වැදගත් සිදුවීම්

ශ්‍රී ලංකා නාවික හමුදාව රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව ලබා දී නව වසරේ රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා නාවික හමුදාව උදා වූ 2023 නව වර්ෂයේ රාජකාරී ආරම්භ කිරීමට පෙර, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් අද දින (2023 ජනවාරි 02) උදෑසන නාවික හමුදා මූලස්ථානයේදී, රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව ලබාදීම සිදු කෙරිණි.

02 Jan 2023

ගාලු මුවදොර ජාතික ධජය එසවීම සහ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය නාවික හමුදාව භාර ගනී

ගාලු මුවදොර ජාතික ධජය එසවීම හා කොළඹ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය සම්බන්ධ රාජකාරීන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් නාවික හමුදාව වෙත භාර ගැනීම 2022 දෙසැම්බර් මස 31 වන දින සහ අද දින (2023 ජනවාරි 01) කොළඹ ගාලු මුවදොරදී සහ නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

01 Jan 2023

නාවික හමුදාධිපති ගේ අළුත් අවුරුදු සුභ පැතුම් පණිවුඩය

නැවුම් අභිප්‍රායන් සමඟින් පා තබන 2023 නව වසර නාවික, නාවික සිවිල් ඔබ සැමටත්, ඔබගේ පවුල්වල සියලු දෙනාටත් තම ප්‍රාර්ථනාවන්, අභිප්‍රායන් ඉටුවන සෞභාග්‍යමත් සුභ නව වසරක් වේවායි නාවික හමුදාධිපති වශයෙන් මා ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.

01 Jan 2023

නාවික හමුදාධිපති ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා බැහැදකියි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, අද දින (2022 දෙසැම්බර් 30) රාජ්‍ය ආරක්‍ෂක හා ආපදා කළමණාකරන රාජ්‍ය අමාත්‍යාංශයේ දී, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා බැහැදැකීමට කටයුතු කෙරිණි.

30 Dec 2022

උතුරු නාවික විධානයේ සුභසාධන සහ මෙහෙයුම් පහසුකම් පුළුල් කෙරේ

උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා වසභ ආයතනයේ සුභසාධන පහසුකම් පුළුල් කිරීමේ අරමුණෙන් ප්‍රතිසංස්කරණය කරන ලද නිලධාරි නිවාස ගොඩනැගිල්ල සහ ක්වීන්ස් ටවර් නාවික අනුඛණ්ඩයේ මෙහෙයුම් අවශ්‍යතා සඳහා පහසුකම් පුළුල් කරමින් ඉදිකරන ලද නව ගොඩැගිල්ල උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් අරුණ තෙන්නකෝන් ගේ ප්‍රධානත්වයෙන් 2022 දෙසැම්බර් මස 29 දින විවෘත කරන ලදි.

30 Dec 2022

නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රථම වාර්ෂික ප්‍රකාශණය එළිදකි

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨය මඟින් ප්‍රථම වරට එළි දක්වන ලද වෘත්තීය ප්‍රකාශනය වන ‘The Porthole’ සංග්‍රහයෙහි පළමු පිටපත නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු ඩේමියන් ප්‍රනාන්දු විසින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත පිළිගැන්වීම, 2022 දෙසැම්බර් මස 29 වන දින නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

30 Dec 2022

එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් සඳහා ප්‍රති ආශ්‍රැති ජල පිරිපහදු ඒකකයක් නිපදවීමට නාවික හමුදාව ගිවිසුම්ගත වෙයි

එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් සඳහා සහභාගී වන ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රයෝජනය සඳහා නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මඟින් ජංගම ප්‍රති ආශ්‍රැති ජල පිරිපහදු ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බළකාය අතර අවබෝධතා ගිවිසුමක්‍ අත්සන් කිරීම 2022 දෙසැම්බර් මස 29 වන දින නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණ.

30 Dec 2022

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 72 වන සංවත්සරය නිමිත්තෙන් කැළණිය රජමහා විහාරස්ථානයේදී විශේෂ ආගමික වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 72 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා සිදුකෙරුණු විශේෂ ආගමික වැඩසටහනක් 2022 ‍දෙසැම්බර් මස 28 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි මාලා ලමාහේවා මැතිණියගේ සහභාගීත්වයෙන් කැළණිය රජමහා විහාරස්ථානයේදී පැවැත්විණි.

29 Dec 2022

නව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති හමුවෙයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අද දින (2022 දෙසැම්බර් 28) ගුවන් හමුදා මූලස්ථානයේදී, ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති, එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ හමුවිය.

29 Dec 2022

නව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති හමුවෙයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අද දින (2022 දෙසැම්බර් 28) යුද හමුදා මූලස්ථානයේදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ හමුවිය.

29 Dec 2022