතිකාර ලබා දීම සඳහා නාවික හමුදාව විසින් නව තාක්‍ෂණය උපයෝගී කර ගනිමින් සිදු කරන ලද අළුත්වැඩියාවන් සහ උපකරණ කොරෝනා ආසාධිත ගර්භනී මව්වරුන් හට ප්‍රතිකාර ලබා දීමේ රෝහලක් ලෙස රජය මගින් නවීකරණය කර ඇති නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙත නිල වශයෙන් ලබා දීම 2020 අප්‍රේල් 15 වන දින සිදු කරන ලදි.

16 Apr 2020