වැදගත් සිදුවීම්

උසස් පෙළ විභාගය විශිෂ්ඨ ලෙස සමත් වූ නාවික පුද්ගලයින්ගේ දරුවන් වෙත ශිෂ්‍යත්ව ප්‍රධානය කෙරේ

2020 වර්ෂයේ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය විශිෂ්ඨ ලෙස සමත් වූ නාවික හමුදා පුද්ගලයින්ගේ දරුවන් වෙත ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් අද (2022 අප්‍රේල් 06) නාවික හමුදා මූලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවනාගාරයේදී සිදු කෙරිණි.

06 Apr 2022

නාවික හමුදා කථික තරඟාවලිය 2021 හි ජයග්‍රාහකයින් වෙත සහතික සහ තිළිණ ප්‍රධානය කෙරේ

ශ්‍රි ලංකා නාවික හමුදා පර්යේෂණ ඒකකය මගින් සංවිධානය කරනු ලැබු නාවික හමුදා කථික තරඟාවලිය - 2021 (Public Speaking Competition - 2021) හි අවසන් තරඟයේ දක්‍ෂතා දැක්වූ නාවික හමුදා නිලධාරීන් වෙත සහතික පත් සහ තිළිණ ප්‍රධානය කිරීම නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් වයිඑන් ජයරත්නගේ ප්‍රධානත්වයෙන් අද (2022 අප්‍රේල් 05) නාවික හමුදා මූලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදි සිදු ‍කෙරිණි.

05 Apr 2022

බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘PROTTASHA’ නෞකාව ත්‍රිකුණාමලය වරායට සේන්දු වෙයි

බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘Corvette’ වර්ගයේ යුද නෞකාවක් වන ‘BNS PROTTASHA’ නෞකාව අද (2022 අප්‍රේල් 02) ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ අතර, නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

02 Apr 2022

‘සයුරුසර’ සඟරාවේ 44 වන කලාපය එළිදකී

නාවික හමුදා මාධ්‍ය ඒකකය මඟින් ප්‍රකාශයට පත්කරනු ලබන ‘සයුරුසර’ සඟරාවේ 44 වන කලාපය එහි ප්‍රධාන සංස්කාරක, ලුතිනන් කොමාණ්ඩර් (ස්වේ) එස්ආර් සුදුසිංහ විසින් අද (2022 මාර්තු 31) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත පිළිගන්වන ලදි.

31 Mar 2022

''හරිත දැයක්” ජාතික ගෙවතු වගා සංග්‍රාමය -2022 නාවික හමුදාව තුළ ක්‍රියාවට නංවයි

''හරිත දැයක්” ජාතික ගෙවතු වගා සංග්‍රාමය -2022 වැඩසටහනේ සමාරම්භයට සමඟාමීව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් නාවික හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී පැළයක් රෝපණය කර, ශ්‍රී ලංකා නාවික හමුදාව තුළ ගෙවතු වගා වැඩසටහන අද දින (2022 මාර්තු 29) ආරම්භ කරන ලදි.

29 Mar 2022

පානම රජයේ දෙමළ විද්‍යාලයට නාවික හමුදාවෙන් පරිගණකයක් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 71 වන සංවත්සර දිනය නිමිත්තෙන් පානම රජයේ දෙමළ විද්‍යාලයේ සිසු දරුවන්ගේ භාවිතය සඳහා පරිගණකයක් ප්‍රදානය කිරීම 2022 මාර්තු මස 24 වන දින ගිණිකොන නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් මහින්ද මහවත්තගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

28 Mar 2022

ඉන්දීය සහ ශ්‍රී ලංකා ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් බටහිර මුහුදේදී

ඉන්දීය සහ ශ්‍රී ලංකා ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් 2022 මාර්තු මස 26 වන දින ශ්‍රී ලංකාවට බටහිර මුහුදේදී ආරම්භ වූ අතර, මෙම නාවික අභ්‍යාසය 2022 මාර්තු මස 29 වන දින දක්වා පැවැත්වීමට නියමිතව ඇත.

27 Mar 2022

නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත සමුද්‍රීය තොරතුරු විලයන මධ්‍යස්ථානයේ පහසුකම් පුළුල් කෙරේ

නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කර ඇති සමුද්‍රීය තොරතුරු විලයන මධ්‍යස්ථානය (Information Fusion Centre - Colombo) වෙත සමුද්‍රීය තොරතුරු එක්රැස් කිරීම හා සබැඳි උපකරණ (MDA Equipment) නිළ වශයෙන් ලබා දීම ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිශුකොෂි හිඩයාකි (Mizukoshi Hideaki) මහතා ගේ ප්‍රධානත්වයෙන් අද (2022 මාර්තු 25) දින නාවික හමුදා මුලස්ථානයේදී සිදු කෙරුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය.

25 Mar 2022

ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර පැවති මාණ්ඩලික සාකච්ඡාවේ සහ ඒකාබද්ධ සාගරික සාකච්ඡාවේ තුන්වන වෙළුම නිමාවට පත්වේ

ඇමරිකානු එක්සත් ජනපද නාවික හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර කොළඹ නාවික හමුදා මූලස්ථානයේදී 2022 මාර්තු 22 සිට දින දෙකක් (02) ක් පැවති මාණ්ඩලික සාකච්ඡාවේ තුන්වන වෙළුම (03rd Navy to Navy Staff Talks SLN – USN) 2022 මාර්තු මස 23 වන දින සාර්ථකව නිමාවට පත්විය.

24 Mar 2022

ඇමරිකානු නාවික හමුදාවේ හත්වන නෞකා සමූහයේ උප නියෝජ්‍ය ආඥාපති නාවික හමුදාධිපති හමුවෙයි

ඇමරිකානු එක්සත් ජනපද නාවික හමුදාවේ හත් වන නෞකා සමූහයේ උප නියෝජ්‍ය ආඥාපති රියර් අද්මිරාල් රොබට් ටී ක්ලාක් (Reserve Deputy Commander, Seventh Fleet Rear Admiral Robert T. Clark) ඇතුළු නිලධාරීන් පිරිසක් අද (2022 මාර්තු 21) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.

21 Mar 2022