වැදගත් සිදුවීම්
ගාලු කථීකාව 2025 ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණය වැලිසර Wave n' Lake උත්සව ශාලාවේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම්
ශ්‍රී ලංකා නාවික හමුදාව, ආරක්‍ෂක අමාත්‍යාංශය හා එක්ව දොළොස්වන (12) වරටත් සංවිධානය කරනු ලබන ගාලු කථීකාව ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණය වැලිසර, Wave n' Lake උත්සව ශාලාවේදී, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිණි අමරසූරිය මැතිණියගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකාව ඇතුළු රාජ්‍යන් 34ක හා ජාත්‍යන්තර සංවිධාන 14ක නියෝජිතයින් හා සමුද්‍රීය ආරක්‍ෂක විද්වතුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
23 Sep 2025
නාවික හමුදාව මඟින් විශේෂ ජංගම දන්ත වෛද්‍ය සායන මාලාවක් අනුරාධපුරයේදී පවත්වයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජීය මෙහෙවරක් ලෙස සංවිධානය කළ විශේෂ ජංගම දන්ත වෛද්‍ය සායන මාලාවක් 2025 සැප්තැම්බර් මස 16 සිට 22 දක්වා අනුරාධපුර දිස්ත්‍රීක්කය තුල සාර්ථකව පැවැත්විණි.
22 Sep 2025
ඉන්දීය නාවික හමුදා ප්‍රධානී නිල හමුවක් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා 2025 සැප්තැම්බර් මස 21 වැනි දින දිවයිනට පැමිණි ඉන්දීය නාවික හමුදා ප්‍රධානී, අද්මිරාල් දිනේෂ් කේ ත්‍රිපාති (Admiral Dinesh K Tripathi), අද (2025 සැප්තැම්බර් 22) උදෑසන නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමුවිය.
22 Sep 2025
මත්ද්‍රව්‍ය ජාවාරම සහ නීති විරෝධී ධිවර කටයුතු මැඩපැවැත්වීම සම්බන්ධව ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩ මුළුවක්
මත්ද්‍රව්‍ය ජාවාරම සහ නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම පිළිබඳව මීගමුව ප්‍රදේශයේ ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්, එම ප්‍රදේශයේ ධීවර සංගම් නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන්, 2025 සැප්තැම්බර් මස 19 වැනි දින උස්වැටකෙයියාව ශ්‍රි ලංකා නාවික නෞකා කැළණී ආයතනයේදී පැවැත්විණි.
21 Sep 2025
2024 ප්‍රසම්පාදන මාර්ගෝපදේශය පිළිබඳව නාවික පුද්ගලයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් නාවික හමුදා මූලස්ථානයේදී
නාවික හමුදාවේ නාවිකයන්ගේ වෘත්තීය දැනුම වැඩිදියුණු කිරීම වෙනුවෙන් ප්‍රසම්පාදන මාර්ගෝපදේශය 2024 (Procurement Guideline 2024) සහ ලංසු කැඳවීමේ ක්‍රීයාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්, 2025 සැප්තැම්බර් මස 17 වැනි දින ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය අංශයේ ප්‍රධාන ගණකාධිකාරී ජීඑස්කේ සමරතුංග මහතාගේ සම්පත් දායකත්වයෙන්, නාවික හමුදා මූලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්වීණි.
21 Sep 2025
නව නාවික පාලක ප්‍රධාන සුළු නිලධාරි ලෙස පාලක ප්‍රධාන සුළු නිලධාරි ඒඑච්ඩී වීරතුංග පත් කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නාවික පාලක ප්‍රධාන සුළු නිලධාරි (MASTER CHIEF PETTY OFFICER OF NAVY - MCPON) ලෙස, පාලක ප්‍රධාන සුළු නිලධාරි ඒඑච්ඩී වීරතුංග යන ජ්‍යේෂ්ඨ නාවිකයා 2025 සැප්තැම්බර් මස 18 වැනි දින පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ විසින් එම තනතුරට අදාල අත් පළඳනාව සහ යෂ්ඨිය නාවික පාලක ප්‍රධාන සුළු නිලධාරි ඒඑච්ඩී වීරතුංග වෙත පිරිනමා, ඔහු වෙත සුභාශිංසන පිරිනැමීම, නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
21 Sep 2025
ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් පිරිසක් ත්‍රීකුණාමලය විශේෂ යාත්‍රා බලඝන මූලස්ථානයේ නිරීක්‍ෂණ සංචාරයක නිරතවෙයි
ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක Lieutenant Colonel Matthew House, ඇතුළු එම තානාපති කාර්යාලයේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් පිරිසක්, 2025 සැප්තැම්බර් මස 15 වැනි දින, ත්‍රිකුණාමලය නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝන මූලස්ථානයේ පිහිටි පුහුණු පාසලේහි නිරීක්‍ෂණ සංචාරයක නිරත විය.
21 Sep 2025
EX – HIGHLANDER මැරීන් අභ්‍යාසය නුවරඑළිය බෝපත්තලාවේදී සාර්ථකව නිමාවට පත්වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බලකාය විසින් සංවිධානය කරන ලද කඳු ආශ්‍රිත විඳදරා ගැනීමේ Ex – Highlander අභ්‍යාසය, 2025 සැප්තැම්බර් මස 12 සිට 14 දක්වා නුවරඑළිය බෝපත්තලාව ප්‍රදේශයේ හරිත කන්ද ආශ්‍රිතව සාර්ථකව පැවැත්විණි.
20 Sep 2025
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SATPURA ’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා දිවයිනට පැමිණෙයි
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SATPURA’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අද (2025 සැප්තැම්බර් 20) උදෑසන දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව, නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම කොළඹ වරායේදී සිදුකෙරිණි.
20 Sep 2025
නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් රුවන් කළුබොවිල පත් කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස, රියර් අද්මිරාල් රුවන් කළුබොවිල 2025 අගෝස්තු මස 28 වැනි දින සිට පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ විසින් ඊට අදාළ පත්වීම් ලිපිය 2025 සැප්තැම්බර් මස 19 වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී, රියර් අද්මිරාල් රුවන් කළුබොවිල වෙත නිල වශයෙන් ප්‍රදානය කර, සිය සුභපැතුම් පිරිනැමීමට කටයුතු කෙරිණි.
19 Sep 2025


