වැදගත් සිදුවීම්

නාවික හමුදාධිපති ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ නිල සංචාරයක නිරත වෙයි

නාවික හමුදාධිපති, 2025 අප්‍රේල් මස 21 වැනි දින ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ නිල සංචාරයක නිරත වෙමින් එම ආයතනයේ පුහුණුව ලබන ආධුනික නාවිකයන්, පුහුණු උපදේශක කාර්යමණ්ඩලයේ නිලධාරින් සහ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් ඇමතිමට කටයුතු කෙරිණි. එහිදී, පුහුණුවන නාවිකයන් වෙත සහ පුහුණු කාර්ය මණ්ඩලය වෙත ඇති වගකිම් අවධාරණය ‍කෙරුණු අතර, පුහුණු කටයුතු කාර්යක්‍ෂමව හා ඵලදායී ලෙස සිදු කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දීමට නාවික හමුදාධිපති විසින් කටයුතු කෙරිණි.

22 Apr 2025

ගිණිකොන නාවික විධානය බක්මහ උළෙල උත්කර්ශවත්ව පවත්වයි

සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද වෙ‍නුවෙන් ගිණිකොන නාවික විධානය මඟින්, සාම්ප්‍රදායික අවුරුදු චාරිත්‍ර සහ සංස්කෘතිකාංගයන්ට ප්‍රමුඛත්වයක් දෙමින් සංවිධානය කල බක්මහ උළෙල, 2025 අප්‍රේල් මස 15 වැනි දින ගිණිකොන නාවික විධානයේ ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නාවික ‍නෞකා මහානාග සහ 2025 අප්‍රේල් මස 18 වැනි දින ශ්‍රී ලංකා නාවික ‍නෞකා දීඝායු ආයතනයන්හිදී උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.

21 Apr 2025

දකුණු නාවික විධානය සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද වෙනුවෙන් විචිත්‍රවත් අවුරුදු උළෙලක් පවත්වයි

සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද වෙ‍නුවෙන් දකුණු නාවික විධානය මඟින් සංවිධානය කල විචිත්‍රවත් බක්මහ උළෙලක් ‘සූර්ය මංගල්‍යය’ නමින් 2025 අප්‍රේල් මස 18 වැනි දින දකුණු නාවික විධානයේ ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නාවික ‍නෞකා නිපුණ ආයතනයේදී උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.

20 Apr 2025

උතුරු නාවික විධානය සිංහල හා දෙමළ අළුත් අවුරුදු උළෙල සාර්ථකව පවත්වයි

සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද වෙ‍නුවෙන් උතුරු නාවික විධානය මඟින් සංවිධානය කල බක්මහ උළෙලක් 2025 අප්‍රේල් මස 18 වැනි දින උතරු නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නාවික ‍නෞකා උත්තර ආයතනයේදී උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.

20 Apr 2025

නැගෙනහිර නාවික විධානය සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද වෙ‍නුවෙන් විශේෂ අවුරුදු උළෙලක් පවත්වයි

සාම්ප්‍රදායික අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර සහ සංස්කෘතිකාංගයන්ට ප්‍රමුඛත්වයක් දෙමින් නැගෙනහිර නාවික විධානය මඟින් සංවිධානය කල බක්මහ උළෙල, ‘සූර්ය මංගල්‍යය’ නමින් 2025 අප්‍රේල් මස 17 වැනි දින නැගෙනහිර නාවික විධානයේ ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය නාවික තටාකාංගනයේදී උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.

20 Apr 2025

වයඹ නාවික විධානය සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද වෙ‍නුවෙන් බක්මහ උළෙලක් පවත්වයි

සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද වෙ‍නුවෙන් වයඹ නාවික විධානය මඟින් සංවිධානය කල බක්මහ උළෙලක් 2025 අප්‍රේල් මස 16 වැනි දින වයඹ නාවික විධානයේ ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නාවික ‍නෞකා භරණ ආයතනයේදී උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.

20 Apr 2025

“සයුරත සූර්ය මංගල්‍ය - 2025” සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය සිඳුරළ නෞකාව මතදී උත්කර්ෂවත් අයුරින් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවය සහ හරිත ටීවී ආයතනය හා එක්ව සංවිධානය කරන ලද “සයුරත සූර්ය මංගල්‍ය - 2025” සිංහල හා දෙමළ අළුත් අවුරුදු උත්සවය 2025 අප්‍රේල් මස 14 වැනි දින ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නෞකාවේදී, පාරම්පරික හෙළ සිරිත් විරිත් සහ සංස්කෘතිකාංග සහිතව උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු කෙරිණි.

15 Apr 2025

නාවික හමුදාව මඟින් තිරණාත්මක සෞඛ්‍ය සහ හදිසි රෝගී අවස්ථා කළමණාකරණය සම්බන්ධයෙන් ධීවර ප්‍රජාව බලගැන්වීමේ වැඩසටහනක්

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතිය යටතේ සමාජීය වශයෙන් ප්‍රජාව බල ගැන්වීමට දායක වෙමින්, ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් මුහුදේදී තිරණාත්මක සෞඛ්‍ය සහ හදිසි රෝගී අවස්ථා කළමණාකරණය සම්බන්ධයෙන් ධීවර ප්‍රජාව දැනුවත් කර බල ගැන්වීමේ පුහුණු වැඩසටහනක් 2025 අප්‍රේල් මස 11 වැනි දින වාලච්චේන ධීවර වරාය පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.

15 Apr 2025

නාවික හෙද විදුහලෙහි 2024 බඳවා ගැනීමට අයත් හෙද සිසුන් 34ක් සේවයට කැප වීමේ ප්‍රතිඥාව ලබාදෙයි

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීඨයට අනුබද්ධිතව, ශ්‍රී ලංකා නාවික නෞකා තක්‍ෂිලා ආයතනයේ ස්ථාපිත නාවික හමුදා හෙද විදුහලේ 2024 බඳවා ගැනීමට අයත් යුද, නාවික හා ගුවන් හමුදා හෙද සිසුන් 34 දෙනෙකු සේවයට කැපවීමේ හා ප්‍රතිඥා දීමේ උත්සවය, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී 2025 අප්‍රේල් මස 09 වැනි දින පැවැත්විණි.

15 Apr 2025

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ පීඨාධිපති ලෙස වෛද්‍ය කොමදෝරු (දන්ත) අයිඩබ්ඒපීඩී පලිපාන පත් වෙයි

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ පීඨාධිපති ලෙස, ප්‍රතිස්ථාපන දන්ත වෛද්‍ය විද්‍යා මහාචාර්ය හා නාවික හමුදා දන්ත වෛද්‍ය සේවාවේ බාහිර උප‍දේශක වරයෙක් වශයෙන් කටයුතු කරනු ලබන, වෛද්‍ය කොමදෝරු (දන්ත) අයිඩබ්ඒපීඩී පලිපාන 2025 අප්‍රේල් මස 08 වැනි දින වැඩ භාර ගැනීම සිදු කෙරිණි.

15 Apr 2025