වැදගත් සිදුවීම්
ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS SAHYADRI’ නෞකාව නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙයි

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS SAHYADRI’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා 2025 අප්‍රේල් මස 04 වැනි දින දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම කොළඹ වරායේදී සිදු කෙරිණි.
05 Apr 2025
ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් BUNGO සහ ETAJIMA නෞකා දිවයිනෙන් පිටත් වෙයි

2025 අප්‍රේල් මස 01 වැනි දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායේ BUNGO (MST-464) සහ ETAJIMA (MSO-306) නෞකා එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව 2025 අප්‍රේල් මස 04 වන දින දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකා වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.
05 Apr 2025
එක්සත් ජනපද නාවික හමුදාවේ කාලගුණ හා සාගර විද්‍යා විධානයේ සහ ජාත්‍යන්තර නීති අධ්‍යයන ආරක්‍ෂක ආයතනයේ නිලධාරීන් පිරිසක් නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

එක්සත් ජනපද නාවික හමුදාවේ කාලගුණ හා සාගර විද්‍යා විධානයේ (U.S. Navy’s Meteorological and Oceanographic Command – NMOC) ගේබ්‍රියෙල් අයිවන් මහත්මිය (Gebrielle Ivan) සහ ජාත්‍යන්තර නීති අධ්‍යයනය සඳහා වන එක්සත් ජනපද ආරක්‍ෂක ආයතනයේ (U.S. Defense Institute of International Legal Studies – DIILS) ඩේවිඩ් ලී මහතා (David Lee) ඇතුලු නිලධාරින් පිරිසක් නිල හමුවක් සඳහා 2025 අප්‍රේල් 02 වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමුවිය.
05 Apr 2025
ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වයෙන් නාගදීප පුරාණ රජමහා විහාරස්ථානයේ ආගමික වැඩසටහන් මාලාවක්

යාපනය, නයිනතිව් දූපතේ පිහිටි ඓතිහාසික නාගදීප පුරාණ රජ මහා විහාරස්ථානයේ හිටපු විහාරාධිපති අති පූජ්‍ය බ්‍රාහ්මණවත්තේ ධම්මකිත්ති තිස්ස නාහිමිපාණන් වහන්සේගේ ගුණානුස්මරණය වෙනුවෙන් සහ නාගදීප පුරාණ රජ මහා විහාරාධිපති, උත්තර ලංකාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස නාහිමිගේ හැට හතරවන (64) ජන්ම දිනය නිමිත්තෙන්, ආගමික වැඩසටහන් මාලාවක් 2025 අප්‍රේල් මස 02 සහ 03 දෙදින ශ්‍රී ලංකා නාවික හමුදාවේ බැතිබර දායකත්වයෙන් සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.
05 Apr 2025
ධජ නිලධාරි නාවික දියත් විධානය ලෙස රියර් අද්මිරාල් රොහාන් ජෝෂප් වැඩ භාර ගනියි

නාවික හමුදාවේ දියත් විධානයේ ධජ නිලධාරි ලෙස පත් කෙරුණූ රියර් අද්මිරාල් රොහාන් ජෝෂප් එම ධුරයේ වැඩ භාරගැනීම අද (2025 අප්‍රේල් 04) ත්‍රීකුණාමලය නාවික තඨාකාංගණයේ, ධජ නිලධාරි නාවික දියත් විධාන කාර්යාලයේදී සිදුකෙරිණි.
04 Apr 2025
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකාය වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සඳහා දායක වෙයි

ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ දිවයින වටා වෙරළ තීරය සහ සංචාරක ස්ථාන පවිත්‍ර කිරීමේ අරමුණෙන් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන “පිරිසිදු වෙරළ තීරයක් - ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්” ව්‍යාපෘතියට සමඟාමීව 2025 අප්‍රේල් මස 03 වැනි දින සිදු කෙරුණූ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සඳහා, නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් BUNGO (MST-464) සහ ETAJIMA (MSO-306) නෞකාවන්ගේ කාර්ය මණ්ඩලය දායක විය.
04 Apr 2025
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් තුෂාර කරුණාතුංග නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 33 කට අධික සේවා කාලය නිම කරමින් රියර් අද්මිරාල් තුෂාර කරුණාතුංග අද (2025 අප්‍රේල් 03) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.
04 Apr 2025
සමතුලිත සහ සෞඛ්‍ය සම්පන්න නැව් මුළුවක් වෙනුවෙන් නාවික හමුදාව තවත් කඳු තරණ ක්‍රියාකාරකමක නිරතවෙයි

රාජකාරී හා පෞද්ගලික ජීවිතයේ සමබරතාවය තුළින් නිරෝගී නාවික හමුදාවක් ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විවිධ වු ක්‍රියාකාරකම් නිරන්තරයෙන් සිදු කරනු ලබයි. එහි එක් නව මානයක් ලෙස කඳු තරණය කිරීම සඳහා නාවික පුද්ගලයින් උනන්දු කිරීම සිදු කරණු ලබයි, ඒ අනුව, වැඩ බලන අධ්‍යක්‍ෂ ප්‍රතිපත්ති හා සැලසුම් ගේ පූර්ණ අධික්‍ෂණය යටතේ එම කාර්යය මණ්ඩලයේ නාවික පුද්ගලයින් 34 දෙනෙකුගේ සහභාගීත්වයෙන් 2025 මාර්තු මස 28 සහ 29 යන දෙදින ශ්‍රීපාද අඩවිය ගවේෂණය කිරීමේ වැඩසටහනක් සිදු කෙරිණි.
03 Apr 2025
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති නාවික හමුදාධිපති හමුවෙයි

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති රියර් අද්මිරාල් ධම්මික කුමාර 2025 අප්‍රේල් මස 02 වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමුවිය.
03 Apr 2025
ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ ගරු සභාපති නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ ගරු සභාපති රියර් අද්මිරාල් මනිල් මෙන්ඩිස් (විශ්‍රාමික) 2025 අප්‍රේල් මස 02 වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදා සංගමයේ අනුශාසක වශයෙන් කටයුතු කරනු ලබන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමුවිය.
03 Apr 2025