වැදගත් සිදුවීම්
Combat ’ 2022 ප්‍රදර්ශනය සඳහා නාවික හමුදාව එක්වෙයි
පාසැල් දරුවන් අතර බාලදක්‍ෂ ව්‍යාපාරය ප්‍රචලිත කිරීමේ අරමුණින් ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ දායකත්වයෙන්, කොළඹ රාජකීය විද්‍යාලය විසින් සංවිධානය කරන ලද Combat ’ 2022 ප්‍රදර්ශනය 2022 දෙසැම්බර් මස 20 වන දින එම විද්‍යාලයේදී සාර්ථකව පවත්වන ලද අතර, එම ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ අවි හා උපාංග සහ හැකියාවන් විදහා දැක්වෙන ප්‍රදර්ශන කුටි එක් කිරීමට නාවික හමුදාව කටයුතු කෙරිණි.
21 Dec 2022
අභිනව නාවික හමුදාධිපති ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් හමුවෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 25 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අද දින (2022 දෙසැම්බර් 19) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්, ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) හමුවිය.
20 Dec 2022
අභිනව නාවික හමුදාධිපති සිය ප්‍රථම නිල හමුවීම සඳහා ගරු ජනාධිපතිතුමා බැහැදකියි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 25 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අද දින (2022 දෙසැම්බර් 19) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක, රනිල් වික්‍රමසිංහ මැතිතුමා බැහැදැකීමට කටයුතු කෙරිණි.
20 Dec 2022
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ප්‍රථම නාවික හමුදා කළමණාකරණ මණ්ඩල රැස්වීම අමතයි
වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ශ්‍රී ලංකා නාවික හමුදාවේ 25 වන නාවික හමුදාධිපතිවරයා ලෙස පත් වීමෙන් අනතුරුව ප්‍රථම නාවික හමුදා කළමණාකරණ මණ්ඩල රැස්වීම අද (2022 දෙසැම්බර් 18) නාවික හමුදා මුලස්ථානයේදී පවත්වන ලද අතර, එහිදී නාවික හමුදාවේ ඉදිරි කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් නාවික හමුදා කළමණාකරණ මණ්ඩලය වෙත උපදෙස් ලබා දීමට කටයුතු කෙරිණි.
18 Dec 2022
වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ශ්‍රී ලංකා නාවික හමුදාවේ 25 වන නාවික හමුදාධිපති ධූරයට
සන්නද්ධ හමුදා සේනාධිනායක සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වයිස් අද්මිරාල් නිලයට උසස් කිරීමෙන් අනතුරුව, අද (2022 දෙසැම්බර් 18) ශ්‍රී ලංකා නාවික හමුදාවේ 25 වන නාවික හමුදාධිපතිවරයා ලෙස පත් කරන ලදි. ඒ අනුව, අද (2022 දෙසැම්බර් 18) උදෑසන, හිටපු නාවික හමුදාධිපති, අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් නව නාවික හමුදාධිපති වෙත සම්ප්‍රදායානුකූලව නාවික හමුදාධිපති ගේ අසිපත පිරිනැමීම සහ රාජකාරී භාර දීම නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරුණු අතර, නව නාවික හමුදාධිපති වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන ආචාර මුරයක් මඟින් ආචාරය පිරිනැමීම නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
18 Dec 2022
අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති ලෙස 2020 ජුලි මස 15 වන දින සිට රාජකාරී ආරම්භ කරන ලද අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (2022 දෙසැම්බර් 18 ) දින විශ්‍රාම යන ලදි.
18 Dec 2022
නිල සංචාරය නිමාකරමින් ඉන්දීය නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් ආර් හරි කුමාර් දිවයිනෙන් නික්ම යයි
නිල සංචාරයක් සඳහා 2022 දෙසැම්බර් මස 12 වන දින දිවයිනට පැමිණි ඉන්දීය නාවික හමුදා ප්‍රධානී, අද්මිරාල් ආර් හරි කුමාර් සිය සය දින (06) නිල සංචාරය සාර්ථකව නිමා කරමින් අද (2022 දෙසැම්බර් 17) පස්වරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ඉන්දියාව බලා පිටත් විය.
17 Dec 2022
සාර්ථක ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසු ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SAHYADRI’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
2022 දෙසැම්බර් මස 13 වන දින නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වූ ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SAHYADRI’ නෞකාව, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රමබාහු නෞකාව සමඟ පැවැත් වූ සුහද ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් (Passage Exercise) අනතුරුව, 2022 දෙසැම්බර් 16 වන දින දිවයිනෙන් පිටත්ව යන ලදී.
17 Dec 2022
නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තා නාවික පුද්ගලයන් වෙනුවෙන් පැවැත්වූ වෙරළබඩ මුර යාත්‍රා හැසිරවීමේ මූලික පාඨමාලාව සාර්ථකව නිමාවට පත් වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තා නාවික පුද්ගලයන් වෙනුවෙන් පැවැත්වූ වෙරළබඩ මුර යාත්‍රා හැසිරවීමේ මූලික පාඨමාලාව සාර්ථකව නිමාවට පත් වූ අතර, එම කාන්තා නාවික පුද්ගලයන් තමන් හැදෑරු නාවික ශිල්පය සහ යාත්‍රා හැසිරවීම පිළිබඳ ප්‍රායෝගික භාවිතය පිළිඹිබු වන අයුරින් 2022 දෙසැම්බර් මස 15 වන දින නාවික තඨාකාංගණයේදී නාවික හමුදාධිපති සහ ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඉදිරියේ තම දක්ෂතා විදහා දක්වමින් සංදර්ශනයක් පැවැත්වීමට කටයුතු කරන ලදී.
17 Dec 2022
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද්මිරාල් නිලයට උසස් කෙරේ
අතිගරු ජනාධිපති හා ත්‍රිවිධ හමුදා සේනාධිනායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (2022 දෙසැම්බර් 17) දින සිට ක්‍රියාත්මක වන පරිදි අද්මිරාල් නිලයට උසස් කරන ලදි.
17 Dec 2022


