වැදගත් සිදුවීම්

අපොස උසස් පෙළ, සාමාන්‍ය පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේදී විශිෂ්ඨ දස්කම් දැක්වූ නාවික පුද්ගලයින්ගේ දරුවන් වෙත ශිෂ්‍යත්ව ප්‍රධානය කෙරේ

2024 වර්ෂයේ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ, සාමාන්‍ය පෙළ සහ 2025 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය විශිෂ්ඨ ලෙස සමත් වූ සේවයේ නියුතු සහ ආබාධිතව විශ්‍රාමිකව සිටින නාවික හමුදා පුද්ගලයින්ගේ දරුවන් පන්සිය පනස් දෙදෙනෙක් (552) වෙත නාවික හමුදා සුභසාධක අරමුදලේ දායකත්වයෙන් ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමට කටයුතු කෙරුණු අතර, සංකේතාත්මකව ශිෂ්‍යත්වලාභී දරුවන් දහතුන් දෙනෙක් (13) වෙත ශිෂ්‍යත්ව ප්‍රේෂණ පත් ප්‍රදානය කිරීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ප්‍රධානත්වයෙන් 2026 අප්‍රේල් මස 06 වන දින නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

08 Apr 2026

ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වයෙන් නාගදීප පුරාණ රජමහා විහාරස්ථානයේ ආගමික වැඩසටහන් මාලාවක්

යාපනය, නයිනතිව් දූපතේ පිහිටි ඓතිහාසික නාගදීප පුරාණ රජ මහා විහාරස්ථානයේ 2026 අප්‍රේල් මස 02 සහ 03 දෙදින පුරා පැවති ආගමික ආගමික වැඩසටහන් මාලාවක් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ බැතිබර දායකත්වය ලබා දීමට කටයුතු කෙරිණි. ඒ අනුව, නාගදීප පුරාණ රජමහා විහාරාධිපති, උත්තර ලංකාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස නාහිමිගේ අනුශාසනා පරිදි, නාවික හමුදාධිපතිගේ උපදෙස් හා මඟ පෙන්වීම මත, උතුරු නාවික විධානයේ ආඥාපතිගේ අධීක්‍ෂණයෙන් 2026 අ‍ප්‍රේල් මස 02 වන දින රාත්‍රියේ සුමධුර ධර්මදේශනාවක් පැවැත්වීමෙන් අනතුරුව, 2026 අප්‍රේල් මස 03 වන දින ගරුතර මහා සංඝරත්න‍යේ තිස් දෙනමක් (32) වෙනුවෙන් දහවල් දානය සහ පිරිකර පූජා කිරීමද සිදුකෙරිණි

07 Apr 2026

නාවික හමුදාවේ මුලිකත්වයෙන් රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව පිළිබඳ පුහුණු අභ්‍යාසයක් කොළඹ වරාය UCT ජැටියේදී සාර්ථකව පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්, හදිසි රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (CBRN) උපද්‍රව අවස්ථාවන්හිදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීම සඳහා වූ පුහුණු අභ්‍යාසයක්, 2026 මාර්තු 31 වන දින කොළඹ වරායේ යුනිටි බහාලුම් පර්යන්ත (UCT) ජැටියේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.

07 Apr 2026

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් රොහාන් දිසානායක නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 34 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් රොහාන් දිසානායක අද (2026 ජනවාරි 06) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.

06 Apr 2026

හම්බන්තොට වරාය පරිශ්‍රය තුල රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (CBRN) උපද්‍රව පිළිබඳව සාර්ථක පුහුණු අභ්‍යාසයක් නාවික හමුදාව මූලිකත්වයෙන් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්, හදිසි රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (CBRN) උපද්‍රව අවස්ථාවන්හිදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීම සඳහා වූ පුහුණු අභ්‍යාසයක්, 2026 මාර්තු 04 වන දින සිට 13 වන දින දක්වා ශ්‍රී ලංකා නාවික නෞකා කාවන්තිස්ස ආයතනයේදී හා හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ බහාලුම් අංගනයේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.

