වැදගත් සිදුවීම්
නාවික හමුදා ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්නගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

හෝමාගම දියගම මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන 2022 ශත සංවත්සර සැමරුම් ජාතික මළල ක්‍රීඩා ශූරතාවලියේදී මිටර් 800 කාන්තා ධාවන ඉසව්වේ නව ශ්‍රි ලංකා වාර්තාවක් පිහිටුවීමට ආසියානු රන් පදක්කම්ලාභි ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩිකා, කාන්තා සුළු නිලධාරී ගයන්තිකා අබේරත්න අද (2022 අප්‍රේල් 09) සමත් විය.
09 Apr 2022
ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ ලේකම් කාර්යාලයේ පළමු මහළ විවෘත කෙරේ

වැලිසර නාවික සංකීර්ණයේ ස්ථාපිත ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ ඉදිකිරිම් අවසන් කරන ලද පළමු මහළ නාවික හමුදාධිපති සහ නාවික හමුදා සංගමයේ අනුශාසක වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් අද (2022 අප්‍රේල් 07) විවෘත කෙරිණි.
07 Apr 2022
උසස් පෙළ විභාගය විශිෂ්ඨ ලෙස සමත් වූ නාවික පුද්ගලයින්ගේ දරුවන් වෙත ශිෂ්‍යත්ව ප්‍රධානය කෙරේ

2020 වර්ෂයේ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය විශිෂ්ඨ ලෙස සමත් වූ නාවික හමුදා පුද්ගලයින්ගේ දරුවන් වෙත ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් අද (2022 අප්‍රේල් 06) නාවික හමුදා මූලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවනාගාරයේදී සිදු කෙරිණි.
06 Apr 2022
නාවික හමුදා කථික තරඟාවලිය 2021 හි ජයග්‍රාහකයින් වෙත සහතික සහ තිළිණ ප්‍රධානය කෙරේ

ශ්‍රි ලංකා නාවික හමුදා පර්යේෂණ ඒකකය මගින් සංවිධානය කරනු ලැබු නාවික හමුදා කථික තරඟාවලිය - 2021 (Public Speaking Competition - 2021) හි අවසන් තරඟයේ දක්‍ෂතා දැක්වූ නාවික හමුදා නිලධාරීන් වෙත සහතික පත් සහ තිළිණ ප්‍රධානය කිරීම නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් වයිඑන් ජයරත්නගේ ප්‍රධානත්වයෙන් අද (2022 අප්‍රේල් 05) නාවික හමුදා මූලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදි සිදු කෙරිණි.
05 Apr 2022
බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘PROTTASHA’ නෞකාව ත්‍රිකුණාමලය වරායට සේන්දු වෙයි

බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘Corvette’ වර්ගයේ යුද නෞකාවක් වන ‘BNS PROTTASHA’ නෞකාව අද (2022 අප්‍රේල් 02) ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ අතර, නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
02 Apr 2022
‘සයුරුසර’ සඟරාවේ 44 වන කලාපය එළිදකී

නාවික හමුදා මාධ්‍ය ඒකකය මඟින් ප්‍රකාශයට පත්කරනු ලබන ‘සයුරුසර’ සඟරාවේ 44 වන කලාපය එහි ප්‍රධාන සංස්කාරක, ලුතිනන් කොමාණ්ඩර් (ස්වේ) එස්ආර් සුදුසිංහ විසින් අද (2022 මාර්තු 31) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත පිළිගන්වන ලදි.
31 Mar 2022
''හරිත දැයක්” ජාතික ගෙවතු වගා සංග්‍රාමය -2022 නාවික හමුදාව තුළ ක්‍රියාවට නංවයි

''හරිත දැයක්” ජාතික ගෙවතු වගා සංග්‍රාමය -2022 වැඩසටහනේ සමාරම්භයට සමඟාමීව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් නාවික හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී පැළයක් රෝපණය කර, ශ්‍රී ලංකා නාවික හමුදාව තුළ ගෙවතු වගා වැඩසටහන අද දින (2022 මාර්තු 29) ආරම්භ කරන ලදි.
29 Mar 2022
පානම රජයේ දෙමළ විද්‍යාලයට නාවික හමුදාවෙන් පරිගණකයක් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 71 වන සංවත්සර දිනය නිමිත්තෙන් පානම රජයේ දෙමළ විද්‍යාලයේ සිසු දරුවන්ගේ භාවිතය සඳහා පරිගණකයක් ප්‍රදානය කිරීම 2022 මාර්තු මස 24 වන දින ගිණිකොන නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් මහින්ද මහවත්තගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
28 Mar 2022
ඉන්දීය සහ ශ්‍රී ලංකා ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් බටහිර මුහුදේදී

ඉන්දීය සහ ශ්‍රී ලංකා ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් 2022 මාර්තු මස 26 වන දින ශ්‍රී ලංකාවට බටහිර මුහුදේදී ආරම්භ වූ අතර, මෙම නාවික අභ්‍යාසය 2022 මාර්තු මස 29 වන දින දක්වා පැවැත්වීමට නියමිතව ඇත.
27 Mar 2022
නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත සමුද්‍රීය තොරතුරු විලයන මධ්‍යස්ථානයේ පහසුකම් පුළුල් කෙරේ

නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කර ඇති සමුද්‍රීය තොරතුරු විලයන මධ්‍යස්ථානය (Information Fusion Centre - Colombo) වෙත සමුද්‍රීය තොරතුරු එක්රැස් කිරීම හා සබැඳි උපකරණ (MDA Equipment) නිළ වශයෙන් ලබා දීම ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිශුකොෂි හිඩයාකි (Mizukoshi Hideaki) මහතා ගේ ප්‍රධානත්වයෙන් අද (2022 මාර්තු 25) දින නාවික හමුදා මුලස්ථානයේදී සිදු කෙරුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය.
25 Mar 2022