වැදගත් සිදුවීම්

74 වැනි නාවික හමුදා සංවත්සරය නිමිත්තෙන් ලේ දන්දීමේ වැඩසටහනක් ගිණිකොන නාවික විධානයේදී

නාවික හමුදාවේ අභිමානවත් 74 වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කල ලේ දන්දීමේ වැඩසටහනක් 2025 ජනවාරි මස 15 වැනි දින ගිණිකොන විධාන නාවික රෝහලේදී සාර්ථකව පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කෙ‍රිණි.

15 Jan 2025

නව නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ පත් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස, රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ 2024 දෙසැම්බර් මස 31 වන දින සිට පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ විසින් ඊට අදාළ පත්වීම් ලිපිය රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ වෙත නිල වශයෙන් අද (2025 ජනවාරි 15) නාවික හමුදා මූලස්ථානයේදී ප්‍රදානය කර, සිය සුභපැතුම් පිරිනැමීමට කටයුතු කෙරිණි.

15 Jan 2025

රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කෙරේ

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු 2024 දෙසැම්බර් මස 31 වැනි දින සිට පත්කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ විසින් ඊට අදාළ පත්වීම් ලිපිය රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු වෙත නිල වශයෙන් අද (2025 ජනවාරි 15) නාවික හමුදා මූලස්ථානයේදී ප්‍රදානය කර, සිය සුභපැතුම් පිරිනැමීමට කටයුතු කෙරිණි.

15 Jan 2025

නාවික හමුදාධිපති උතුරු මැද නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාංචන බානගොඩ, 2025 ජනවාරි මස 12 සහ 13 යන දෙදින උතුරු මැද නාවික විධානයේ නිල සංචාරයක නිරත වී එම විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය, ශික්‍ෂා, තම්මැන්නා සහ ගජබා යන ආයතනයන් මඟින් සිදුකෙරෙණ මෙහෙයුම්, සංවර්ධන හා සුභසාධන ව්‍යාපෘති සහ පුහුණු කටයුතු නිරීක්‍ෂණය කර, නාවික හමුදාවේ කාර්යය භාරය සම්බන්ධයෙන් එම ආයතනයන්ට අනුයුක්ත නාවික හමුදා පුද්ගලයන් දැනුවත් කිරීම සිදුකෙරිණි.

13 Jan 2025

නාවික හමුදාධිපති ජය ශ්‍රී මහ බෝ සමිඳුන් සහ රුවන්වැලි මහා සෑ රදුන් වැඳපුදා ගනී

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 26 වැනි නාවික හමුදාධිපති ලෙස ධුරයේ වැඩභාර ගැනීමෙන් පසු, 2025 ජනවාරි මස 12 වැනි දින අනුරාධපුර අටමස්ථානය ඇතුළු පූජනීය ස්ථාන වන්දනාමාන කරමින්, නාවික හමුදාවේ ඉදිරි කටයුතු සඳහා ආශිර්වාද ලබාගත් අතර, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, අනූෂා බානගොඩ මැතිණියද සහභාගී විය.

12 Jan 2025

ක්ලීන් ශ්‍රී ලංකා ජාතික ව්‍යාපෘතිය යටතේ නාවික හමුදාව විසින් ගාල්ල සහ හම්බන්තොට පිරිසිදු කිරීමේ වැඩසටහනක්

“පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” යන රජයේ දැක්ම යථාර්තයක් බවට පත්කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ, ගාල්ල සමුද්‍ර මාවත වෙරළ තීරයේ සිට ගාල්ල නගර සීමාව දක්වා වෙරළ තීරය, ගිංතොට පාලම අසල සිට හික්කඩුව දක්වා වෙරළ තීරය සහ හම්බන්තොට ධීවර වරායෙහි පවිත්‍ර කිරීමේ විශේෂ වැඩසටහනක් අද (2025 ජනවාරි 12) උදෑසන දකුණු නාවික විධානයේ මූලිකත්වයෙන් පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

12 Jan 2025

ගොන්ගල කඳු තරණ අභ්‍යාසය සාර්ථකව අවසන් වෙයි

රාජකාරී හා පෞද්ගලික ජීවිතයේ සමබරතාවය තුළින් නාවික හමුදා පුද්ගලයින්ගේ සෞඛ්‍ය සහ යහ පැවැත්ම ප්‍රවර්ධනය කිරීමේ, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ ගේ සංකල්පයකට අනුව, නාවික හමුදා විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කෙරුණු සබරගමුව පළාතේ ගොන්ගල කඳු තරණ අභ්‍යාසය 2025 ජනවාරි මස 11 වැනි දින සාර්ථකව පැවැත්විණි.

12 Jan 2025

නාවික හමුදාධිපති නැගෙනහිර නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාංචන බානගොඩ, 2025 ජනවාරි මස 11 වැනි දින නැගෙනහිර නාවික විධානයට අයත් නාවික හා සාගරික විද්‍යාපීඨය, ශ්‍රී ලංකා නාවික තටාකංගණය, ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා සහ ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයන්හි නිල සංචාරයක නිරත වෙමින්, නාවික හමුදා මෙහෙයුම්, සංවර්ධන හා සුභසාධන ව්‍යාපෘති සහ පුහුණු කටයුතු නිරීක්‍ෂණය කර, නාවික හමුදාවේ කාර්යය භාරය සම්බන්ධයෙන් එම ආයතනයන්ට අනුයුක්ත පුහුණු වන නිලධාරීන් සහ නාවිකයින් ඇතුළු නාවික හමුදා පුද්ගලයන් දැනුවත් කිරීම සිදු කෙරිණි.

12 Jan 2025

නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා කිමිදුම් අංශයේ 60 වැනි සංවත්සරය සැමරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ; දිය යට බිඳහෙලීම්, ඉදිකිරීම්, අළුත්වැඩියා කිරීම්, පරීක්‍ෂා කිරීම් සහ ගොඩගැනීම් සම්බන්ධ කිමිදුම් රාජකාරි සඳහා 1965 වර්ෂයේ ජනවාරි මස 08 වැනි දින ස්ථාපිත නාවික හමුදා කිමිදුම් හා ගලවාගැනීමේ ඒකකයේ 60 වැනි සංවත්සරය, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ ගේ ප්‍රධානත්වයෙන් අද (2025 ජනවාරි 11) ත්‍රීකුණාමලය නාවික තටාකංගණයේ, නාවික හමුදා කිමිදුම් හා ගලවාගැනීමේ ඒකකයේදී පැවැත්විණි.

11 Jan 2025

නැංගුරම නාවික සුවසහන මධ්‍යස්ථානයේ රණවිරුවන් වෙනුවෙන් ජල චිකිත්සක තඨාකයක් ඉදිකිරීම සඳහා ආධාර පිරිනමයි

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා බෞද්ධ කවුන්සිලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි මහතා ගේ ප්‍රධානත්වයෙන් බෙන්ඩිගෝ හි අටීෂා බෞද්ධ මධ්‍යස්ථානයේ භික්ෂුන් ඇතුළු කණ්ඩායමක් 2025 ජනවාරී මස 09 වැනි දින වැලිසර “Anchorage” නාවික සුවසහන මධ්‍යස්ථානයේ සංචාරයක නිරතවූ අතර, රණක්‍ෂිතයට පත්ව, නාවික සුවසහන මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රථිකාර ලබන නාවික හමුදා රණවිරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් ජල චිකිත්සක තඨාකයක් ඉදිකිරීම සඳහා මූල්‍යාධාර ලබාදීම එහිදී එම නියෝජිත පිරිස විසින් සිදු කෙරිණි.

10 Jan 2025