වැදගත් සිදුවීම්

නාවික හමුදාධිපති වයඹ නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙමින් නාවික හමුදා මෙහෙයුම් අභිප්‍රාය අවධාරණය කරයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ 2025 ජුලි මස 12 සහ 13 දෙදින වයඹ නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙමින්, එම විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපණ්ණී සහ විජය ආයතනයන් හා එම ආයතනයන්ට අයත් අනුඛණ්ඩයන්හි මෙහෙයුම් සූදානම, පරිපාලන කටයුතු සහ සුභසාධන කටයුතු නිරීක්‍ෂණය කර, එම කටයුතු නිසිලෙස ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධයෙන් සමාලෝචනයක නිරතවී, නාවික හමුදාවේ මෙහෙයුම් අභිප්‍රාය පිළිබඳ අවධාරනය කෙරිණි.

14 Jul 2025

නාවික හමුදා ශිල්පීය දායකත්වයෙන් ඉදිකිරීම් සම්පූර්ණ කළ නයනතිව් ප්‍රාදේශීය රෝහලේ බාහිර ‍රෝගී අංශ ගොඩනැගිල්ල විවෘත්ත කෙරේ

ජර්මානු රතු කුරුස සංවිධානයේ මූල්‍ය දායකත්වයෙන් සහ නාවික හමුදා තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන්, යාපනය නයිනතිව් දූපතේ ප්‍රාදේශීය රෝහලේ අභිනවයෙන් ඉදිකළ බාහිර රෝගී අංශ (OPD) ගොඩනැගිල්ල විවෘත කර ජනතා අයිතියට පත්කිරීම, 2025 ජුලි මස 12 දින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

14 Jul 2025

උතුරු මැද සහ නැගෙනහිර පාලාතේ පාසල් පරිශ්‍ර තුල ඩෙංගු මර්ධන වැඩසටහන් සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික ව්‍යාපෘතියට සමඟාමීව, “සතුට සපිරි පාසලක්” යන තේමාව මුල්කර ගනිමින් පාසල් තුල, සුරක්‍ෂිත ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම සඳහා දායක වන නාවික හමුදාව, උතුරු මැද පලාතේ පාසල් පරිශ්‍ර 05ක් සහ නැගෙනහිර පලාතේ පාසල් පරිශ්‍ර 06ක් තුල ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කර, එම පාසල් පරිශ්‍ර සෞඛ්‍යාරක්‍ෂිත පාසල් පරිශ්‍ර බවට පත් කිරීම වෙනුවෙන් 2025 ජුලි මස 09 වැනි දින ප්‍රජා සත්කාරක දායකත්වය ලබාදීම සහ ප්‍රජා බල ගැන්වීම සිදු කෙරිණි.

13 Jul 2025

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති හමුවෙයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ අද (2025 ජුලි 09) ගුවන් හමුදා මූලස්ථානයේදී, ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති, එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ හමුවිය.

09 Jul 2025

ක්‍රීඩා තහනම් උත්තේජක පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් නාවික හමුදා මූලස්ථානයේදී

ක්‍රීඩා තහනම් උත්තේජක පිලිබඳ නාවික හමුදා ක්‍රි‍ඩා සංචිතයන්ට අයත් නාවික හමුද පුද්ගලයන්, ක්‍රිඩා උපදේශකයන් සහ පුහුණුකරුවන් දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළුවක්, තහනම් උත්තේජක විරෝධි ඒජන්සිය සහ පිරිසිදු ක්‍රීඩා අධ්‍යාපනඥ පෝෂණ ඒකකයේ සම්පත් දායකත්වයෙන් 2025 ජුලි මස 01 වැනි දින නාවික හමුදා මූලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

09 Jul 2025

යුද්ධ හමුදාධිපති නාවික හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත වෙයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ, අද (2025 ජූලි 08) නාවික හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත වෙමින්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ සමඟ නිල හමුවක් සිදුකෙරිණි.

08 Jul 2025

නාවික හමුදාව මඟින් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ජනතා අයිතියට

‘නිරෝගී ජීවිතයක් - සෞඛ්‍ය සම්පන්න ජනතාවක්’ යන දැක්ම සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් හා ජනාධිපති ‍ලේකම් කාර්යාලයේ මූල්‍ය දායකත්වයෙන් සහ නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, 571- නුවරවැව, ශ්‍රී සද්ධර්මවංශ විවේකාශ්‍රමන විහාරස්ථාන භූමිය තුල ස්ථාපනය කල ප්‍රථිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය (01) 2025 ජුලි මස 07 වැනි දින ජනතා අයිතියට පත් කෙරිණි.

08 Jul 2025

නාවික හමුදාව මඟින් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන ‍03ක් ජනතා අයිතියට

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වය ඇතිව, ජනාධිපති ‍ලේකම් කාර්යාලයේ මූල්‍ය දායකත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රීක්කයේ ගලෙන්බිදුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දුටුවැව කටාරම්පුර පාසලේ හා උල්පත්වැව ආරාණ්‍ය සේනාසනයේ මෙන්ම හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජාමිඋල් මිල්ෆර් ජුම්ආ මස්ජිද් ඉස්ලාම් දේවස්ථානයේ ස්ථාපනය කල ප්‍රථිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන තුනක් (03) 2025 ජුලි මස 05 වැනි දින ජනතා අයිතියට පත් කෙරිණි.

07 Jul 2025

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති නිල හමුවක් සඳහා දකුණු නාවික විධානයේ ආඥාපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති, ගරු රෙමි ලැම්බර්ට් (Remi Lambert) මහතා නිල හමුවක් සඳහා 2025 ජුලි මස 04 වැනි දින දකුණු නාවික විධාන මූලස්ථානයේදී, එම විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කරනු ලබන, ජාතික ජල ශාස්ත්‍රඥ හා නාවික හමුදා ජල ශාස්ත්‍රීය ප්‍රධානී, රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය හමුවිය.

06 Jul 2025

නැව්පති සහ නාවික බළඇණියේ අණදෙන නිලධාරීන් අතර සිදුකෙරෙණ විශේෂ සාකච්ඡාව COs Conclave - 2025 සාර්ථකව නිමාවට පත්වෙයි

නැව්පති සහ නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් අතර වාර්ෂිකව සිදුකෙරෙණ විශේෂ සාකච්ඡාව (COs Conclave - 2025), නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු සියළුම අධ්‍යක්‍ෂ ජෙනරාල් වරුන්ගේ සහභාගීත්වයෙන්, 2025 ජුනි මස 27 වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී සාර්ථකව පැවැත්විණි.

03 Jul 2025