වැදගත් සිදුවීම්

බස්නාහිර පළාත තුල කොවිඩ් 19 එන්නත්කරණය වේගවත් කිරීමට නාවික හමුදා සහය

කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සඳහා සිදුකරණු ලබන එන්නත්කරණ වැඩසටහන යටතේ ත්‍රිවිධ හමුදා රෝහල් මඟින් සිදු කෙරෙන බස්නාහිර පළාතේ වෙසෙන ජනතාව එන්නත්කරණය කිරීමේ වැඩපිළිවෙලට දායක වෙමින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (2021 ජූලි 05) දින සිට කොළඹ චෛත්‍ය පාරේ පිහිටි ප්‍රදීපාගාර පරිශ්‍රයේදී සහ වැලිසර ඇලපිටිවෙල චන්ද්‍රවංශ විද්‍යාලයේදී “සයිනොෆාම්” (Sinopharm) එන්නත ලබාදීම සිදු කරනු ලබයි.

05 Jul 2021

සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ නාවික අභ්‍යාසය (CARAT–21) සාර්ථකව නිමාවට පත්වේ

ශ්‍රී ලංකා නාවික හමුදාව, ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාව සහ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකාය එක්ව ත්‍රිකුණාමලය වරායේදී සහ ත්‍රිකුණාමලයට ඔබ්බෙන්වූ නැගෙනහිර මුහුදු තීරයේදී 2021 ජුනි මස 24 වන දින සිට 2021 ජුනි 30 වන දින දක්වා පවත්වනු ලැබූ සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ බහුපාර්ශ්වීය නාවික අභ්‍යාසය (Cooperation Afloat Readiness and Training Exercise - CARAT–21) සාර්ථකව නිමාවට පත්විය.

01 Jul 2021

නාවික හමුදා සේවා වනිතා එළවළු සහ පළතුරු අලෙවි සැල ශ්‍රීලංනානෞ ගැමුණු ආයතනයේදී විවෘත කෙරේ

නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් ශ්‍රීලංනානෞ ගැමුණු ආයතනයේ පිහිටි සේවා වනිතා ගොඩනැගිලි සංකීර්ණ පරිශ්‍රයේ ඉදිකරන ලද අභිනව එළවළු සහ පළතුරු අලෙවි සැල සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණිය විසින් 2021 ජුනි මස 28 වන දින විවෘත කිරීමට කටයුතු කෙරිණි.

28 Jun 2021

සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ අභ්‍යාසයේ (CARAT–21) මුහුදු අදියර ආරම්භ වේ

ශ්‍රී ලංකා නාවික හමුදාව, ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාව සහ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකාය එක්ව සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ පවත්වනු ලබන බහුපාර්ශ්වීය නාවික අභ්‍යාසයේ (Cooperation Afloat Readiness and Training Exercise - CARAT–21) මුහුදු අදියර ත්‍රිකුණාමලයට ඔබ්බෙන්වූ නැගෙනහිර මුහුදු තීරයේදී 2021 ජුනි 26 වන දින ආරම්භ විය.

28 Jun 2021

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් අනුර ධනපාල නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

රියර් අද්මිරාල් අනුර ධනපාල සිය වසර 33 කට අධික නාවික සේවය නිමා කරමින් අද (2021 ජුනි 27) දින නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී.

27 Jun 2021

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ නවීකරණය කළ විශේෂ ප්‍රතිකාර ඒකකය සෞඛ්‍ය සේවයට එක් කෙරේ

කොවිඩ් 19 ආසාධිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ රජයේ වැඩපිලිවෙලට ශක්තියක් වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් කළ ඉල්ලීමකට අනුව කළුබෝවිල, දකුණු කොළඹ ශික්ෂණ රෝහලෙහි නාවික හමුදා තාක්‍ෂණික හා ශ්‍රම දායකත්වයෙන් සහ දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ගේ මූල්‍ය අනුග්‍රාහකත්වයෙන් නවීකරණය කරන ලද විශේෂ ප්‍රතිකාර ඒකකය (High Dependency Unit) අද (2021 ජුනි 25) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් විවෘත කර සෞඛ්‍ය සේවයට එක් කෙරිණි.

