වැදගත් සිදුවීම්
රියර් අද්මිරාල් නිශාන්ත සමරසිංහ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

රියර් අද්මිරාල් නිශාන්ත සමරසිංහ සිය වසර 34 කට අධික නාවික සේවය නිමා කරමින් අද (2021 අප්‍රේල් 12) දින විශ්‍රාම යන ලදී.
12 Apr 2021
නාවික හමුදාව විසින් ගිං ගඟ ආශ්‍රිතව ආපදා කළමණාකරන පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ

ගංවතුර තත්වයන්ට සාර්ථකව මුහුණ දීමේ අරමුණින් ආපදා කළමනාකරණය පිළිබඳව පුහුණු වැඩසටහනක් 2021 අප්‍රේල් 05 වන දින සිට 10 වන දින දක්වා ගිං ගඟ කේන්ද්‍ර කර ගනිමින් ගිංතොට ප්‍රදේශයේදී පැවැත්වීමට නාවික හමුදාව කටයුතු කරන ලදී.
11 Apr 2021
නාවික හමුදා පූර්ණ ශ්‍රම දායකත්වයෙන් ඉදි කෙරුණු ලංකාගම නිල්වැල්ල පාලම ජනතා අයිතියට

දකුණු පළාතේ ගාල්ල, නෙළුව, ලංකාගම සහ නිල්වැල්ල ගම්මාන යාකරමින් නාවික හමුදා පූර්ණ ශ්‍රම දායකත්වයෙන් අභිනවයෙන් ඉදි කරණ ලද ලංකාගම නිල්වැල්ල පාලම දකුණු පලාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ සහභාගීත්වයෙන් 2021 අප්‍රේල් මස 10 දින විවෘත කර ජනතා අයිතියට පත් කෙරිණි.
11 Apr 2021
නිල්වැල්ල දියයට කලාගාරය ජනතා අයිතියට පත් කෙරේ

ශ්‍රී ලංකාවේ දකුණුදිග වෙරළ තීරයේ දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් නිල්වැල්ල සුන්දර වෙරළතීරයට වැඩි ආකර්ෂණයක් ගෙන දෙමින් නාවික හමුදා දායකත්වයෙන් ඉදිකළ නිල්වැල්ල දියයට කලාගාරය (Underwater Gallery Nilwella) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ආරාධනයෙන් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය ගරු නාමල් රාජපක්‍ෂ මහතා විසින් අද (2021 අප්‍රේල් 10) නිල්වැල්ල වෙරළ තීරයේදී ජනතා අයිතියට පත් කෙරිණි.
10 Apr 2021
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් සෙනරත් විජේසූරිය නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

රියර් අද්මිරාල් සෙනරත් විජේසූරිය සිය වසර 34 කට අධික නාවික සේවය නිමා කරමින් අද (2021 අප්‍රේල් 09) දින නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී.
09 Apr 2021
ජ්‍යේෂ්ඨ සහ කනිෂ්ඨ නාවිකයින් 72 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යේෂ්ඨ නාවිකයින් 43 දෙනෙකු සඳහා රු 500,000.00 සහ නායකනැවි තරාතිරමේ නාවිකයින් 29 දෙනෙකු සඳහා රු 200,000.00 බැගින් වූ රුපියල් මිලියන 27.3 ක වටිනාකමකින් යුත් පොලී රහිත ණය මුදල් ලබා දීම අද (2021 අප්‍රේල් 07) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරුණි.
07 Apr 2021
ආරක්‍ෂක ලේකම් කොළඹ ආරක්‍ෂක සේවා විද්‍යාලයේ නිරීක්‍ෂණ චාරිකාවාරයක නිරත වේ

ආරක්‍ෂක ලේකම්, ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න 2021 අප්‍රේල් 05 වන දින කොළඹ ආරක්‍ෂක සේවා විද්‍යාලයේ නිරීක්‍ෂණ චාරිකාවාරයක නිරතවූ අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය.
06 Apr 2021
නාවික හමුදාධිපති උතුරු නාවික විධානයේ නිල සංචාරයක

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න 2021 අප්‍රේල් මස 03 වන දින උතුරු නාවික විධානයේ නිල සංචාරයක නිරත වූ අතර, ඒ සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිනියද සහභාගී විය.
05 Apr 2021
නාගදීප රජමහා විහාරයේ ඉදිකළ බ්‍රාහ්මණවත්තේ ධම්මකිත්ති තිස්ස මහා නාහිමි අනුස්මරණ තෙමහල් විශ්‍රාම ශාලාව නාවික හමුදාධිපති විසින් විවෘත කෙරේ

නාවික හමුදා පූර්ණ ශ්‍රම දායකත්වයෙන් නාගදීප පුරාණ රජමහා විහාරයේ ඉදි කළ බ්‍රාහ්මණවත්තේ ධම්මකිත්ති තිස්ස මහා නාහිමි අනුස්මරණ තෙමහල් විශ්‍රාම ශාලාව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිනියගේ සහභාගීත්වයෙන් අද (2021 අප්‍රේල් 03) විවෘත කරන ලදි.
03 Apr 2021
හිඹුටාන ශ්‍රී අභිනවාරාම විහාරයේ අභිනව ධාතු මන්දිරය නාවික හමුදාධිපති විසින් විවෘත කෙරේ

මුල්ලේරියාව, හිඹුටාන ශ්‍රී අභිනවාරාම විහාරයේ නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදි කරන ලද අභිනව ධාතු මන්දිරය විවෘත කිරීම අද (2021 අප්‍රේල් 02) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
02 Apr 2021