වැදගත් සිදුවීම්

නාවික හමුදා පුද්ගලයන්ගේ සුභසාධනය වෙනුවෙන් ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණයේ පුළුල් කළ පහසුකම් විවෘත කෙරේ

නාවික හමුදා පුද්ගලයින්ගේ හා ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින්ගේ සුභසාධනය වෙනුවෙන් ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණ පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ හා නවීකරණය කළ පහසුකම්, 2024 දෙසැම්බර් මස 29 වැනි දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, මාලා ළමාහේවා මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

30 Dec 2024

සාර්ථකව පුහුණුව අවසන්කළ මධ්‍ය නිලධාරීන් 16 දෙනෙකු සහ සේවා ප්‍රවේශ අපේක්‍ෂකයින් 13 දෙනෙකු ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී අධිකාරියට පත් කෙරේ

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ 38 (නීති) හා 39 වන බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරින් දහසය (16) දෙනෙකු සහ සේවා ප්‍රවේශ අපේක්‍ෂකයින් දහතුන් (13) දෙනෙකු විසිර යාම හා අධිකාරියට පත් කිරීම, 2024 දෙසැම්බර් මස 28 වැනි දින ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ආරාධනයෙන්, ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්, එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

29 Dec 2024

‘Peace Ark’ රෝහල් නෞකාවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් නාවික හමුදාධිපති හමුවෙයි

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි මහජන චීන විමුක්ති යුද නාවික හමුදාවේ (Chinese People’s Liberation Army Navy) ‘Peace Ark’ රෝහල් නෞකාවේ රියර් අද්මිරාල් YING Hongbo සහ රියර් අද්මිරාල් HE Yongming ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් අද (2024 දෙසැම්බර් 23) නාවික හමුදා මූලස්ථානයේදී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

23 Dec 2024

ශ්‍රි ලංකා නාවික හමුදාව සහ ඉන්දිය නාවික හමුදාව අතර 12 වන වරට පැවැත්වූ මාණ්ඩලික සාකච්ඡාව නවදිල්ලියේදී සාර්ථකව අවසන් වෙයි

ශ්‍රි ලංකා නාවික හමුදාව සහ ඉන්දිය නාවික හමුදාව අතර දො‍ළොස් (12) වන වරට පැවැත්වූ මාණ්ඩලික සාකච්ඡා වාරය (12th Navy to Navy Staff Talks – Indain Navy and Sri Lanka Navy) 2024 දෙසැම්බර් මස 18 සිට දින තුනක් (03) ඉන්දියාවේ නවදිල්ලි නුවරදී සාර්ථකව පැවැත්වූණු අතර, එම සාකච්ඡාව 2024 දෙසැම්බර් මස 20 වැනි දින සාර්ථකව නිමාවට පත්විය.

23 Dec 2024

නාවික හමුදා නත්තල් කැරොල් ගී ප්‍රසංගය Wave N’ Lake උත්සව ශාලාවේදී උත්කර්ශවත් අයුරින් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ මූලිකත්වයෙන්, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සහයෝගයෙන් සහ නාවික හමුදා සංගීත අංශය සහ එක්ව සංවිධානය කරන ලද නාවික හමුදා නත්තල් කැරොල් ගී ප්‍රසංගය - 2024, ‘Decked in Navy Blue and Red, Merry Christmas from the Seas to the Shore’ යන තේමාව පෙරදැරිව 2024 දෙසැම්බර් මස 21 වන දින වැලිසර නාවික පරිශ්‍රයේ Wave N’ Lake නාවික හමුදා උත්සව ශාලාවේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි මාලා ලාමාහේවා මැතිණිය ඇතුළු සම්භාවනීය ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.

21 Dec 2024

උතුරු විධාන නාවික රෝහලේදී ලේ දන්දීමේ වැඩසටහනක්

නාවික හමුදාවේ අභිමානවත් 74 වැනි සංවත්සරය සහ ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේ 30 වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක් 2024 ‍දෙසැම්බර් මස 18 වැනි දින උතුරු විධාන නාවික රෝහල් පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙ‍රිණි.

