වැදගත් සිදුවීම්
ශ්‍රී ලංකා නාවික හමුදා ත්‍රාස්‍යජනක ක්‍රීඩා සංචිතයේ සංවිධායකත්වයෙන් තවත් ගවේෂණාත්මක කඳු නැගීමේ අභ්‍යාසයක් සාර්ථකව අවසන් වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ත්‍රාස්‍යජනක ක්‍රීඩා සංචිතය 2025 ජනවාරි මස 16 වැනි දින සිට 18 වැනි දින දක්වා ස්වභාවික සෞන්දර්යයෙන් හා මනස්කාන්ත පරිසර පද්ධතියකින් සමන්විත වූ, සුන්දර මධ්‍යම කඳුකරයේ කළුපහන ප්‍රදේශයේ; බඹරකන්ද, වැලි වංගුව සහ ඔහිය සුප්‍රසිද්ධ යකාගේ පඩිපෙළ ඇතුළු වඩාත් අභියෝගාත්මක සහ මනරම් භූමි ප්‍රදේශ කිහිපයක් ආවරණය කරමින් සංවිධානය කෙරුණු ත්‍රාස්‍යජනක කඳු නැගීමේ ගවේෂණ චාරිකාවක් සාර්ථකව අවසන් කෙරිණි.
20 Jan 2025
නාවික හමුදාධිපති නිල හමුවීමක් සඳහා ගරු අග්‍රාමාත්‍ය තුමිය බැහැදකියි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ අද (2025 ජනවාරි 16) සිය ප්‍රථම නිල හමුවීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මැතිණිය බැහැදැකීමට කටයුතු කෙරිණි.
16 Jan 2025
ක්ලීන් ශ්‍රී ලංකා ජාතික ව්‍යාපෘතිය යටතේ සහ නාවික හමුදා විනයාරක්‍ෂක හා පාලන අංශයේ 25 වන සංවත්සරය නිමිත්තෙන් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්

“පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” යන රජයේ දැක්ම යථාර්තයක් බවට පත්කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදා විනය ආරක්ෂක හා පාලන අංශයේ 25 වන සංවත්සරයට සමගාමීව අද (2025 ජනවාරි 16) තලෛයිමන්නාරම ප්‍රදීපාගාරය ඉදිරිපස වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
16 Jan 2025
74 වැනි නාවික හමුදා සංවත්සරය නිමිත්තෙන් ලේ දන්දීමේ වැඩසටහනක් ගිණිකොන නාවික විධානයේදී

නාවික හමුදාවේ අභිමානවත් 74 වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කල ලේ දන්දීමේ වැඩසටහනක් 2025 ජනවාරි මස 15 වැනි දින ගිණිකොන විධාන නාවික රෝහලේදී සාර්ථකව පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
15 Jan 2025
නව නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ පත් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස, රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ 2024 දෙසැම්බර් මස 31 වන දින සිට පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ විසින් ඊට අදාළ පත්වීම් ලිපිය රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ වෙත නිල වශයෙන් අද (2025 ජනවාරි 15) නාවික හමුදා මූලස්ථානයේදී ප්‍රදානය කර, සිය සුභපැතුම් පිරිනැමීමට කටයුතු කෙරිණි.
15 Jan 2025
රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කෙරේ

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු 2024 දෙසැම්බර් මස 31 වැනි දින සිට පත්කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ විසින් ඊට අදාළ පත්වීම් ලිපිය රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු වෙත නිල වශයෙන් අද (2025 ජනවාරි 15) නාවික හමුදා මූලස්ථානයේදී ප්‍රදානය කර, සිය සුභපැතුම් පිරිනැමීමට කටයුතු කෙරිණි.
15 Jan 2025
නාවික හමුදාධිපති උතුරු මැද නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාංචන බානගොඩ, 2025 ජනවාරි මස 12 සහ 13 යන දෙදින උතුරු මැද නාවික විධානයේ නිල සංචාරයක නිරත වී එම විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය, ශික්‍ෂා, තම්මැන්නා සහ ගජබා යන ආයතනයන් මඟින් සිදුකෙරෙණ මෙහෙයුම්, සංවර්ධන හා සුභසාධන ව්‍යාපෘති සහ පුහුණු කටයුතු නිරීක්‍ෂණය කර, නාවික හමුදාවේ කාර්යය භාරය සම්බන්ධයෙන් එම ආයතනයන්ට අනුයුක්ත නාවික හමුදා පුද්ගලයන් දැනුවත් කිරීම සිදුකෙරිණි.
13 Jan 2025
නාවික හමුදාධිපති ජය ශ්‍රී මහ බෝ සමිඳුන් සහ රුවන්වැලි මහා සෑ රදුන් වැඳපුදා ගනී

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 26 වැනි නාවික හමුදාධිපති ලෙස ධුරයේ වැඩභාර ගැනීමෙන් පසු, 2025 ජනවාරි මස 12 වැනි දින අනුරාධපුර අටමස්ථානය ඇතුළු පූජනීය ස්ථාන වන්දනාමාන කරමින්, නාවික හමුදාවේ ඉදිරි කටයුතු සඳහා ආශිර්වාද ලබාගත් අතර, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, අනූෂා බානගොඩ මැතිණියද සහභාගී විය.
12 Jan 2025
ක්ලීන් ශ්‍රී ලංකා ජාතික ව්‍යාපෘතිය යටතේ නාවික හමුදාව විසින් ගාල්ල සහ හම්බන්තොට පිරිසිදු කිරීමේ වැඩසටහනක්

“පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” යන රජයේ දැක්ම යථාර්තයක් බවට පත්කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ, ගාල්ල සමුද්‍ර මාවත වෙරළ තීරයේ සිට ගාල්ල නගර සීමාව දක්වා වෙරළ තීරය, ගිංතොට පාලම අසල සිට හික්කඩුව දක්වා වෙරළ තීරය සහ හම්බන්තොට ධීවර වරායෙහි පවිත්‍ර කිරීමේ විශේෂ වැඩසටහනක් අද (2025 ජනවාරි 12) උදෑසන දකුණු නාවික විධානයේ මූලිකත්වයෙන් පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
12 Jan 2025
ගොන්ගල කඳු තරණ අභ්‍යාසය සාර්ථකව අවසන් වෙයි

රාජකාරී හා පෞද්ගලික ජීවිතයේ සමබරතාවය තුළින් නාවික හමුදා පුද්ගලයින්ගේ සෞඛ්‍ය සහ යහ පැවැත්ම ප්‍රවර්ධනය කිරීමේ, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ ගේ සංකල්පයකට අනුව, නාවික හමුදා විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කෙරුණු සබරගමුව පළාතේ ගොන්ගල කඳු තරණ අභ්‍යාසය 2025 ජනවාරි මස 11 වැනි දින සාර්ථකව පැවැත්විණි.
12 Jan 2025