වැදගත් සිදුවීම්
ධීවර කටයුතු ආශ්‍රිත ගැටළු සාකච්ඡා කිරීම සඳහා නාවික හමුදාව සහ යාපනයේ ධිවර ප්‍රජාව පෙරමුණ ගනියි

ශ්‍රී ලංකා නාවික හමුදාව, උතුරු පළාතේ ධීවර කටයුතු ආශ්‍රිත ගැටළු සාකච්ඡා කිරීමේ වැඩසටහනක් 2025 සැප්තැම්බර් මස 09 වැනි දින ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ උතුරු පළාත් ධීවර සංගම් නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන්, විධාන මූලස්ථානයේදී, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
11 Sep 2025
Pacific Angel – 2025 අභ්‍යාසය සඳහා නාවික හමුදාව එක්වෙයි

කලාපීය ආරක්‍ෂක සහයෝගීතාවයේ තවත් එක් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව; එක්සත් ජනපද පැසිෆික් බලකාය, රාජකීය ඕස්ට්‍රේලියානු ගුවන් හමුදාව, ජපාන ස්වයං ආරක්‍ෂක ගුවන් බලකාය, මාලදිවයින් ජාතික ආරක්‍ෂක බලකාය, බංග්ලාදේශ ගුවන් හමුදාව, ඉන්දියානු ගුවන් හමුදාව සමඟ එක්ව සිදුකරනු ලබන Pacific Angel – 2025 අභ්‍යාසයට සමඟාමීව, මාරවිල මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති විවෘත මුහුදේ සෙවීම සහ ගලවා ගැනීමේ අභ්‍යාසය (Search and Rescue Open Water Operation) සඳහා 2025 සැප්තැම්බර් මස 09 වැනි දින ශ්‍රී ලංකා නාවික හමුදාව එක්විය.
11 Sep 2025
නාවික හමුදාවේ නව නිපැයුම් විශිෂ්ඨත්වය තහවුරු කරමින් වේග ප්‍රහාරක යාත්‍රාවක් වෙනුවෙන් නව මෙහෙයුම් පාලන පද්ධතියක්

නාවික හමුදා විදුලි හා විද්‍යුත් සැලසුම් මධ්‍යස්ථානයේ (Electrical and Electronic Design Centre - ENDC) නව නිපැයුම් විශිෂ්ඨත්වය විදහාපාමින් පී 421 වේග ප්‍රහාරක යාත්‍රාව වෙනුවෙන් නිර්මාණය කල නව මෙහෙයුම් පාලන පද්ධතිය (Naval Steering Control-NSC), එම යාත්‍රාව වෙත සවි කිරීමෙන් පසුව මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම 2025 අගෝස්තු මස 25 වැනි දින නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් රවීන්ද්‍ර තිසේරාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය නාවික තටාකාංගනයේදී සිදුකෙරිණි.
09 Sep 2025
අභිනව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකා පොලීසියේ 37 වැනි පොලිස්පති ලෙස පත්වූ නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා අද (2025 සැප්තැම්බර් 09) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමුවිය.
09 Sep 2025
බංග්ලාදේශ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නිලධාරීන් පිරිසක් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ අධ්‍යයන සංචාරයක නිරතවන බංග්ලාදේශ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලාව හදාරනු ලබන බංග්ලාදේශ ත්‍රිවිධ හමුදා ශිෂ්‍ය නිලධාරීන් සහ අධ්‍යන කාර්ය මණ්ඩල සාමාජිකයින්ගෙන් සමන්විත, Group Captain Salahuddin Ahmed ගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරීන් කණ්ඩායමක්, 2025 සැප්තැම්බර් මස 08 වැනි දින නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය.
09 Sep 2025
ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළඝණ සුදුසුකම් ලැබීමේ පාඨමාලාව සම්පූර්ණ කල නාවික හමුදා පුද්ගලයින් 37ක් වෙත නාවික හමුදාධිපති ගේ ප්‍රධානත්වයෙන් ලාංඡන පැළඳවයි

