වැදගත් සිදුවීම්

නාවික හමුදාවේ දායකත්වයෙන් යාපනය ප්‍රදේශයේ ජල ක්‍රීඩා ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතියක්.

ශ්‍රි ලංකා නාවික හමුදාව, ශ්‍රි ලංකා හබල් ඔරු සංගමය සහ ලංකා ජීවිතාරක්‍ෂක සංගමය එක්ව යාපනය ප්‍රදේශයේ ජල ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ අරමුණින්, ප්‍රදේශයේ පාසැල් සහ ධීවර සමිති නියෝජනය කරනු ලබන උපදේශකයින් අට (08) දෙනෙකු සඳහා සති දෙකක කාලයක් ඩ්‍රැගන් බෝට්ටු පැදි ක්‍රීඩාව සහ මුහුදේදී ජීවිතාරක්‍ෂාව සම්බන්ධ වැඩමුළුවක් කරෛයිනගර් ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේදී පවත්වන ලද අතර, එම පුහුණු වැඩසටහනෙහි සහතිකපත් ප්‍රධානය 2021 අගෝස්තු 14 දින උතුරු නාවික විධානයේ ආඥාපති, රියර් අද්මීරාල් ප්‍රියන්ත පෙරේරාගේ ප්‍රධානත්වයෙන් සහ පළාත් අධ්‍යාපන, සංස්කෘතික, ක්‍රීඩා හා තරුණ කටයුතු ලේකම් එල් ඉල්ලන්ගොවන් මහතාගේ සහභාගීත්වයෙන් යාපනය කරෛයි නගර් හී පිහිටි පොර්ට් හැමන්හීල් හෝටල් පරිශ්‍රයේදී සිදු කෙරිණි.

15 Aug 2021

නාවික හමුදාවට ඉඳුරාම බඳවා ගත් නිලධාරීන් 26 දෙනෙක් නාවික හා සාගරික විද්‍යාපීඨයේදී විසිර යයි.

ශ්‍රී ලංකා නාවික හමුදාවට ඉඳුරාම බඳවාගත් නිත්‍ය (තාක්‍ෂණික) හා ස්වේච්ඡා 1/2021 බඳවා ගැනීමට අයත් නිලධාරීන් 26 දෙනෙක් විසිරයාම අද (2021 අගෝස්තු 14) නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති, රියර් අද්මිරාල් ධම්මික කුමාර ගේ ආරාධනයෙන්, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් සංජීව ඩයස් ගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී පැවැත්විණි.

14 Aug 2021

කොවිඩ් 19 එන්නත්කරණය සඳහා අඛණ්ඩව නාවික හමුදා සහය

කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සඳහා මහජනතාව එන්නත්කරණය කිරීමේ වැඩපිළිවෙලට දායක වෙමින් ශ්‍රී ලංකා නාවික හමුදාව, අද දිනයේත් (2021 අගෝස්තු 13) කොළඹ චෛත්‍ය පාරේ ප්‍රදීපාගාර පරිශ්‍රයේදී “සයිනොෆාම්” (Sinopharm) එන්නත ලබා දීම සිදු කරන ලදී.

13 Aug 2021

නාවික හමුදා දායකත්වයෙන් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්

නාවික හමුදාව, සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය සහ ගාල්ල මහ නගර සභාව එක්ව වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2021 අගෝස්තු 12 වන දින ගාල්ල, දඩල්ල වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලදී.

13 Aug 2021

නාවික හමුදා දායකත්වයෙන් යාපනය දිස්ත්‍රික්කයේ ඉදිකළ ප්‍රතිආශ්‍රැති මුහුදු ජල පිරිපහදු මධ්‍යස්ථාන 02ක් ජනතා අයිතියට

නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතියේ තවත් ප්‍රජා සත්කාරයක් ලෙස යාපනය දිස්ත්‍රික්කයේ, වෙලනි ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ කයිට්ස් සහ මණ්ඩතිවු දූපත් තුල අභිනවයෙන් ඉදිකළ ප්‍රතිආශ්‍රැති මුහුදු ජල පිරිපහදු මධ්‍යස්ථාන 02ක් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පීඑස්එම් චාර්ලස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ සහභාගීත්වයෙන් 2021 අගෝස්තු 12 වන දින ජනතා අයිතියට පත් කෙරිණි.

