වැදගත් සිදුවීම්

නාවික හමුදාව බදුල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්ක තුළ ප්‍රති ආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන ‍04ක් ස්ථපිත කරයි

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන්, ජනාධිපති ‍ලේකම් කාර්යාලයේ මූල්‍ය දායකත්වයෙන් සහ නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් බදුල්ල දිස්ත්‍රීක්කයේ මහියංගනය ප්‍රදේශිය ලේකම් කොට්ඨාසය සහ කුරුණෑගල දිස්ත්‍රීක්කයේ අඹන්පොල, ගල්ගමුව හා බිංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුල ස්ථාපනය කල ප්‍රථිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන හතරක් (04) 2025 දෙසැම්බර් මස 29 සහ 30 දින ජනතා අයිතියට පත් කෙරිණි.

02 Jan 2026

ජාතික ආපදා තත්වය හමුවේ සහය දැක්වූ විදේශීය යුද නෞකා වෙත ප්‍රණාමය පිරිනැමේ

ගෝලීය සහ කලාපීය සහයෝගීතාවයද, සුරක්‍ෂිත සාගර කලාපයක් වෙනුවෙන් වන සාමූහික වගකීමද පෙන්නුම් කරමින්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් පැමිණි විදේශීය යුද නෞකා විසින්, දිවයිනේ ජාතික ආපදා අවස්ථාවේදී මානුෂීය ආධාර සහ ආපදා සහන මෙහෙයුම් සඳහා දක්වන ලද සහය වෙනුවෙන් ප්‍රණාමය පුද කිරීම, ශ්‍රී ලංකා නාවික හමුදාව ‍විසින් 2025 නොවැම්බර් මස 30 වැනි දින ගාළුමුවදොරට ඔබ්බෙන් වූ බටහිර මුහුදේදී පැවති, 2025 ජාත්‍යන්තර යුද නෞකා නිරීක්‍ෂණයේදී සිදුකෙරිණි. එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් සහභාගී වූ, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මැතිණිය, යුද නෞකා වෙතින් පිරිනමන ලද සාම්ප්‍රදායික යුද නෞකා ආචාරය පිළිගැනීම, ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාවේදී සිදුකෙරිණි.

01 Jan 2026