වැදගත් සිදුවීම්
වැලිසර, නාවික මහ රෝහල් පරිශ්‍රයේ ඉදිකළ සිව් මහල් බහුකාර්ය ගොඩනැගිල්ල විවෘත කෙරේ

වැලිසර, නාවික මහරෝහල් පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ සිව් මහල් බහුකාර්ය ගොඩනැඟිල්ල අද (2021 ඔක්තෝබර් 14) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රදානත්වයෙන් විවෘත කෙරිණි.
14 Oct 2021
ශ්‍රී ලංකාවේ නොර්වේ තනාපතිනි සහ නේදර්ලන්ත රාජ්‍යයේ තානාපතිනි නැගෙනහිර නාවික විධානයේ ආඥාපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ නොර්වේ තානාපතිනි ජොරන්ලි එස්කේඩාල් මහත්මිය (Mrs. Joranli Eskedal) සහ නේදර්ලන්ත රාජ්‍යයේ තානාපතිනි ටාන්ජා ගොන්ග්රිප් මහත්මිය (Mrs. Tanja Gonggrijp) 2021 ඔක්තෝබර් මස 13 වන දින නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, එම විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සංජීව ඩයස් හමු විය.
14 Oct 2021
නාවික හමුදාධිපති වයඹ නාවික විධානයේ නිළ සංචාරයක

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න 2021 ඔක්තෝබර් මස 09 සහ 10 දෙදින වයඹ නාවික විධානයේ නිල සංචාරයක නිරත වී එම විධානයේ මෙහෙයුම් හා සුභසාධන කටයුතු පිළිබඳව අධීක්‍ෂණය කරන ලද අතර, ඒ සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිණිය ද සහභාගී විය.
11 Oct 2021
නාවික හමුදාව ඉදිකළ තවත් ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානයක් මහව, බක්මීගහවත්ත ප්‍රදේශයේදී ජනතා අයිතියට

නාවික හමුදාවේ තවත් සමාජ සත්කාරයක් ලෙස මහව, බක්මීගහවත්ත ගම්මානයේ ඉදිකළ ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය 2021 ඔක්තෝබර් මස 10 වන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණියගේ ප්‍රදානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.
11 Oct 2021
නාවික හමුදා සේවා වනිතා ඒකකයේ මූල්‍යමය දායකත්වයෙන් ඉදිකළ ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානයක් පුත්තලම, කරුවලගස්වැවදී ජනතා අයිතියට

නාවික හමුදාවේ තවත් සමාජ සත්කාරයක් ලෙස නාවික හමුදා සේවා වනිතා ඒකකයේ මූල්‍ය දායකත්වයෙන්, පුත්තලම, කරුවලගස්වැව, රජවිගම සිරි සම්බුද්ධ ගලපිටගල විහාරස්ථාන පරිශ්‍රයේ ඉදිකළ ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය අද (2021 ඔක්තෝබර් 09) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණියගේ ප්‍රදානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.
09 Oct 2021
නාවික හමුදා දායකත්වයෙන් සංවර්ධනය කළ කළුතර දිස්ත්‍රික්කයේ කෙලින්කන්ද ජනපදය ප්‍රාථමික විද්‍යාලයේ පහසුකම් සිසු අයිතියට

කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්තේ පිහිටි කෙලින්කන්ද ජනපදය ප්‍රාථමික විද්‍යාලයේ නාවික හමුදා දායකත්වයෙන් සංවර්ධනය කරන ලද සියළු පහසුකම් සිසු අයිතියට පත් කිරීම අද (2021 ඔක්තෝබර් 07) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
07 Oct 2021
ඊශ්‍රායල ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ඊශ්‍රායල ආරක්‍ෂක උපදේශක කර්නල් අසාෆ් මහලර් (Assaf Mahler) අද (2021 ඔක්තෝබර් 06) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.
06 Oct 2021
ප්‍රංශ ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ප්‍රංශ ආරක්‍ෂක උපදේශක කපිතාන් ඊව් ලු කෝ (Captain Yves LE CORRE) අද (2021 ඔක්තෝබර් 06) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.
06 Oct 2021
ජර්මානු ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ජර්මානු ආරක්‍ෂක උපදේශක කපිතාන් ජෙරල්ඩ් කෝච් (Gerald Koch) අද (2021 ඔක්තෝබර් 05) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.
05 Oct 2021
'JA –LAN EX’ ඒකාබද්ධ නාවික අභ්‍යාසය බටහිර මුහුදේදී සාර්ථකව නිමාවට පත් වේ

ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකාය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර පැවැත්වූ “JA –LAN EX’ ඒකාබද්ධ නාවික අභ්‍යාසය අද (2021 ඔක්තෝබර් 04) බටහිර මුහුදේදී සාර්ථකව නිමාවට පත්විය.
04 Oct 2021