වැදගත් සිදුවීම්

ලෝක ඒඩ්ස් දිනය වෙනුවෙන් නාවික හමුදා පුද්ගලයින් දැනුවත් කිරීමේ වීදී නාට්‍යයක්

ලෝක ඒඩ්ස් දිනය වෙනුවෙන්, නාවික හමුදා පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් මානව ප්‍රථිශක්තී ඌණතා වෛරසය හා ඒඩ්ස් (Human Immunodeficiency Virus - HIV/ Acquired Immunodeficiency Syndrome - AIDS) පිළිබඳව දැනුවත් කිරීමේ වීදි නාට්‍යක් 2024 දෙසැම්බර් මස 06 වැනි දින ත්‍රීකුණාමලය, නාවික තටාකාංගනය පරිශ්‍රයේදී පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

12 Dec 2024

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන 05 ක් ජනතා අයිතියට

ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන මත, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය සහ නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් නිපදවන ලද ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු යන්ත්‍ර 31 ක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථාන 31 ක ස්ථාපනය කිරීමේ විශේෂ ව්‍යාපෘතිය යටතේ, තලාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ කරුඳුවැව හා කැලේසියඹලාව, තඹුත්තේගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ කුඩාබිලිවැව, කිත්සිරි සහ ගඟසිරිපුර යන ප්‍රදේශයන්හි ස්ථාපනය කරන ලද ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන පහක් (05) ජනතා අයිතියට පත් කිරීම, 2024 දෙසැම්බර් මස 10 වැනි දින සිදු කෙරිණි.

11 Dec 2024

පූජ්‍ය Thich Phuoc Tan ඇතුළු කණ්ඩායමක් නැංගුරම නාවික සුවසහන මධ්‍යස්ථානයේ සංචාරයක

ඕස්ට්‍රේලියාවේ පූජ්‍ය Thich Phuoc Tan ගේ ප්‍රධානත්වයෙන් යුත් සාමාජිකයින් 42 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් 2024 දෙසැම්බර් මස 10 වැනි දින වැලිසර “Anchorage” නාවික සුවසහන මධ්‍යස්ථානයේ සංචාරයක නිරතවූ අතර, රණක්‍ෂිතයට පත්ව, නාවික සුවසහන මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රථිකාර ලබන නාවික හමුදා රණවිරුවන්ගේ සුභසාධන පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන් හා ඔවුන්ගේ ජීවන තත්වය ඉහළ නැවීම වෙනුවෙන් මූල්‍යාධාර ලබාදීම එහිදී පූජ්‍ය Thich Phuoc Tan විසින් සිදු කෙරිණි.

11 Dec 2024

74 වැනි නාවික හමුදා දිනය වෙනුවෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා අනුරාධපුර සඳහිරු සෑයේ ආලෝක පූජාවක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 74 වැනි සංවත්සරය නිමිත්තෙන් අනුරාධපුර සඳහිරු සෑ රදුන් ආලෝකමත් කිරීමේ ආලෝක පූජාවක්, 2024 දෙසැම්බර් මස 09 වැනි දින උතුරු මැද නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු මංගල මුම්මුල්ලගේ ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

11 Dec 2024

ප්‍රංශයේ ආරක්‍ෂක හා සුරක්‍ෂිතතා සහයෝගිතාවය පිළිබඳ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂක නාවික හමුදාධිපති හමුවෙයි

ප්‍රංශයේ ආරක්‍ෂක හා සුරක්‍ෂිතතා සහයෝගිතාවය පිළිබඳ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂක (Deputy Director of the Defence and Security Cooperation Department) Jerome BRESSON මහතා සහ ඉන්දියාවේ නවදිල්ලියේ පිහිටි ප්‍රංශ තානාපති කාර්යාලයට අනුයුක්තව, ශ්‍රී ලංකාවේ ප්‍රංශ නාවික උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කර්නල්, Emmanuel PELTRIAUX ඇතුළු ප්‍රංශ දූත පිරිසක් නිල හමුවක් සඳහා 2024 දෙසැම්බර් මස 10 වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

11 Dec 2024

ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ නව නාවික උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ නව නාවික උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන ජ්‍යේෂ්ඨ කපිතාන් ZHENG Zhaoping 2024 දෙසැම්බර් මස 10 වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

11 Dec 2024

නාවික හමුදාව මඟින් ඇඹිලිපිටිය ප්‍රදේශයේ දන්ත සෞඛ්‍ය කඳවුරක් පවත්වයි

නාවික හමුදාවේ සමාජ සත්කාර්යයක් ලෙස, නාවික හමුදා දන්ත වෛද්‍ය සේවාව, නාවික හමුදා සේවා වනිතා ඒකකය සහ Good Neighbours Foundation (Guarantee) Limited ආයතනය එක්ව සංවිධානය කරනු ලබන දන්ත සෞඛ්‍ය කඳවුරු මාලාවේ තවත් අධියරක් ඇඹිලිපිටිය ප්‍රදේශයේ මෝදරවාන සහ තෝරකොලයාය යන විද්‍යාලයන්හිදී 2024 දෙසැම්බර් මස 05 සහ 06 දෙදින සාර්ථකව පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

10 Dec 2024

නාවික හමුදාධිපති නිල හමුවක් සඳහා ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අද (2024 දෙසැම්බර් 10) ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී, ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මැතිතුමා හමුවීමට කටයුතු කෙරිණි.

10 Dec 2024

74 වැනි නාවික හමුදා දිනය වෙනුවෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා ශ්‍රී දළඳා සමිඳුන් උදෙසා ගිලන්පස බුද්ධ පූජාවක් සහ දානමය පුන්‍යකර්මයක් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 74 වැනි සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා සර්ව ආගමික වැඩසටහන් මාලාවක් සංවිධානය කෙරුණු අතර, එම ආගමික වැඩසටහන් මාලාවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා සමිඳුන් උදෙසා ගිලන්පස බුද්ධ පූජාව පැවැත්වීම 2024 දෙසැම්බර් මස 08 වැනි දින සහ දළඳා සමිඳුන් උදෙසා දානමය පුණ්‍යකර්මය පැවැත්වීම අද (2024 දෙසැම්බර් 09) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් හා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ළමාහේවා මැතිණියගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි.

10 Dec 2024

ශ්‍රී ලංකා නාවික හමුදාව 74 වැනි සංවත්සරය අභිමානවත්ව සමරයි

ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 74 වැනි සංවත්සරය ‍2024 දෙසැම්බර් මස 09 වැනි දින අභිමානවත්ව සමරනු ලබන අතර, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදේශකත්වය හා මඟපෙන්වීම යටතේ සෑම නාවික විධානයකම නාවික සම්ප්‍රදායන් සහ ආගමික කටයුතු සඳහා මුල්තැනක් දෙමින් 74 වැනි සංවත්සරය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු සංවිධානය කර ඇත.

09 Dec 2024