වැදගත් සිදුවීම්
වැලිසර නාවික මහ රෝහල වෙත ඔක්සිජන් සාන්ද්‍රක කට්ටල ප්‍රදානයක්

කොවිඩ් 19 ආසාදිත රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා ප්‍රදානය කළ ඔක්සිජන් සාන්ද්‍රක කට්ටල (Oxygen concentrator unit) දෙකක් (02) වැලිසර නාවික මහ රෝහල වෙත ලබා දීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත සංකේතාත්මකව භාර දීම අද (2021 සැප්තැම්බර් 11) නාවික හමුදා මුලස්ථානයේ දී සිදු කෙරිණි.
11 Sep 2021
නව නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් උපුල් ද සිල්වා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස පත්වූ රියර් අද්මිරාල් උපුල් ද සිල්වා අද (2021 සැප්තැම්බර් 08) දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමු විය.
08 Sep 2021
රියර් අද්මිරාල් මාකස් පෙරේරා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

වසර 35 කට අධික නාවික හමුදා සේවය නිමා කරමින් රියර් අද්මිරාල් මාකස් පෙරේරා අද (2021 සැප්තැම්බර් 07) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී.
07 Sep 2021
සාර්ථකව අවසන් වූ ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලාවේ 2021/2 (JCET) සහතිකපත් ප්‍රධානය ත්‍රිකුණාමලයේදී

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ එක්සත් ජනපද යුධ හමුදාව එක්ව ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී පවත්වන ලද ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලාව 2021/2 (Joint Combined Exchange Training (JCET) Balance Style 2021/2) සාර්ථකව අවසන් කරන ලද නාවික පුද්ගලයින් සඳහා සහතිකපත් ප්‍රදානය 2021 සැප්තැම්බර් 02 වන දින සිදු කරන ලදි.
06 Sep 2021
නයනතිවු ප්‍රාද්ශීය රෝහලේ නවීකරණය කළ කාන්තා ප්‍රතිකාර ඒකකය විවෘත කෙරේ

නාවික හමුදා තාක්‍ෂණික හා ශ්‍රම දායකත්වයෙන් නවීකරණය කරන ලද යාපනය, නයනතිවු ප්‍රාදේශීය රෝහලෙහි කාන්තා වාට්ටුව රෝගී ප්‍රතිකාර කටයුතු සිදු කිරීම සඳහා එම රෝහල වෙත භාරදීම 2021 සැප්තැම්බර් මස 02 වන දින උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
06 Sep 2021
නාවික පුද්ගලයන්ගේ දායකත්වයෙන් ලේ දන්දීමේ වැඩසටහනක් වැලිසර නාවික සංකීර්ණයේදී

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ උපදෙස් මත බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් උපුල් ද සිල්වා ගේ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව ජාතික රුධිර පාරවිලයන සේවය හා එක්ව ලේ දන්දීමේ වැඩසටහනක් 2021 සැපතැම්බර් මස 04වන දින වැලිසර නාවික සංකීර්ණයේ නාවික හමුදා පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් ශ්‍රීලංනානෞ ගැමුණු ආයතනයේදී පැවැත්වීමට කටයුතු කරන ලදි.
05 Sep 2021
ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ නව ආඥාපති වශයෙන් කොමදෝරු ඩේමියන් ප්‍රනාන්දු වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රමුඛතම පුහුණු ආයතනය වන ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ 36 වන ආඥාපති වශයෙන් කොමදෝරු ඩේමියන් ප්‍රනාන්දු 2021 සැප්තැම්බර් මස 01 වන දින වැඩ භාර ගන්නා ලදී.
03 Sep 2021
කල්පිටිය උච්චමුනෙයි නාවික අනුකණ්ඩයේ නව ජැටිය විවෘත කෙරේ

වයඹ නාවික විධානයට අයත් ශ්‍රීලංනානෞ විජය ආයතනය මඟින් පාලනය වන උච්චමුනෙයි නාවික අනුකණ්ඩයේ අභිනවයෙන් ඉදිකළ කුඩා යාත්‍රා නැවැත්වීමේ ජැටිය අද (2021 අගෝස්තු 30) වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත කුලරත්නගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
30 Aug 2021
මහජන චීන ජනරජය මගින් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් වෙත සයිනොෆාම් එන්නත් මාත්‍රා 300,000 ක් ලබාදෙයි

මහජන චීන ජනරජය මඟින් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් වෙත ලබාදෙනු ලබන සයිනොෆාම් එන්නත් මාත්‍රා 300,000 ක් ශ්‍රී ලංකාවේ මහජන චීන ජනරජ තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ජ්‍යේෂ්ඨ කර්නල් වැන් ඩොන්ග් විසින් නිල වශයෙන් ආරක්‍ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා වෙත භාර දීම අද (2021 අගෝස්තු 28) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී සිදුකෙරුණු අතර, මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ද සහභාගී විය.
28 Aug 2021
නැගෙනහිර නාවික විධානය මඟින් ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වයි

පවත්නා වසංගත තත්ත්වය හමුවේ ප්‍රදේශයේ රෝහල් තුල ඇති ලේ බැංකු තුල පවත්නා රුධිර සංචිත ප්‍රමාණයන් සීඝ්‍ර ලෙස පහත වැටීම හේතුවෙන්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ උපදෙස් මත, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් සංජීව ඩයස්ගේ සංවිධායකත්වයෙන් වාකරේ, ශ්‍රී ලංකා නාවික නෞකා කාශ්‍යප කඳවුරු සංකීර්ණයේදී 2021 අගෝස්තු මස 25 වන දින ලේ දන් දීමේ වැඩසටහනක් පැවැත්වීමට කටයුතු කෙරිණි.
27 Aug 2021