වැදගත් සිදුවීම්
ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් කාර්යාලයේ දේශසීමා සේවා නියෝජිතායතනයේ කලාපීය අධ්‍යක්‍ෂ නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් කාර්යාලයේ දේශසීමා සේවා නියෝජිතායතනයේ කලාපීය අධ්‍යක්‍ෂක Joshua Newby මහතා 2025 සැප්තැම්බර් මස 23 වැනි දින නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමුවිය.
26 Sep 2025
වෙනස්වන ගෝලීය තත්වයන් මධ්‍යයේ කුඩා දූපත් රාජ්‍යයන් මුහුණදෙනු ලබන කාලීන අභියෝග පිළිබඳව 12 වන ගාලු කථිකාවේදී විශේෂ අවධානය
ගාලු කථීකාව ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණයේ 2025 සැප්තැම්බර් 25 දින පැවති අවසන් සාකච්ඡා මණ්ඩපය තුලදී, වෙනස්වන ගෝලීය තත්වයන් මධ්‍යයේ කුඩා දූපත් රාජ්‍යයන් මුහුණදෙනු ලබන කාලීන අභියෝග (Contemporary Challenges for Small Island States Amidst Changing World Order: Way Forward) කෙරෙහී විශේෂ අවධානයක් යොමු කරමින් පැවති විද්වත් සාකච්ඡා මණ්ඩපය මෙහෙයවීම, රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න (විශ්‍රාමික) විසින් සිදු කෙරිණි.
26 Sep 2025
වෙනස් වන ගතිකත්වයන් හමුවේ ඉන්දීය සාගරයේ සමුද්‍රීය තිරසාරත්වය පිළිබඳ 12 වන ගාලු කථිකාවේ සිව්වන සැසිය තුලදී සාකච්ඡා කෙරේ
ගාලු කථීකාව ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණයේ 2025 සැප්තැම්බර් 25 දින පැවති සිව්වන සැසිය තුලදී, ඉන්දිය සාගරයේ වෙනස් වන ගතිකත්වයන් හමුවේ සමුද්‍රීය තිරසාරත්වය (Maritime Sustainability Under Changing Dynamics) යන තේමාවට අදාලව විද්වත් සාකච්ඡා මණ්ඩපයක්, ආචාර්ය David Brewster (Australian National University)ගේ මෙහෙයවීමෙන් පැවැත්විණි.
26 Sep 2025
12 වන ගාලු කථිකාවේ දෙවැනි දින “ඉන්දීයානු සාගර කලාපයේ සමුද්‍රීය ආර්ථිකය” අනු තේමාව යටතේ ආරම්භය සටහන් විය.
ගාලු කථීකාව ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණයේ 2025 සැප්තැම්බර් 25 දින පැවති තෙවන සැසිය තුලදී, වෙනස්වන ගතිකත්වයන් හමුවේ ඉන්දීය සාගර කලාපයේ සමුද්‍රීය ආර්ථිකය (Maritime Economy Under Changing Dynamics) යන තේමාවට අදාලව කලාපීය රාජ්‍යන් සහ ඉන්දීය සාගරය භාවිතා කරනු ලබන පාර්ශ්වයන්ගේ සමුද්‍රීය ආර්ථික අභිවෘද්ධිය වෙනුවෙන් වැදගත් කරුණු සාකච්ඡා කිරීම, ආචාර්ය ගනේෂන් විග්නරාජා (Ganeshan Wignaraja) ගේ මෙහෙයවීමෙන් සිදුකෙරිණි.
26 Sep 2025
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SATPURA ’ යුද නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SATPURA’ යුද නෞකාව, සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරාගැනීමෙන් අනතුරුව, 2025 සැප්තැම්බර් මස 24 වැනි දින දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.
26 Sep 2025
12 වන ගාලු කථිකාවේ දෙවන සැසිය තුලදී වෙනස්වන ගතිකත්වයන් හමුවේ ඉන්දීය සාගර කලාපයේ සමුද්‍රීය පාලනය පිලිබඳ විද්වත් සාකච්ඡා මණ්ඩපයක්
ගාලු කථීකාව ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණයේ 2025 සැප්තැම්බර් 24 දින පැවති දෙවන සැසිය තුලදී, වෙනස්වන ගතිකත්වයන් හමුවේ ඉන්දීය සාගර කලාපයේ සමුද්‍රීය පාලනය (Maritime Governance Under Changing Dynamics) යන තේමාවට අදාලව විද්වත් සාකච්ඡා මණ්ඩපයක්, මහාචාර්ය Quentin Hanich ගේ මෙහෙයවීමෙන් පැවැත්විණි.
