වැදගත් සිදුවීම්
නාවික හමුදාව ලේ දන්දීමේ සමාජ සත්කාරයක නිරත වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාරයක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක් බූස්ස, ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ නාවික රෝහල් පරිශ්‍රයේදී සහ යාපනය, කයිට්ස් ශ්‍රී ලංකා නාවික නෞකා කංචදේව ආයතන පරිශයේදී, 2025 ජුනි මස 11 වැනි දින සාර්ථකව පැවැත්විණි.
13 Jun 2025
ගිනස් ලෝක වාර්ථා 02කට හිමිකාරීත්වය තහවුරු කල රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ (විශ්‍රාමික) හට නාවික හමුදාධිපතිගේ සුභාශිංසන

යාන්ත්‍රික නොවන ඇවිදීමේ යන්ත්‍රයක (Manual Treadmill) පැය 24ක කාලයක් එක දිගට දිවීමෙන් රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ (විශ්‍රාමික) විසින් 2025 මාර්තු මස 09 වැනි දින ගිනස් ලෝක වාර්තා දෙකක් (02) පිහිටුවන ලද අතර, එම වාර්ථා නිල වශයෙන් ගිනස් කමිටුව මගින් තහවුරු කර එහි හිමිකාරීත්වයට අදාළ සහතිකපත් හා පදක්කම් රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ (විශ්‍රාමික) වෙත පසුගියදා නිකුත් කෙරිණි. එමගින් මහත් විශාල ගෞරවයක් හා අභිමානයක් නාවික හමුදාව වෙත ගෙනදීම වෙනුවෙන් 2025 ජුනි මස 12 වැනි දින නාවික හමුදාධිපති සිය සුභාශිංසනය නාවික හමුදාව වෙනුවෙන් පිරිනැමීම සිදුකෙරිණි.
13 Jun 2025
නාවික හමුදාව මඟින් තිරණාත්මක සෞඛ්‍ය සහ හදිසි රෝගී අවස්ථා කළමණාකරණය සම්බන්ධයෙන් උතුරේ ධීවර ප්‍රජාව බලගැන්වීමේ වැඩසටහනක්

රාජ්‍ය ප්‍රතිපත්තිය අනූව සමාජීය වශයෙන් ප්‍රජාව බල ගැන්වීමේ වගකීම පෙරදැරිව ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හා එක්ව, මුහුදේදී තිරණාත්මක සෞඛ්‍ය සහ හදිසි රෝගී අවස්ථා කළමණාකරණය සම්බන්ධයෙන් ධීවර ප්‍රජාව දැනුවත් කර බල ගැන්වීමේ පුහුණු වැඩසටහනක් 2025 ජුනි මස 05 සිට 09 දක්වා ශ්‍රී ලංකා නාවික නෞකා එලාර සහ නාවික අනුඛණ්ඩ මයිලඩි හා පේදුරුතුඩුව කේන්ද්‍ර කර ගනිමින් සාර්ථකව පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
12 Jun 2025
අම්පාර, නාමල්ඔය ජලාශයේ සොරොව්ව අළුත්වැඩියා කිරීම සඳහා නාවික හමුදාවේ කිමිදුම් සහය

අක්‍රීය තත්වයේ පැවති අම්පාර, නාමල්ඔය ජලාශයේ සොරොව් දොරටුව අළුත්වැඩියා කර නැවත ක්‍රියාකාරී තත්වයට පත් කිරීමට කිමිදුම් සහය ලබාදීම නාවික හමුදාව විසින් 2025 ජුනි මස 06 වැනි දින සිදු කෙරිණි.
11 Jun 2025
රාජකීය නෝර්වේජියානු නාවික හමුදාවට අයත් ‘HNOMS ROALD AMUNDSEN’ නෞකාව දිවයිනට පැමිණෙයි