13 Aug 2021

කොවිඩ් 19 එන්නත්කරණය සඳහා තවදුරටත් නාවික හමුදා සහය

කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සඳහා ත්‍රිවිධ හමුදාව මඟින් සිදුකරණු ලබන එන්නත්කරණ වැඩසටහන යටතේ මහජනතාව එන්නත්කරණය කිරීමේ වැඩපිළිවෙලට දායක වෙමින් සිටින ශ්‍රී ලංකා නාවික හමුදාව, අද දිනයේත් (2021 අගෝස්තු 11) කොළඹ චෛත්‍ය පාරේ පිහිටි ප්‍රදීපාගාර පරිශ්‍රයේදී නාවික හමුදා වෛද්‍ය කාර්යමණ්ඩලයක් මඟින් “සයිනොෆාම්” (Sinopharm) එන්නත ලබා දීම සිදු කරන ලදී.

11 Aug 2021

කොවිඩ් 19 එන්නත්කරණය සඳහා තවදුරටත් නාවික හමුදා සහය

කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සඳහා සිදුකරණු ලබන එන්නත්කරණ වැඩසටහන යටතේ ත්‍රිවිධ හමුදාව මඟින් සිදු කෙරෙන මහජනතාව එන්නත්කරණය කිරීමේ වැඩපිළිවෙලට දායක වෙමින් සිටින ශ්‍රී ලංකා නාවික හමුදාව අද දිනයේත් (2021 අගෝස්තු 10) කොළඹ චෛත්‍ය පාරේ පිහිටි ප්‍රදීපාගාර පරිශ්‍රයේදී, වැලිසර ඇලපිටිවෙල චන්ද්‍රවංශ විද්‍යාලයේදී සහ උස්වැටකෙයියාව ශාන්ත මේරි විද්‍යාලයේදී නාවික හමුදා වෛද්‍ය කාර්යමණ්ඩලයක් මඟින් “සයිනොෆාම්” (Sinopharm) එන්නත ලබා දීම සිදු කරනු ලබයි.

10 Aug 2021

නාවික හමුදාධිපති වයඹ නාවික විධානයේ නිළ සංචාරයක

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්න 2021 අගෝස්තු මස 08 වන දින වයඹ නාවික විධානයේ නිල සංචාරයක නිරත වූ අතර, ඒ සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිනිය ද සහභාගී විය.

09 Aug 2021

නාවික හමුදා දායකත්වයෙන් සංවර්ධනය කළ පුත්තලම දිස්ත්‍රික්කයේ එළුවන්කුළම සිංහල විද්‍යාලයේ පහසුකම් සිසු අයිතියට

නාවික හමුදා දායකත්වයෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ එළුවන්කුළම සිංහල විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද පන්තිකාමර ගොඩනැගිල්ල, විද්‍යාගාර ගොඩනැගිල්ල සහ අළුත්වැඩියා කරන ලද පරිඝණක විද්‍යාගාරය සිසු අයිතියට පත් කිරීම අද (2021 අගෝස්තු 08) දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

08 Aug 2021

කොවිඩ් 19 එන්නත්කරණය සඳහා නාවික හමුදා සහය

කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සඳහා සිදුකරණු ලබන එන්නත්කරණ වැඩසටහන යටතේ ත්‍රිවිධ හමුදාව මඟින් සිදු කෙරෙන මහජනතාව එන්නත්කරණය කිරීමේ වැඩපිළිවෙලට දායක වෙමින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (2021 අගෝස්තු 08) දින සිට කොළඹ චෛත්‍ය පාරේ පිහිටි ප්‍රදීපාගාර පරිශ්‍රයේදීත්, 2021 අගෝස්තු 09 වන දින සිට වැලිසර ඇලපිටිවෙල චන්ද්‍රවංශ විද්‍යාලයේ සහ උස්වැටකෙයියාව ශාන්ත මේරි විද්‍යාලය යන ස්ථානයන්හි දීත් නාවික හමුදා වෛද්‍ය කාර්යමණ්ඩලයක් මඟින් “සයිනොෆාම්” (Sinopharm) එන්නත ලබා දීම සිදු කරනු ලබයි.

08 Aug 2021