වැදගත් සිදුවීම්
ගාලු කථීකාව 2023 අන්තර්ජාතික සමුද්‍රීය සම්මන්ත්‍රණය හෙට ගාල්ලේදී
ශ්‍රී ලංකා නාවික හමුදාව, ආරක්‍ෂක අමාත්‍යංශය සහ Geopolitical Cartographer (GC) ආයතනය හා එක්ව එකොළොස්වන (11) වරටත් සංවිධානය කරනු ලබන ගාලු කථීකාව අන්තර්ජාතික සමුද්‍රීය සම්මන්ත්‍රණය මෙවර ගාල්ල, ජෙට්වින්ග් ලයිට්හවුස් හෝටලයේදී ශ්‍රී ලංකා ජනාධිපති, ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ඇතුළු සම්භාවනීය ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් 2023 ඔක්තෝබර් මස 12 වන දින ආරම්භ වන අතර, එම සම්මන්ත්‍රණය එදින සිට දින දෙකක් පුරා (2023 ඔක්තෝබර් 12-13) පැවැත්වීමට නාවික හමුදාව සියලු කටයුතු සූදානම් කර ඇත. Emerging New Order in the Indian Ocean යන තේමාව ඔස්සේ පැවැත්වෙන මෙවර සමුළුව සඳහා රටවල් 44 ක සහ ජාත්‍යන්තර සංවිධාන 11 ක මෙන්ම, ආරක්ෂක ක්‍ෂේත්‍රයේ නිපැයුම් සම්බන්ධ ආයතනයන්ගේ දෙස් විදෙස් නියෝජිතයින් හා සමුද්‍රීය ආරක්‍ෂක විද්වතුන් රැසක් සහභාගී වනු ලබයි.
11 Oct 2023
ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමයේ දායකත්වයෙන් සෞඛ්‍ය කඳවුරක් හා බහුවිධ සමාජසේවා ව්‍යාපෘතීන් රැසක් සේරුවාවිලදී පවත්වයි
ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමය, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සිංහ සමාජය සහ ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකය එක්ව, 2023 ඔක්තෝබර් මස 08 වන දින සේරුවාවිල මංගල රජමහා විහාරස්ථානයේදී, සෞඛ්‍ය කඳවුරක් හා බහුවිධ සමාජසේවා ව්‍යාපෘතීන් රැසක් පැවැත්වීමට කටයුතු කෙරිණි.
11 Oct 2023
Wave N’ Lake නාවික හමුදා උත්ශව ශාලාව වැලිසර දී විවෘත වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ විවිධ උත්සව අවස්ථාවන් සඳහා සහ සියළුම නාවික හමුදා පුද්ගලයන්ගේ සුභසාධනය වෙනුවෙන්, නාවික හමුදා පුද්ගලයන්ගේ මූල්‍ය දායකත්වයෙන් සහ නාවික හමුදා තාක්‍ෂණික සහ ශීල්පීය දායකත්වයෙන් ඉදිකල Wave N’ Lake උත්සව ශාලාව, වැලිසර නාවික පරිශ්‍රයේදී 2023 ඔක්තෝබර් මස 07 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභපතිනී මාලා ළමාහේවා මහත්මියගේ සහභාගීත්වයෙන් උත්සවාකාරයෙන් විවෘත කර, මෙහෙයුම් කටයුතු ආරම්භ කෙරිණි.
08 Oct 2023
"කොමාන්ඩර් ප්‍රේම්ලාල් දන්වත්ත රංග ශාලාව" නාවික හමුදාධිපති ගේ ප්‍රධානත්වයෙන් විවෘත වෙයි
රාජකීය ලංකා නාවික හමුදාවේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ සංගීත අධ්‍යක්‍ෂක ලෙස කටයුතු කල, දිවංගත කොමාන්ඩර් ප්‍රේම්ලාල් දන්වත්ත වෙත නාවික හමුදාවෙන් පිදෙන උපහාරයක් ලෙස, වැලිසර නාවික පරිශ්‍රයේ පිහිටි නාවික හමුදා සංස්කෘතික නර්ථන ශාලාව, "කොමාන්ඩර් ප්‍රේම්ලාල් දන්වත්ත රංග ශාලාව" ලෙස නම් කර විවෘත කිරීම 2023 ඔක්තෝබර් මස 07 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ළමාහේවා මැතිණියගේ සහභාගීත්වයෙන් වැලිසර නාවික හමුදා පරිශ්‍රයේදී අභිමානවත් අයුරින් සිදුකෙරිණි.
