වැදගත් සිදුවීම්
මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලය මඟින් විශේෂ යාත්‍රා බලඝන මූලස්ථානයේදී පැවැත්වූ යාත්‍රාවන් සෝදිසි කිරීම සහ අත්පත් කරගැනීමේ ක්‍රමවේදයන් සම්බන්ධ පාඨමාලාවක් සාර්ථකව අවසන් වේ
එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලය මඟින් ත්‍රීකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී පවත්වන ලද යාත්‍රාවන් වෙත ප්‍රවිශ්ඨවීම, සෝදිසි කිරීම සහ අත්පත් කරගැනීමේ ක්‍රමවේදයන් සම්බන්ධ පාඨමාලාවනක් සාර්ථකව අවසන් වූ අතර, එහි සහතික ප්‍රදාණය 2023 ජුලි මස 07 වන දින එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලයේ, ගෝලීය සමුද්‍ර අපරාධ වැඩසටහනේ වැඩසටහන් සම්බන්ධීකාරක (The Programme Coordinator, Indian Ocean East Team of Global Maritime Crime Programme) සිජි සොන්ග් (Siji Song) මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
09 Jul 2023
මිනිස් ජාවාරම් මැඩපැවැත්වීම සම්බන්ධයෙන් හමුදා නිලධාරීන් දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහනක් සාර්ථකව පවත්වයි
සංක්‍රමණ පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය (International Organization for Migration - IOM), මිනිස් ජාවාරමට එරෙහි ජාතික කාර්යය සාධන බලකාය (National Anti- Human Trafficking Task Force – NAHTTF) හා එක්ව, මිනිස් ජාවාරම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් 2023 ජුලි මස 04 සහ 05 දෙදින කොළඹදී පවත්වන ලද හමුදා නිලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහන සාර්ථකව නිමාවට පත්විය.
06 Jul 2023
සමුගැනීමේ නිල හමුවක් සඳහා ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, කර්නල් මුහම්මද් සෆ්දාර් ඛාන් (Colonel Muhammad Safdar Khan) අද දින (2023 ජුලි 06) නාවික හමුදා මූලස්ථානයේදී සමුගැනීමේ නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.
06 Jul 2023
ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ සත්කාරක ව්‍යාපෘතිය මගින් “කතරගම පාද යාත්‍රාව” සඳහා පිරිසිදු පානීය ජලය සපයයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ සත්කාරක ව්‍යාපෘතිය යටතේ, 2023 ජුනි මස 10 වන දින සිට 29 දින දක්වා පැවති කතරගම පාද යාත්‍රාව සඳහා සහභාගී වූ බැතිමතුන් වෙනුවෙන් යාල ලිං තුන ප්‍රදේශයේ ප්‍රතිආශ්‍රැති ජල පෙරන මධ්‍යස්ථානයක් ස්ථාපිත කර බැතිමතුන්ගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය පහසුවෙන් සපුරා දීමට කටයුතු කෙරිණි.
05 Jul 2023
ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් හා නාවික හමුදාධිපති අතර නිල හමුවක්
ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් වශයෙන් කටයුතු කරනු ලබන ගරු අලි ෆායිස් (Ali Faiz) අද දින (2023 ජුලි 04) නාවික හමුදා මූලස්ථානයේදී, නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.
05 Jul 2023
රියර් අද්මිරාල් ප්‍රියල් විතානගේ නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා ලෙස වැඩ භාර ගනියි
රියර් අද්මිරාල් ප්‍රියල් විතානගේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා වශයෙන් අද දින (2023 ජුලි 04) නාවික හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා කාර්යාලයේදී වැඩ භාර ගන්නා ලදී.
04 Jul 2023
පූර්ණ ආබාධිත විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නාවිකයෙකු වෙත නාවික හමුදාව මඟින් විදුලි රෝද පුටුවක් පිරිනමයි
විශේෂිත රෝගී තත්වයක් හේතුවෙන් පුර්ණ ආබාධිත තත්වයට පත්ව සිටින පාලක ප්‍රධාන සුළු නිලධාරි එම්යූඑල් ජයරත්න (විශ්‍රාමික) යන ජ්‍යේෂ්ඨ නාවිකයා වෙත නාවික හමුදාව මඟින් නිර්මාණය කරන ලද විදුලි රෝද පුටුවක් පරිත්‍යාග කිරිම, 2023 ජුලි මස 03 වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් ඇල්පිටිය ප්‍රදේශයේ පිහිටි එම ජ්‍යේෂ්ඨ නාවිකයාගේ නිවසේදි සිදු කෙරිණි.
04 Jul 2023
නාවික හමුදාධිපති නැගෙනහිර නාවික විධානයේ ත්‍රිකුණාමලය දකුණ ප්‍රදේශයේ නිල සංචාරයක නිරත වෙයි
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, 2023 ජුලි මස 01 වන දින නැගෙනහිර නාවික විධානයට අයත් ත්‍රිකුණාමලය දකුණ ප්‍රදේශයේ නිල සංචාරයක නිරත වෙමින්, එම ප්‍රදේශයේ නාවික හමුදාවේ සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් කටයුතු සහ සුභසාධන පහසුකම් නිරීක්ෂණය කල අතර, නාවික හමුදාවේ මෙහෙයුම් සූදානම සහ කාලීන අභියෝග කළමණාකරනය පිළිබඳව එහිදී, ත්‍රිකුණාමලය දකුණ ප්‍රදේශයේ නිලධාරීන් හා නාවිකයන් දැනුවත් කිරීම සිදු කෙරිණි.
02 Jul 2023
ජෙනරාල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ 35 සහ 36 වන බඳවා ගැනීමේ තාක්ෂණික අංශයට අයත් මධ්‍ය නිලධාරීන් 23 ක් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී අධිකාරියට පත් කෙරේ
ජෙනරාල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ 35 සහ 36 වන බඳවා ගැනීමේ තාක්ෂණික අංශයට අයත් මධ්‍ය නිලධාරීන් විසිතුන් දෙනෙකු (23), 2023 ජුනි මස 30 වන දින ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රධාන සරඹ පිටියේ පැවති අභිමානවත් අධිකාරියට පත්කිරීමේ උත්සවයකින් අනතුරුව විසිර යන ලද අතර, එම අවස්ථාව සඳහා ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු බුද්ධික ලියනගමගේ ගේ ආරාධනයෙන්, ප්‍රධාන ආරාධිතයා ලෙස නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.
01 Jul 2023
නාවික හමුදාව වෙත ඉඳුරාම බඳවා ගත් නිලධාරීන් හා ශිෂ්‍යභට නිලධාරීන් 67ක් නාවික හමුදා මූලස්ථානයේදී පත්වීම් ලිපි ලබයි
ශ්‍රී ලංකා නාවික හමුදාවට බඳවා ගත් 65 වන ශිෂ්‍යභට බඳවා ගැනීමේ නිලධාරීන් තිස්පස් දෙනෙකු (35), ස්වේච්ඡා නාවික හමුදාව වෙත ඉඳුරාම බඳවාගත් නිලධාරීන් විසිනව දෙනෙකු (29) සහ විශ්වවිද්‍යාල වරම් හිමිකරගත් ශිෂ්‍යභට නිලධාරීන් තිදෙනෙකු (03) ඇතුළු 67ක් වෙත පත්වීමේ ලිපි ප්‍රදානය කිරීම, අද දින (2023 ජුනි 28) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි.
29 Jun 2023


