වැදගත් සිදුවීම්

නාවික හමුදාධිපති නැගෙනහිර නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාංචන බානගොඩ, 2025 ජනවාරි මස 11 වැනි දින නැගෙනහිර නාවික විධානයට අයත් නාවික හා සාගරික විද්‍යාපීඨය, ශ්‍රී ලංකා නාවික තටාකංගණය, ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා සහ ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයන්හි නිල සංචාරයක නිරත වෙමින්, නාවික හමුදා මෙහෙයුම්, සංවර්ධන හා සුභසාධන ව්‍යාපෘති සහ පුහුණු කටයුතු නිරීක්‍ෂණය කර, නාවික හමුදාවේ කාර්යය භාරය සම්බන්ධයෙන් එම ආයතනයන්ට අනුයුක්ත පුහුණු වන නිලධාරීන් සහ නාවිකයින් ඇතුළු නාවික හමුදා පුද්ගලයන් දැනුවත් කිරීම සිදු කෙරිණි.

12 Jan 2025

නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා කිමිදුම් අංශයේ 60 වැනි සංවත්සරය සැමරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ; දිය යට බිඳහෙලීම්, ඉදිකිරීම්, අළුත්වැඩියා කිරීම්, පරීක්‍ෂා කිරීම් සහ ගොඩගැනීම් සම්බන්ධ කිමිදුම් රාජකාරි සඳහා 1965 වර්ෂයේ ජනවාරි මස 08 වැනි දින ස්ථාපිත නාවික හමුදා කිමිදුම් හා ගලවාගැනීමේ ඒකකයේ 60 වැනි සංවත්සරය, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ ගේ ප්‍රධානත්වයෙන් අද (2025 ජනවාරි 11) ත්‍රීකුණාමලය නාවික තටාකංගණයේ, නාවික හමුදා කිමිදුම් හා ගලවාගැනීමේ ඒකකයේදී පැවැත්විණි.

11 Jan 2025

නැංගුරම නාවික සුවසහන මධ්‍යස්ථානයේ රණවිරුවන් වෙනුවෙන් ජල චිකිත්සක තඨාකයක් ඉදිකිරීම සඳහා ආධාර පිරිනමයි

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා බෞද්ධ කවුන්සිලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි මහතා ගේ ප්‍රධානත්වයෙන් බෙන්ඩිගෝ හි අටීෂා බෞද්ධ මධ්‍යස්ථානයේ භික්ෂුන් ඇතුළු කණ්ඩායමක් 2025 ජනවාරී මස 09 වැනි දින වැලිසර “Anchorage” නාවික සුවසහන මධ්‍යස්ථානයේ සංචාරයක නිරතවූ අතර, රණක්‍ෂිතයට පත්ව, නාවික සුවසහන මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රථිකාර ලබන නාවික හමුදා රණවිරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් ජල චිකිත්සක තඨාකයක් ඉදිකිරීම සඳහා මූල්‍යාධාර ලබාදීම එහිදී එම නියෝජිත පිරිස විසින් සිදු කෙරිණි.

10 Jan 2025

ත්‍රීකුණාමලය නාවික තඨාකාංගණය නැරඹිමේ සංචාර සඳහා අයදුම් කිරීම වෙනුවෙන් visitdockyard.navy.lk වෙබ් අඩවිය නිළ වශයෙන් ආරම්භ වේ

ත්‍රීකුණාමලය නාවික තඨාකාංගණය නැරඹිමේ සංචාර සඳහා අයදුම් කරනු ලබන ආයතන සහ පුද්ගලයින්ගේ පහසුව වෙනුවෙන් නාවික හමුදාව විසින් නිර්මාණය කළ, visitdockyard.navy.lk නව වෙබ් අඩවිය නිළ වශයෙන් ආරම්භ කිරීම, 2025 ජනවාරි මස 08 වන දින, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් නාවික තඨාකාංගණයේ ප්‍රධාන පිවිසුම් දොරටුවේදී සිදු කෙරිණි.

09 Jan 2025

අභිනව නාවික හමුදාධිපති මහනුවර ‍ඓතිහාසික ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගනියි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 26 වන නාවික හමුදාධිපති ලෙස ධුරයේ රාජකාරි භාරගැනීමෙන් පසු, අද (2025 ජනවාරි 08) අස්ගිරි සහ මල්වතු දෙපාර්ශ්වයේ මහානායක හිමිවරුන් බැහැදැක, මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා සමිඳුන් වැඳපුදා ගනිමින්, නාවික හමුදාවේ ඉදිරි කටයුතු සඳහා ආශිර්වාද ලබාගැනීමට කටයුතු කෙරුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, අනූෂා බානගොඩ මැතිණිය ද සහභාගී විය.

