වැදගත් සිදුවීම්
රාජකීය සෞදි අරාබි තානාපති කාර්යාලයේ ශ්‍රී ලංකා ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
ඉන්දියාවේ නවදිල්ලි නුවර, රාජකීය සෞදි අරාබි තානාපති කාර්යාලයට අනුයුක්තව ශ්‍රී ලංකා ආරක්‍ෂක උපදේශක වශයෙන්ද කටයුතු කරනු ලබන Captain (Navy) Hussain O Alkowaileet අද දින (2025 අගෝස්තු 04) නාවික හමුදා මූලස්ථානයේදී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමුවිය.
04 Aug 2025
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් මංජුල දිසානායක නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 33 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් මංජුල දිසානායක අද (2025 අගෝස්තු 02) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.
02 Aug 2025
ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ගරු Rémi Lambert මහතා 2025 ජුලි මස 30 වැනි දින නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය.
31 Jul 2025
නාවික හමුදාව මඟින් විශේෂ ජංගම දන්ත වෛද්‍ය සායන මාලාවක්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජීය මෙහෙවරක් ලෙස, ලෝක මුඛ සෞඛ්‍ය දිනය, ලෝක ළමා දිනය සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වන සංවත්සර දිනය වෙනුවෙන් දකුණු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් හා අධ්‍යක්‍ෂ නාවික දන්ත වෛද්‍ය සේවා වෛද්‍ය කොමදෝරු මඟ පෙන්වීම මත නාවික හමුදා දන්ත වෛද්‍ය අංශය, සේවා වනිතා ඒකකය සහ යුනිලීවර් ආයතනය හා එක්ව 2025 ජුලි මස 23 වැනි දින සිට 27 වැනි දින දක්වා දකුණු නාවික විධානය ආවරණය වන පරිදි ප්‍රජා මුඛ සෞඛ්‍යය දැනුවත් කිරීමේ හා දන්ත වෛද්‍ය සායන වැඩසටහන් මාලාවක් සාර්ථකව පැවැත්විණි.
30 Jul 2025
“ක්ලීන් ශ්‍රී ලංකා පාපැදි සවාරිය” සඳහා නාවික හමුදාවද එක්වෙයි
‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන යටතේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ජනතාව හුරුකරවීම හා ක්‍රීඩා සංස්කෘතිය ප්‍රචලිත කිරීම යන අරමුණ ඇතිව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන ක්‍රීඩා සතිය 2025 ජුලි මස 26 වැනි දින ආරම්භවූ අතර, එයට සමඟාමීව එදින එහි පළමු අදියර ලෙස ක්ලීන් ශ්‍රී ලංකා පාපැදි සවාරිය සාර්ථකව පැවැත්විණි.
28 Jul 2025
නාවික හමුදාව මඟින් ලේ දන්දීමේ වැඩසටහනක්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර්යයක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක්, 2025 ජුලි මස 26 වැනි දින වයඹ නාවික විධාන රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි.
28 Jul 2025
නාවික හමුදාව මඟින් මොණරාගල දිස්ත්‍රික්කය තුළ ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන 02 ජනතා අයිතියට
නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සහ අවුට්රිච් ප්‍රොජෙක්ට්ස් (ගැරන්ටි) ලිමටඩ් සමාගමේ මූල්‍ය දායකත්වයෙන්, මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මහආරගම, ඇතිලිවැව සහ බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගෝනගංආර ප්‍රදේශයන්හි ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන දෙකක් (02) ජනතා අයිතියට පත්කිරීම, 2025 ජුලි මස 24 වැනි දින සිදු කෙරිණි.
28 Jul 2025
ශ්‍රී ලංකා නාවික හමුදාව ගුවන් හමුදාව හා එක්ව සමුද්‍රීය මෙහෙයුම් විශිෂ්ඨත්වය විදහාපාමින් පැවැත්වූ ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසය - 2025 (TRINEX - 25) සාර්ථකව නිමාවට පත්වෙයි
‘ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසය - 2025’ (TRINEX - 25) 2025 ජූලි මස 22 සිට 26 දක්වා ත්‍රිකුණාමලය වරාය සහ නැගෙනහිර නාවික විධාන මුහුදු තීරය ආශ්‍රිතව සාර්ථකව පැවැත්වුණු අතර, අභ්‍යාසයේ සමාප්ති අවස්ථාව 2025 ජුලි මස 27 වැනි දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නෞකාවේ දී පැවැත්විණි.
28 Jul 2025
සාර්ථකව පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරීන් 15 ක් සහ ඉඳුරාම බඳවාගත් නිලධාරීන් 23 ක් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී විසිර යයි
ජෙනරාල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ 38 වැනි බඳවා ගැනීමට අයත් තාක්‍ෂණික අංශයේ මධ්‍ය නිලධාරීන් දහතුන් දෙනෙකු (13), 2023 හා 2024 ඉඳුරාම බඳවාගැනීමට අයත් නිලධාරීන් විසි තුන්දෙනෙකු (23) සහ එක්සත් ජනපද නාවික විද්‍යාපීඨයේ හා වෙරළාරක්ෂක විද්‍යාපීඨයේ පුහුණුව සම්පූර්ණ කළ 63 වැනි ශිෂ්‍යභට බඳවාගැනීමට අයත් මධ්‍ය නිලධාරීන් දෙදෙනෙකු (02) විසිර යාම හා අධිකාරියට පත් කිරීම, ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු දිනේෂ් බණ්ඩාරගේ ආරාධනයෙන්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී අනුෂා බානගොඩ මැතිණියගේ සහභාගීත්වයෙන්, 2025 ජූලි මස 26 වැනි දින, ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සිදු කෙරිණි.
27 Jul 2025
ත්‍රිකුණාමල නාවික අභ්‍යාසයේදී නැව්පති විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමුද්‍රීය මෙහෙයුම් විශිෂ්ටත්වය අවධාරනය කරන ලදි
නැගෙනහිර මුහුදේ පැවැත්වෙන ‘ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසය - 2025’ (TRINEX-25) සඳහා එක්වූ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ, එම අභ්‍යාසයේ මුහුදු අධියර අද (2025 ජූලි 25) ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාවේ සිට අධීක්‍ෂණය කර, ක්‍රමයෙන් වෙනස්වන ආරක්‍ෂක වාතවරණය හමුවේ නාවික හමුදාවේ මෙහෙයුම් විශිෂ්ඨත්වය සඳහා අවශ්‍ය ඉහල සූදානම අවධාරණය කෙරිණි.
26 Jul 2025