25 Sep 2025
‘වෙනස්වන ගතිකත්වයන් හමුවේ සාගර කලාපීය පරිසරය’ අනු තේමාව යටතේ 12 වන ගාලු කථිකාවේ පළමු සැසිය පැවැත්වේ
ශ්‍රී ලංකා නාවික හමුදාව, ආරක්‍ෂක අමාත්‍යාංශය හා එක්ව දොළොස්වැනි (12) වරටත් සංවිධානය කරනු ලබන ගාලු කථීකාව ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණයේ පළමු සැසිය, ‘වෙනස්වන ගතිකත්වයන් හමුවේ ඉන්දීය සාගර කලාපීය සමුද්‍රීය පරිසරය’ (Marine Environment Under Changing Dynamics) යන තේමාවට අදාලව, මහාචාර්ය Ronan Long ගේ මෙහෙයවීමෙන් පැවැත්විණි.
25 Sep 2025
වෙනස්වන ගතිකත්වයන් හමුවේ ඉන්දීය සාගර කලාපීය සමුද්‍රීය දැක්ම පිලිබඳ 12 වන ගාලු කථිකාවේදී පලදායි හා විද්වත් සාකච්ඡා සාර්ථකව පැවැත්වේ
ශ්‍රී ලංකා නාවික හමුදාව, ආරක්‍ෂක අමාත්‍යාංශය හා එක්ව දොළොස්වැනි (12) වරටත් සංවිධානය කරනු ලබන ගාලු කථීකාව ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණය වැලිසර, Wave n' Lake උත්සව ශාලාවේදී, ශ්‍රී ලංකාව ඇතුළු රාජ්‍යන් 37 ක සහ ජාත්‍යන්තර සංවිධානයන්ගේ සමුද්‍රීය පාර්ශ්වකරුවන්, නියෝජිතයින් හා සමුද්‍රීය ආරක්‍ෂක විද්වතුන් රැසකගේ සහභාගීත්වයෙන් 2025 සැප්තැම්බර් මස 24 වැනි දින ආරම්භ වූ අතර, ‘Maritime Outlook of the Indian Ocean under Changing Dynamics’ යන තේමාවට අදාලව පැවති සමාරම්භක සැසිය ඇතුළු සැසි තුනක් යටතේ සිදුකෙරුණු විද්වත් සාකච්ඡාවකින් අනතුරුව, සම්මන්ත්‍රණයේ පළමු දිනය සාර්ථකව නිමාවට පත් විය.
25 Sep 2025
12 වන ගාලු කථීකාව 2025 ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණය වැලිසරදී ආරම්භ වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාව, ආරක්‍ෂක අමාත්‍යාංශය හා එක්ව දොළොස්වන (12) වරටත් සංවිධානය කරනු ලබන ගාලු කථීකාව ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණය වැලිසර, Wave n' Lake උත්සව ශාලාවේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිණි අමරසූරිය මැතිණියගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ඇතුළු දෙස් විදෙස් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් හා සම්භාවනීය ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් අද (2025 සැප්තැම්බර් 24) ආරම්භ වූ අතර, ‘Maritime Outlook of the Indian Ocean under Changing Dynamics’ යන තේමාව ඔස්සේ දින දෙකක් පුරා (2025 සැප්තැම්බර් 24-25) පැවැත්වෙන මෙවර සම්මන්ත්‍රණය සඳහා ශ්‍රී ලංකාව ඇතුළු රාජ්‍යන් 37 ක සහ ජාත්‍යන්තර සංවිධාන 16 ක නියෝජිතයින් හා සමුද්‍රීය ආරක්‍ෂක විද්වතුන් රැසක් සහභාගී වෙයි.
25 Sep 2025
නාවික හමුදාවේ දායකත්වයෙන් රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව පිළිබඳ පුහුණු අභ්‍යාසයක් ත්‍රිකුණාමලය අෂ්රොෆ් ජැටියේදී සාර්ථකව පවත්වයි
ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින්; හදිසි රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව අවස්ථාවකදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීමේ පුහුණු අභ්‍යාසයක්, 2025 සැප්තැම්බර් මස 23 වන දින ත්‍රීකුණාමලය අෂ්රොෆ් ජැටියේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.
24 Sep 2025