08 Jan 2025

පාකිස්තානු නාවික විද්‍යාපීඨයේදී විශිෂ්ඨතම මධ්‍ය නිලධාරියාට හිමි සම්මානනීය අසිපත හිමිකරගත් මධ්‍ය නිලධාරී ටීඑම්අයිවී තෙන්නකෝන් වෙත විශේෂ ඇගයීමක්

පාකිස්තානු නාවික හමුදා විද්‍යාපීඨයේ පුහුණුව සාර්ථකව සම්පූර්ණ කළ, මධ්‍ය නිලධාරී ටීඑම්අයිවී තෙන්නකෝන්, 2025 ජනවාරි මස 04 වැනි දින පැවති විසිර යාමේ පෙළපාලියේදී, විශිෂ්ඨතම මධ්‍ය නිලධාරියාට හිමි සම්මානනීය අසිපත හිමි කර ගැනීමට සමත් විය. එම ජයග්‍රහනය ඇගයීමට ලක් කරමින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ විසින් මධ්‍ය නිලධාරී ටීඑම්අයිවී තෙන්නකෝන් වෙත ඊයේ දින (2025 ජනවාරි 06) නාවික හමුදා මුලස්ථානයේදී, ප්‍රශංසාත්මක ලිපියක් පිරිනමන ලද අතර, අද (2025 ජනවාරි 07) ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්, එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) විසින් මධ්‍ය නිලධාරී ටීඑම්අයිවී තෙන්නකෝන් ලබා ගත් ජයග්‍රහනය තුලින් මව්බිමට අත්කර දුන් කීර්තිය සහ ත්‍රිවිධ හමුදා පුහුණූ වන නිලධාරීන්ට පමණක් නොව, සමස්ත ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාවට ලබාදුන් වටිනා ආදර්ශය අගයමින් සුභාසිංශන පිරිනැමිම සිදු කෙරිණි.

07 Jan 2025

රාජකීය ලංකා නාවික හමුදාවේ සේවය කළ අභාවප්‍රාප්ත සුළු නිලධාරී අරුලානන්දම් මාරියම්පිල්ලේ ගේ අවසන් කටයුතු නාවික හමුදා ගෞරව සහිතව යාපනය කයිට්ස් දූපතේදී

රාජකීය ලංකා නාවික හමුදාවට අනුයුක්තව රාජකාරි කර විශ්‍රාමිකව සිටි සුළු නිලධාරී අරුලානන්දම් මාරියම්පිල්ලේ ජ්‍යේෂ්ඨ නාවිකයා 2024 දෙසැම්බර් මස 31 වැනි දින අභාවප්‍රාප්ත වූ අතර, ඔහුගේ අවසන් කටයුතු 2025 ජනවාරි මස 02 වැනි දින යාපනය කයිට්ස් දූපතේදී නාවික හමුදා ගෞරව සහිතව, සිදු කිරීමට නාවික හමුදාව විසින් කටයුතු සංවිධානය කෙරිණි.

03 Jan 2025

ශ්‍රී ලංකා නාවික හමුදාව “ ක්ලීන් ශ්‍රී ලංකා” පුරවැසි ප්‍රතිඥාව ලබා දී 2025 වර්ෂයේ රාජකාරි අරඹයි

නාවික හමුදා මුලස්ථානයේ සහ සියළුම නාවික හමුදා ආයතන හා නෞකාවන්ගේ අද උදෑසන (2025 ජනවාරි 01) ජාතික ධජය ඔසවා ජාතික ගීය ගායනයෙන් අනතුරුව, “ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහනේ සජිවි විකාශනයට සමඟාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව “ක්ලීන් ශ්‍රී ලංකා” පුරවැසි ප්‍රතිඥාව ලබා දී, උදා වූ 2025 නව වර්ෂයේ රාජකාරී ආරම්භ කිරීම සිදු කෙරිණි.

01 Jan 2025

ගාලු මුවදොර ජාතික ධජය එසවීම සහ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය නාවික හමුදාව භාර ගනියි

ගාලු මුවදොර ජාතික ධජය එසවීම හා කොළඹ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය සම්බන්ධ රාජකාරීන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් නාවික හමුදාව වෙත භාර ගැනීම 2024 දෙසැම්බර් මස 31 වැනි දින සහ අද දින (2025 ජනවාරි 01) කොළඹ ගාලු මුවදොරදී සහ නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

01 Jan 2025