25 Jun 2021

සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ අභ්‍යාසය (CARAT–21) ත්‍රිකුණාමලයේදී ආරම්භවේ

ශ්‍රී ලංකා නාවික හමුදාව, ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාව සහ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකාය එක්ව සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ පවත්වනු ලබන බහුපාර්ශවීය නාවික අභ්‍යාසයේ (Cooperation Afloat Readiness and Training Exercise - CARAT–21) සමාරම්භක අවස්ථාව ත්‍රිකුණාමලය නාවික තඨාකාංගනයේ දී මාර්ගගත ක්‍රමවේදයට අනුව (Virtual) අද (2021 ජුනි 24) පැවැත්වුණු අතර, මෙම නාවික අභ්‍යාසයේ සැළසුම්ගත අධියරයන් 2021 ජුනි 30 වන දින දක්වා ත්‍රිකුණාමලය වරායේදී සහ ත්‍රිකුණාමලයට ඔබ්බෙන්වූ නැගෙනහිර මුහුදු තීරයේදී පවැත්වීමට නියමිතය.

24 Jun 2021

‘කොමාණ්ඩර් පරාක්‍රම සමරවීර අනුස්මරණ ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණය’ වැලිසර නාවික සංකීර්ණයේදී විවෘත කෙරේ

අභිනවයෙන් ඉදිකරන ලද ශ්‍රී ලංකා නාවික හමුදා ගෘහස්ථ ක්‍රිඩා සංකීර්ණය ‘කොමාණ්ඩර් පරාක්‍රම සමරවීර අනුස්මරණ ගෘහස්ථ ක්‍රිඩා සංකීර්ණය’ ලෙස නම් කර නාවික හමුදාධිපති සහ නාවික හමුදා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් සහ කොමාණ්ඩර් (මියගිය) පරාක්‍රම සමරවීර නාවික නිලධාරියාගේ දයාබර භාර්යාව වන සුදර්ශනී සමරවීර මැතිණියගේ සහභාගීත්වයෙන් අද (2021 ජුනි 23) වැලිසර නාවික සංකීර්ණයේදී විවෘත කෙ‍රිණි.

23 Jun 2021

“ජල ශාස්ත්‍රිය විද්‍යාව තුළ වසර සියයක අන්තර්ජාතික සහයෝගීතාවය” - ශ්‍රී ලංකා නාවික හමුදා ජල ශාස්ත්‍රිය සේවය ලෝක ජල ශාස්ත්‍රීය දිනය සමරයි.

මිනිසා ජලය මත යාත්‍රා කිරීම ඇරඹුදා සිට ජල ශාස්ත්‍රිය විද්‍යාව වැදගත් කාර්යය භාරයන් ඉටු කරමින් සිටී. මහාද්වීප අතර යාත්‍රා කිරීම පිණිස මුහුදු සිතියමක අවශ්‍යතාව ඇති වූ අතර, දත්ත රැස් කිරීමේ සිට සිතියම් නිර්මාණය දක්වා සියලු කාර්යයන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ඉතා උසස් තත්වයෙන් සිදුකිරීම සඳහා ජල ශාස්ත්‍රිය විද්‍යාව යොදා ගනී. රටක ආර්ථික සංවර්ධනය නගා සිටුවීමට අවශ්‍ය ජලය ආශ්‍රිත මිනුම් කටයුතු සිදුකිරිම තුළින් ජල ශාස්ත්‍රිය සේවය ජාතික අවශ්‍යතාවයන් සපුරා ගැනිම සඳහා අති විශාල දායකත්වයක් ලබා දේ. ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 94ක සාමාජිකත්වය සහිත අන්තර් ජාතික ජල ශාස්ත්‍රිය සංවිධානය (International Hydrographic Organization) කලාපීය වශයෙන් ස්ථාපිත අධිකාරීන් (Regional Hydrographic Commissions) 15 ක් හරහා ලොව පුරා ජල ශාස්ත්‍රිය කටයුතු සම්බන්ධීකරණය සිදුකරයි. මෙම සංවිධානය 1921 ජුනි මස 21 වන දින මොනාකෝ රාජ්‍යයේදී ස්ථාපිත කළ අතර, 2021 ජුනි මස 21 වන දින සිය සියවන සංවත්සරය සමරයි.

21 Jun 2021

ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකාය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර නාවික අභ්‍යාසයක්

ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් ‘KASHIMA’ සහ ‘SETOYUKI’ යන පුහුණු යුද නෞකා ද්විත්වය (02) තෙදින (03) නිල සංචාරයක් සඳහා 2021 ජුනි 18 වන දින කොළඹ වරායට සේන්දු වූ අතර, එම නෞකා ද්විත්වය (02) අද (2021 ජුනි 20) දිවයිනෙන් පිටත්ව යන අවස්ථාවේ ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ පුහුණු නාවික අභ්‍යාසයක් සිදු කෙරිණි.

20 Jun 2021