19 Dec 2024

ඉලක්කයට පිහිය විසිකිරීමේ ක්‍රීඩාව නාවික හමුදාව වෙත හඳුන්වාදීමේ වැඩසටහනක්

ඉලක්කයට පිහිය විසි කිරීමේ ක්‍රීඩාව ප්‍රථම වරට නාවික හමුදා ක්‍රීඩා අංශයට හඳුන්වාදීමේ තෙදින වැඩ මුළුවක් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ සහභාගීත්වයෙන් 2024 දෙසැම්බර් මස 12 වැනි දින වැලිසර නාවික සංකීර්ණයේදී සාර්ථකව පැවැත්විණි.

19 Dec 2024

ගුවන් හමුදා මුදාගැනීමේ පාඨමාලා සඳහා නාවික හමුදාවේ සහාය

මීගමුව බ්‍රවුන්ස් බීච් ප්‍රදේශයේදී 2024 දෙසැම්බර් 18 වැනි දින ශ්‍රී ලංනා ගුවන් හමුදාව මඟින් සිදු කරන ලද ගුවන් මුහුදු මුදාගැනීමේ පාඨමාලාවන් සාර්ථකව නිමකිරීම සඳහා නාවික හමුදාවේ සහාය ලබාදීම සිදු කෙරිණි.

19 Dec 2024

නාවික හමුදාධිපති උතුරු මැද නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙමින් එම විධානයේ පුළුල් කළ මෙහෙයුම් හා සුභසාදන පහසුකම් විවෘත කෙරේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා 2024 දෙසැම්බර් මස 15 වැනි දින උතුරු මැද නාවික විධානයේ නිල සංචාරයක නිරතවී, එම විධානයේ මෙහෙයුම් හා සුභසාදන පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයේ, තාවුල්පාඩු නාවික අනුඛණ්ඩයේ අභිනවයෙන් ස්ථාපනය කළ වෙරළබඩ මුර යාත්‍රා අළුත්වැඩියා අංගනය, නාවික අනුඛණ්ඩ ඔලුතුඩායි හි පරිපාලන ගොඩනැගිල්ල හා පොදු භෝජනාගාර පහසුකම් සහිත දෙමහල් කණිෂ්ඨ නාවික නිවාස සංකීර්ණය සහ ශ්‍රී ලංකා නාවික නෞකා පුස්සදේව ආයතනයේ අභිනවයෙන් ඉදිකළ කණිෂ්ඨ නාවික විවාහක නිවාස විවෘත්ත කිරීම සිදුකෙරිණි.

16 Dec 2024

යාපනය ඩෙල්ෆ්ට් මහා විද්‍යාලයේ සිසුන් වෙනුවෙන් නාවික හමුදාව විසින් කොළඹ ප්‍රදේශයේ වැදගත් ස්ථාන නැරඹීමේ සංචාරයක් සහ ඩ්‍රැගන් බෝට්ටු පුහුණු සැසියක් සංවිධානය කරයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟපෙන්වීම මත, 08 වැනි කැනෝ ස්ප්‍රින්ට් ජාතික ශූරතාවලියේ පාසැල් අංශයේ ඩ්‍රැගන් බෝට්ටු තරඟාවලියේ ජයග්‍රහණ හිමිකර ගත් ඩේල්ෆ්ට් මහා විද්‍යාලයේ සිසු සිසුවියන් 30 දෙනෙකු වෙනුවෙන්, 2024 දෙසැම්බර් මස 13 සහ 14 දෙදින කොළඹ ප්‍රදේශයේ වැදගත් ස්ථාන නැරඹීමේ සංචාරයක් සහ ඩ්‍රැගන් බෝට්ටු පුහුණු සැසියක් පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු සංවිධානය කෙරිණි.

15 Dec 2024