නාවික හමුදා ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළඝණයේ විසිනව වැනි (29) සුදුසුකම් ලැබීමේ පාඨමාලාව සම්පූර්ණ කල නිලධාරීන් තිදෙනෙකු (03) සහ නාවිකයන් තිස්හතර දෙනෙකු (34) වෙත ලාංඡන පැළඳවීමේ උත්සවය, 2025 සැප්තැම්බර් මස 06 වැනි දින පුත්තලම, ගඟේවාඩිය ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළඝණ මූලස්ථාන ප්‍රධාන සරඹ පිටියේදී, ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළඝණයේ අණදෙන නිලධාරී කපිතාන් සුදේෂ් චින්තක හා වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් වරුණ ෆර්ඩිනැන්ඩස් ගේ ආරාධනයෙන්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ගේ ප්‍රධානත්වයෙන් අභිමානවත් අයුරින් පැවැත්විණි.
07 Sep 2025
විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වැළැක්වීම හා පාලනය සඳහා වන ජනාධිපති කාර්යය සාධන බලකාය නාවික හමුදා මූලස්ථානයේදී රැස්වෙයි

ශ්‍රී ලංකාව තුල විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වැළැක්වීම හා පාලනය සඳහා ජාතික උපාය මාර්ගික සැලසුම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ විශේෂ රැස්වීමක්, විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වැලැක්වීම හා පාලනය සඳහා වන ජනාධිපති කාර්යය සාධන බලකායේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ප්‍රධානත්වයෙන්, 2025 සැප්තැම්බර් මස 03 වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.
05 Sep 2025
නාවික පරිපාලනය සහ සුභසාධනය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නාවිකයන් දැනුවත් කිරීමේ එක්දින වැඩ මුළුවක් නාවික හමුදා මුලස්ථානයේදී

නාවික හමුදා විධාන ආවරණය වන පරිදි සිදුකරන ලද නිරීක්‍ෂණ වාරිකා වන්හීදී විශේෂ අවධානයට ලක් වු කරුණු සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නාවිකයින් දැනුවත් කිරීමේ එක් දින වැඩ මුළුවක් නාවික පාලක ප්‍රධාන සුළු නිලධාරී පීආර්එම්ජීබී පුස්සල්ලමංකඩ ජ්‍යෙෂ්ඨ නාවිකයා ඇතුළු අනෙකුත් ජ්‍යෙෂ්ඨ නාවිකයින්ගේ සහභාගීත්වයෙන් 2025 අගෝස්තු මස 25 වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.
03 Sep 2025
ඉන්දියානු ජාතික ආරක්ෂක විද්‍යායතනයේ නිලධාරීන් පිරිසක් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ අධ්‍යයන සංචාරයක නිරතවන ඉන්දියානු ජාතික ආරක්ෂක විද්‍යායතනයේ මාණ්ඩලික පාඨමාලාව හදාරනු ලබන ශිෂ්‍ය නිලධාරීන් ගෙන් සහ අධ්‍යන කාර්යමණ්ඩල සාමාජිකයින් ගෙන් සමන්විත, මේජර් ජෙනරල් Pawanpal Singh ගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරීන් කණ්ඩායමක් 2025 සැප්තැම්බර් මස 01 වැනි දින නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය.
02 Sep 2025
ජනපති කච්චතිව් දූපතේ නිරීක්ෂණ චාරිකාවක

අද (01) යාපනයේ සංවර්ධන වැඩසටහන් කිහිපයක් ආරම්භ කිරීමේ සහ විවෘත කිරීමේ අවස්ථාවන්ට සහභාගී වු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන් අනතුරුව යාපනය කච්චතිව් දූපතේ නිරීක්ෂණ චාරිකාවකද නිරත විය.
02 Sep 2025