වැදගත් සිදුවීම්

නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තා නාවික පුද්ගලයන් වෙනුවෙන් පැවැත්වූ වෙරළබඩ මුර යාත්‍රා හැසිරවීමේ මූලික පාඨමාලාව සාර්ථකව නිමාවට පත් වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තා නාවික පුද්ගලයන් වෙනුවෙන් පැවැත්වූ වෙරළබඩ මුර යාත්‍රා හැසිරවීමේ මූලික පාඨමාලාව සාර්ථකව නිමාවට පත් වූ අතර, එම කාන්තා නාවික පුද්ගලයන් තමන් හැදෑරු නාවික ශිල්පය සහ යාත්‍රා හැසිරවීම පිළිබඳ ප්‍රායෝගික භාවිතය පිළිඹිබු වන අයුරින් 2022 දෙසැම්බර් මස 15 වන දින නාවික තඨාකාංගණයේදී නාවික හමුදාධිපති සහ ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඉදිරියේ තම දක්ෂතා විදහා දක්වමින් සංදර්ශනයක් පැවැත්වීමට ක‍ටයුතු කරන ලදී.

17 Dec 2022

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද්මිරාල් නිලයට උසස් කෙරේ

අතිගරු ජනාධිපති හා ත්‍රිවිධ හමුදා සේනාධිනායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (2022 දෙසැම්බර් 17) දින සිට ක්‍රියාත්මක වන පරිදි අද්මිරාල් නිලයට උසස් කරන ලදි.

17 Dec 2022

සාර්ථකව පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරීන් 64 ක් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී අධිකාරියට පත් කෙරේ

ජෙනරාල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ 36 සහ 37 වන බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරීන් 22 ක් සහ ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව ලැබූ 62 සහ 63 වන බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරීන් 42 ක් විසිර යාම හා අධිකාරියට පත් කිරීම 2022 දෙසැම්බර් මස 15 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ආරාධනයෙන්, ඉන්දීය නාවික හමුදා ප්‍රධානී, අද්මිරාල් ආර් හරි කුමාර් ගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී, පැවැත්විණි.

16 Dec 2022

ඉන්දීය නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් ආර් හරි කුමාර් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන ඉන්දීය නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් ආර් හරි කුමාර් අද (2022 දෙසැම්බර් 13) නාවික හමුදා මූලස්ථානයේදී ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමු විය.

13 Dec 2022

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS SAHYADRI’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS SAHYADRI’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද උදෑසන (2022 දෙසැම්බර් 13) කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

13 Dec 2022

නාවික හමුදා නිලධාරීන් 26 දෙනෙකු ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ 16 වන මාණ්ඩලික පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කරයි

සපුගස්කන්ද, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලාව සම්පූර්ණ කල දහසය වන (16) පාඨමාලාවට අයත් නිලධාරීන්ගේ උපාධි ප්‍රදාන උත්සවය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති, රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ, නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලේ දී 2022 දෙසැම්බර් මස 08 වන දින පැවැත්වුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය.

10 Dec 2022

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 72 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාව‍ට ආශීර්වාද පතා මහනුවර ශ්‍රී දළදා සමිඳුන් අභියස ගිලන්පස බුද්ධ පූජාවක් සහ දානමය පුණ්‍ය කර්මයක් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 72 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා‍ සමිඳුන් අභියස ගිලන්පස බුද්ධ පුජාවක් සහ ගරුතර මහා සංඝරත්නය උදෙසා දානය පිරිනැමීමේ පුණ්‍ය කර්මයක් 2022 දෙසැම්බර් මස 08 සහ අද (2022 දෙසැම්බර් 09 ) දින නාවික හමුදා බෞද්ධ සංගමයේ දායකත්වයෙන් සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ හා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිණියගේ ප්‍රධානත්වයෙන් බැති සිතින් සිදුකෙරිණි.

09 Dec 2022

ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 72 වන සංවත්සරය අභිමානවත්ව සමරයි

හැත්තෑ දෙවසරක (72) දීර්ඝ ඉතිහාසයකට උරුමකම් ඇති දේශයේ පළමු ආරක්ෂක වළල්ල, ශ්‍රී ලංකා නාවික හමුදාව 72 වන සංවත්සරය අද දින (‍2022 දෙසැම්බර් 09) අභිමානවත්ව සමරයි. නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ උපදේශකත්වය හා මඟපෙන්වීම යටතේ සෑම නාවික විධානයකම නාවික සම්ප්‍රදායන් සහ ආගමික කටයුතු සඳහා මුල්තැනක් දෙමින් 72 වන සංවත්සරය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් සිදුකරනු ලබන අතර, 72 වන සංවත්සරයට සමගාමීව, මෙවරද (2022 දෙසැම්බර් 09) ගාලු මුවදොර ඉදිරිපස මුහුදු තීරයේ ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකා නැංගුරම්ලා තබා දේශයේ නාවික බලය පොදු මහ ජනතාවට දැකබලා ගැනීමට නාවික හමුදාව කටයුතු සූදානම් කර ඇත.

09 Dec 2022

ශ්‍රී ලංකා නාවික හමුදා සංස්කෘතික වාදක අංශයේ නර්තන හා බෙරවාදන ප්‍රසංගය උත්කර්ශවත් අයුරින් පැවැත්වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදා සංස්කෘතික වාදක අංශයේ නාවික පුද්ගලයන් විසින් ඉදිරිපත් කරන ලද විචිත්‍රවත් නර්තන හා බෙර වාදන ප්‍රසංගය නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ‍ඒකකයේ ගරු සභාපතිනී, චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සහභාගීත්වයෙන් 2022 නොවැම්බර් මස 29 වන දින කොළඹ 07, රෝයල් මාස් එරීනා රංග ශාලාවේදී උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.

05 Dec 2022

72 වන නාවික හමුදා දිනය වෙනුවෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා කොළඹ කොටුව, චැතැම් වීදියේ ජුම්මා පල්ලියේදී දේව මෙහෙයක්

2022 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 72 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා පැවැත්වෙන ආගමික වැඩසටහන් මාළාවේ ඉස්ලාම් දේව මෙහෙය අද (2022 ‍දෙසැම්බර් 02) කොළඹ කොටුව, චැතැම් වීදියේ ජුම්මා පල්ලියේදී පැවැත්විණි.

02 Dec 2022