08 Oct 2023
ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිනී හා නාවික හමුදාධිපති අතර නිල හමුවක්
ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිනිය වශයෙන් කටයුතු කරනු ලබන ගරු මියොන් ලී මහත්මිය (Miyon Lee) අද දින (2023 ඔක්තෝබර් 06) නාවික හමුදා මූලස්ථානයේදී, නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.
06 Oct 2023
නාවික හමුදාව මඟින් රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍රයක් පිරිනමයි
නාවික සමාජීය මෙහෙවර ව්‍යෘපෘතිය මඟින් නිර්මාණය කරන ලද වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍රයක්, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකය වෙත පිරිනැමීම, 2023 ඔක්තෝබර් මස 06 වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
06 Oct 2023
සමුගැනීමේ නිල හමුවක් සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් විකාස් සූඩ් (Captain Vikas Sood), සමුගැනීමේ නිල හමුවක් සඳහා 2023 ඔක්තෝබර් මස 05 වන දින නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.
06 Oct 2023
බහරේන් හි ඒකාබද්ධ සමුද්‍රීය බළකායේ නියෝජ්‍ය අණදෙන නිලධාරි සහ නාවික හමුදාධිපති අතර නිල හමුවක්
ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතවන බහරේන් හි පිහිටි ඒකාබද්ධ සමුද්‍රීය බළකායේ (The Combined Maritime Forces – CMF) නියෝජ්‍ය අණදෙන නිලධාරී කොමදෝරු පිලිප් එඩ්වර්ඩ් ඩෙනිස් (Commodore Philip Edward Dennis - Royal Navy) අද දින (2023 ඔක්තෝබර් 02) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.
02 Oct 2023
වෛද්‍ය නිලධාරීන් 07 ක් නාවික හා සාගරික විද්‍යාපීඨයේදී විසිර යයි
ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ වෛද්‍ය අංශයට අයත් වෛද්‍ය නිලධාරීන් හත් දෙනෙකු (07) විසිර යාම, 2023 සැප්තැම්බර් මස 30 වන දින ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රධාන සරඹ පිටියේදී නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු බුද්ධික ලියනගමගේ ගේ ප්‍රධානත්වයෙන් අභිමානවත් අයුරින් සිදුකෙරිණි.
01 Oct 2023
ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වූ 25 වන සමුද්‍රීය බල සමුළුව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාධිපති සහභාගී වෙයි
ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්පෝර්ට්, රෝඩ් අයිලන්ඩ්හි පිහිටි ඇමෙරිකා එක්සත් ජනපද නාවික සංග්‍රාමික විද්‍යායතනයේ (U.S. Naval War College) 2023 සැප්තැම්බර් මස 19 වන දින සිට 22 වන දින දක්වා පැවැති 25 වන සමුද්‍රීය බල සමුළුව (25th International Seapower Symposium - ISS) සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය. එහිදී, ඇමෙරිකා එක්සත් ජනපද නියෝජ්‍ය නාවික මෙහෙයුම් ප්‍රධානී, අද්මිරාල් Lisa M. Franchetti, ඇමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ ආඥාපති, අද්මිරාල් Linda L. Fagan, ඇමෙරිකා එක්සත් ජනපද ශාන්තිකර විධානයේ අණදෙන නිලධාරී අද්මිරාල් Samuel J. Paparo සහ ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදා මධ්‍යම විධානයේ ආඥාපති වයිස් අද්මිරාල් Brad Cooper ඇතුළු කලාපීය හා කලාපීය නොවන රාජ්‍යයන්ට අයත් නාවික හමුදා සහ වෙරළාරක්ෂක ප්‍රධානීන් සමඟ සිදුකෙරුණු නිල හමුවීම් සඳහා සහභාගී වී, සමුද්‍රීය ආරක්ෂාව සහ සයෝගීතාවය ඇතුළු ද්විපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු පිලිබඳ අදහස් හුවමාරු කරගැනීම සිදු කෙරිණි.
26 Sep 2023