06 Apr 2026

නාවික හමුදාව මඟින් ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ගල්නෑවේදී ජනතා අයිතියට

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අනුරාධපුර නෑගම සිරිසුමන විද්‍යාලයේ ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානයක් (01) ජනතා අයිතියට පත්කිරීම 2026 මාර්තු මස 27 වන දින සිදු කෙරිණි.

31 Mar 2026

විදේශීය නෞකා කාර්යය මණ්ඩල සාමාජිකයෙකු හදිසි වෛද්‍ය ප්‍රථිකාර සඳහා නාවික හමුදාව විසින් රැගෙන එයි

කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, චීන ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ විදේශීය නෞකාවක, හදීසි වෛද්‍ය ප්‍රථිකාර අවශ්‍යව සිටි කාර්යය මණ්ඩල සාමාජිකයෙකු, නාවික හමුදා යාත්‍රාවක් මඟින් කඩිනමින් ගොඩබිමට රැගෙනවිත්, එම නෞකාවේ දේශීය නියෝජිත ආයතනයේද සහයෙන් ප්‍රතිකාර සඳහා ගාල්ල පෞද්ගලික රෝහලක් වෙත යොමු කිරීමට 2026 මාර්තු මස 27 වැනි දින නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

28 Mar 2026

‘Blue Whale – 2026’ ක්‍ෂේත්‍ර පුහුණු අභ්‍යාසය ත්‍රීකුණාමලයේදී සාර්ථකව නිමාවට පත්වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බලකාය විසින් සිව්වන (04) වරටත් සංවිධානය කරනු ලැබූ ‘Blue Whale – 2026’ ක්‍ෂේත්‍ර පුහුණු අභ්‍යාසය, 2026 මාර්තු මස 20 වැනි දින ආඥාපති නාවික පාබල, රියර් අද්මිරාල් රොහාන් දිසානායකගේ ප්‍රධානත්ව‍යෙන් ආරම්භ කෙරිණි. නැගෙනහිර මුහුදු තීරය සහ ඒ ආශ්‍රිත වෙරළ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් සාර්ථකව පැවැත්වූ මෙම ක්‍ෂේත්‍ර පුහුණු අභ්‍යාසය මාර්තු මස 26 දින සාර්ථකව නිමාවට පත් වු අතර, එහි අවසන් අභ්‍යාසය නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරියගේ ප්‍රධානත්වයෙන් ත්‍රීකුණාමලය, ශ්‍රී ලංකා නාවික නෞකා විදුර, මැරීන් බලකා මූලස්ථානයේදී පැවැත්විණි.

28 Mar 2026

ශ්‍රී ලංකා නාවික හමුදාව සැපයුම් හා සේවා විද්‍යුත් ප්‍රසම්පාදන පද්ධතිය ක්‍රියාවට නංවයි

රජයේ විද්‍යුත් ප්‍රසම්පාදන (Electronic Government Procurement - e-GP) පද්ධතිය ක්‍රියාත්මක කිරීමේ මුලපිරීම් හා සමගාමීව, ශ්‍රී ලංකා නාවික හමුදාව, නාවික හමුදා සැපයුම් හා සේවා හා සම්බන්ධ විද්‍යුත් ප්‍රසම්පාදන පද්ධතිය සක්‍රීය කිරීම සනිටුහන් කරමින් ක්‍රියාවට නංවන ලද නියමු ව්‍යාපෘතිය පිලිබඳ විශේෂ සාකච්ඡාවක්, 2026 මාර්තු මස 13 වැනි දින නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් සැපයුම් හා සේවා ගේ ප්‍රධානත්වයෙන්, නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.

24 Mar 2026

ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක දූත පිරිසක් ජපානයේදී විශේෂ සාකච්ඡාවල නිරත වෙයි

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක දූත පිරිසක් ජපානයේ දෙදින නිල සංචාරයක නිරත වුහ. එහිදී දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය මෙන්ම ආරක්‍ෂක සහයෝගීතාව සහ සමුද්‍රීය ආරක්‍ෂාව සම්බන්ධ උපායමාර්ගික සබඳතා යළි තහවුරු කෙරිණි.

20 Mar 2026