වැදගත් සිදුවීම්
නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන 08 ක් ජනතා අයිතියට

ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන මත, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය සහ නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් නිපදවන ලද ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු යන්ත්‍ර 31 ක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථාන 31 ක ස්ථාපනය කිරීමේ විශේෂ ව්‍යාපෘතිය යටතේ, තිරප්පනේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ මහකණුමුල්ල ප්‍රජා ශාලා භූමියේ, කහටගස්දිගිලිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ 231 නැගෙනහිර ග්‍රාමයේ සහ මොරගහවෙල කටුකැලියාව ග්‍රාමයේ යන ස්ථානයන්හි ස්ථාපනය කරන ලද ජල පිරිපහදු මධ්‍යස්ථාන තුනක් (03) ජනතා අයිතියට පත් කිරීම, 2024 දෙසැම්බර් මස 12 වැනි දින සිදු කෙරිණි.
14 Dec 2024
ඕස්ට්‍රේලියානු ස්වෛරී දේශසීමා මෙහෙයුම් පිළිබඳ ඒකාබද්ධ කාර්ය සාධක බලකායේ අණදෙන නිලධාරී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාවේ, ස්වෛරී දේශසීමා මෙහෙයුම් පිළිබඳ ඒකාබද්ධ කාර්ය සාධක බලකායේ අණදෙන නිලධාරී (Commander Joint Agency Task Force Operation Sovereign Borders) Rear Admiral Brett R. Sonter, RAN ඇතුළු ඕස්ට්‍රේලියානු දේශසීමා බලකායේ නියෝජිතයන් පිරිසක් අද (2024 දෙසැම්බර් 13) නාවික හමුදා මූලස්ථානයේදී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.
13 Dec 2024
කොමදෝරු සුජීව වීරසූරිය නාවික හමුදා වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා ලෙස වැඩ භාර ගනියි

කොමදෝරු සුජීව වීරසූරිය, නාවික හමුදා වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා වශයෙන් අද (2024 දෙසැම්බර් 13) නාවික හමුදා මූලස්ථානයේ, අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා කාර්යාලයේදී වැඩ භාර ගැනීම සිදු කෙරිණි.
13 Dec 2024
74 වන නාවික හමුදා සංවත්සරය නිමිත්තෙන් කොළඹ නාවික මහ රෝහලේදී ලේ දන්දීමේ වැඩසටහනක්

නාවික හමුදාවේ අභිමානවත් 74 වන සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක් 2024 දෙසැම්බර් මස 12 වැනි දින කොළඹ නාවික මහ රෝහල් පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.
13 Dec 2024
නාවික හමුදා නිලධාරීන් 21 දෙනෙකු ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ 18 වන මාණ්ඩලික පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කරයි

සපුගස්කන්ද, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලාව සම්පූර්ණ කල දහඅට වන (18) පාඨමාලාවට අයත් නිලධාරීන් වෙත සහතික හා කුසලාන ප්‍රදානය කිරීම ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලේදී 2024 දෙසැම්බර් මස 12 වන දින පැවැත්වුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා නියෝජනය කරමින්, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් කාංචන බානගොඩ සහභාගී විය.
13 Dec 2024
SLINEX - 2024 ඉන්දු - ලංකා නාවික අභ්‍යාසයට සහභාගී වීම සඳහා සයුර නෞකාව දිවයිනෙන් පිටත්වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර පැවැත්වෙන SLINEX - 2024, ද්විපාර්ශ්වික ඉන්දු - ලංකා නාවික අභ්‍යාසය 2024 දෙසැම්බර් මස 17 වැනි දින සිට 20 වැනි දින දක්වා ඉන්දියාවේ විසාකපට්නම් හිදී පැවැතිවීමට නියමිතව ඇති අතර, එම නාවික අභ්‍යාසයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාව 2024 දෙසැම්බර් මස 12 වන දින, හම්බන්තොට ජාත්‍යන්තර වරායෙන් දිවයිනෙන් පිටත් විය.
12 Dec 2024
නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන 06 ක් ජනතා අයිතියට

ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන මත, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය සහ නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් නිපදවන ලද ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු යන්ත්‍ර 31 ක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථාන 31 ක ස්ථාපනය කිරීමේ විශේෂ ව්‍යාපෘතිය යටතේ, කැකිරාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ උඩුගම කොළනිය, කුඩා කැකිරාව, කසාගල පුරාණ රජමහා විහාර භූමිය, ඉහළ පුලියන්කුලම සහ ඉපලෝගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් හපදියාගම හා තිලකපුර යන ප්‍රදේශවල ස්ථාපනය කරන ලද ජල පිරිපහදු මධ්‍යස්ථාන හයක් (06) ජනතා අයිතියට පත් කිරීම, 2024 දෙසැම්බර් මස 11 වැනි දින සිදු කෙරිණි.
12 Dec 2024
74 වන නාවික හමුදා සංවත්සරය නිමිත්තෙන් ලේ දන්දීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණු ආයතනයේදී

නාවික හමුදාවේ අභිමානවත් 74 වන සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කල ලේ දන්දීමේ වැඩසටහනක් 2024 දෙසැම්බර් මස 12 වැනි දින ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණු ආයතනයේ නාවික රෝහලේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.
12 Dec 2024
2024 වර්ෂයේ නාවික හමුදා වර්ණ ප්‍රදානෝතත්සවයේදී නාවික හමුදා පුද්ගලයන් 326 දෙනෙකු වර්ණ හිමිකර ගනියි

ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා මණ්ඩලය විසින් සංවිධානය කරන ලද නාවික හමුදා වර්ණ ප්‍රදානෝත්සවය - 2024, වැලිසර, ‘Wave N’ Lake’ නාවික හමුදා උත්සව ශාලාවේදී 2024 දෙසැම්බර් මස 11 වැනි දින නාවික හමුදා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ ප්‍රදානත්වයෙන් ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණු අතර, එහිදී පසුගිය 2021, 2022 සහ 2023 තෙවසර තුළ විධාන, ආරක්‍ෂක සේවා, ජාතික සහ ජාත්‍යන්තර මට්ටමෙන් නාවික හමුදාව නියෝජනය කළ ක්‍රීඩා ඉසව් 42 ක් අතුරින් විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ ක්‍රීඩා ඉසව් 35 ක නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 326 දෙනෙකු වෙත වර්ණ ප්‍රදානය කෙරිණි.
12 Dec 2024
නාවික හමුදාවේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් ඉදිකළ 1062 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය ඌරුමලෙයි ක්‍රිස්තියානි දේවස්ථානයේදී ජනතා අයිතියට

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ සත්කාරක ව්‍යපෘතිය යටතේ ඉදිකළ 1062 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය තලෛයිමන්නාරම ඌරුමලෙයි ශාන්ත ලෝරන්ස් ක්‍රිස්තියානි දේවස්ථාන පරිශ්‍රයේදී උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජගත් කුමාර ගේ ප්‍රධානත්වයෙන් 2024 දෙසැම්බර් මස 11 වැනි දින විවෘත කර ජනතා අයිතියට පත් කෙරිණි.
12 Dec 2024