රාජකීය නෝර්වේජියානු නාවික හමුදාවට අයත් ‘HNOMS ROALD AMUNDSEN’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනිම සඳහා 2025 ජුනි මස 10 වැනි දින දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම හම්බන්තොට වරායේදී සිදු කෙරිණි.
11 Jun 2025
ලෝක පරිසර දිනය වෙනුවෙන් පරිසර හිතකාමී වැඩසටහන් සඳහා නාවික හමුදාවේ සමාජ සත්කාරක දායකත්වය

‘පරිසමාප්ත ජීවිතයක් - සුවපහසු රටක්’ යන රජයේ දැක්මට අනුව, ‘තිරසාර ජෛව ලෝකයක් - සදාහරිත ජීවිතයක්’ යන සංකල්පය යතාර්ථයක් කර ගැනීම වෙනුවෙන්, සාගර සහ වෙරළ කලාපයේ තිරසාර පැවැත්ම සඳහා කැපවන නාවික හමුදාව, ජුනි මස 05 වැනි දිනට යෙදුනු ලෝක පරිසර දිනය වෙනුවෙන් 2025 ජුනි මස 04 සහ 05 දෙදින, නැගෙනහිර, උතුර සහ ගිණිකොණ නාවික විධාන කේන්ද්‍ර කර ගනිමින් සිදුකෙරුණු පරිසර හිතකාමී වැඩසටහන් සඳහා රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනයන් හා එක්ව ප්‍රජා සත්කාරක දායකත්වය ලබා දීමට කටයුතු කෙරිණි.
10 Jun 2025
නාවික හමුදාධිපති වයඹ නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙයි

නාවික හමුදාධිපති 2025 ජුනි මස 06 වැනි දින සිට 08 වැනි දින දක්වා වයඹ නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙමින්, එම විධානයේ මෙහෙයුම්, පරිපාලන, සුභසාධන සහ සංවර්ධන කටයුතු නිරීක්‍ෂණය කර, එම කටයුතු කාර්‍යක්‍ෂමව හා ඵලදායී ලෙස සිදු කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දී, නාවික හමුදාවේ කාර්යය භාරය සම්බන්ධයෙන් එම විධානයට අනුයුක්ත නාවික හමුදා පුද්ගලයන් දැනුවත් කිරීම සිදු කෙරිණි.
09 Jun 2025
නාවික හමුදාව මඟින් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන 04ක් ජනතා අයිතියට

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය දායකත්වයෙන්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇහැටුවාගම, අමුණුකොලේ, අඩම්පනේ සහ කටුපත් වැව යන ප්‍රදේශයන්හි ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන හතරක් (04) ජනතා අයිතියට පත්කිරීම, 2025 ජුනි මස 06 වැනි දින සිදු කෙරිණි.
09 Jun 2025
ජගත් සාගර දින ජාතික වැඩසටහන කොළඹ වරාය නගරයේදී

ජුනි මස 08 වැනි දිනට යෙදී ඇති ජගත් සාගර දිනය නිමිත්තෙන්, සාගරයේ පාරිසරික හා ආර්ථික වැදගත්කම සහ අනාගතය වෙනුවෙන් සාගරය රැක ගැනීමේ වැදගත්කම සම්බන්ධයෙන් ප්‍රජාව දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන 2025 ජූනි මස 08 වැනි දින කොළඹ වරාය නගර පරිශ්‍රයේදී පැවැත්විණි.
09 Jun 2025
කල්මුනේ, ලාෆීර් විද්‍යාලය ආකර්ශණීය ලෙස ප්‍රතිස්ථාපනය කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය

“සතුට සපිරි පාසලක්” යන තේමාව මුල්කරගනිමින් ජාතික සාරධර්ම හා සමාජමය වටිනාකම් පෝෂණය කරණු ලබන, පරිසර හිතකාමි අධ්‍යාපන පරිසරයක් පෝෂණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ, කල්මුනේ, ලාෆීර් විද්‍යාල පරිශ්‍රය ආකර්ෂණීය ලෙස ප්‍රථිස්ථාපනය කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය ලබා දෙමින් පුරවැසි බල ගැන්වීම, 2025 මැයි මස 30 වැනි දින සිදු කෙරිණි.
09 Jun 2025