වැදගත් සිදුවීම්

නව භාෂා පරිගණක විද්‍යාගාරයක් ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී විවෘත වෙයි

පුහුණු වන නිලධාරින් සහ නාවිකයින්ගේ භාෂා කුසලතාවය හා ඩිජිටල් සාක්‍ෂරතාවය ඉහල නැංවීම අරමුණු කරගනිමින්, ඇමෙරිකා එක්සත් ජනපදයේ පුර්ණ ආධාරයෙන් සහ නාවික හමුදා තාක්‍ෂණික සහ ශීල්පීය දායකත්වයෙන් ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ඉදිකල නව භාෂා පරිගණක විද්‍යාගාරය විවෘත කිරීම, 2025 සැප්තැම්බර් මස 15 වැනි දින අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක Lieutenant Colonel Matthew House ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

17 Sep 2025

නාවික හමුදාව මඟින් ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන 02ක් ජනතා අයිතියට

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, පොළොන්නරුව ඇළහැර මහසෙන් ජාතික පාසලේ සහ මොණරාගල සියඹලාණ්ඩුව දනකිරිය ප්‍රාථමික පාසලේ ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන ජනතා අයිතියට පත්කිරීම 2025 සැප්තැම්බර් 13 සහ 15 දින එම විදුහල් පරිශ්‍රයන්හීදි සිදුකෙරිණි.

17 Sep 2025

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ වාර්ෂික පුහුණු කඳවුර 2025 ආරම්භ වෙයි

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ 2025 වාර්ෂික පුහුණු කඳවුරේ සාමාරම්භය, 2025 සැප්තැම්බර් මස 15 වැනි දින ස්වේච්ඡා නාවික හමුදාවේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් අනුර කරුණාරත්නගේ ආරාධනයෙන්, ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් එච්එන්එස් පෙරේරාගේ ප්‍රධානත්වයෙන්, වැලිසර ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි.

16 Sep 2025

“ශිල්පීන්ගේ දිනය”නාවික හමුදා මුලස්ථා‍නයේදී සැමරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශිල්පීය අංශයේ නාවිකයින්ගේ වෘත්තීය නිපුණතාවය වර්ධනය කිරීම වෙනුවෙන් ප්‍රථම වරට සංවිධානය කළ “ශිල්පීන්ගේ දිනය” (Artificers’ Day) වැඩසටහන 2025 සැප්තැම්බර් මස 10 වැනි දින නාවික හමුදා මුලස්ථානයේ, අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

16 Sep 2025

ගාලු කථිකාව ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණය 2025 පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් නාවික හමුදා මූලස්ථානයේදී

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 12 වැනි වරටත් සංවිධානය කරනු ලබන, ගාලු කථිකාව ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණය ‘Maritime Outlook of the Indian Ocean under Changing Dynamics’ යන තේමාව යටතේ, 2025 සැප්තැම්බර් මස 24 සහ 25 යන දෙදින වැලිසර ‘Wave n’ Lake’ නාවික හමුදා උත්සව ශාලාවේදී පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් අද (2025 සැප්තැම්බර් 15) නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.

15 Sep 2025

හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහයේ වීරත්වයේ උරුමකරුවන්ට නාවික හමුදාධිපතිගෙන් උපහාර

නාවික හමුදා හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහයට අනුයුක්තව ක්‍රියාන්විත සේවයේ යෙදී සිටියදී රණක්‍ෂිතයට පත් වීරෝධාර නාවික හමුදා පුද්ගලයින් වෙත උපහාර පිදීමේ උළෙලක්, 2025 සැප්තැම්බර් මස 13 වැනි දින ත්‍රීකුණාමලය නාවික තටාකාංගනයේ, හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහ මුලස්ථානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

15 Sep 2025

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 260 වැනි බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 306ක් විසිර යයි

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 260 වැනි බඳවා ගැනීමට අයත් නිත්‍ය ආධුනික නාවිකයින් දෙසිය හැත්තෑ තුන්දෙනෙකු (273) සහ ස්වේච්ඡා ආධුනික නාවිකයන් තිස්තුන් දෙනෙකු (33) ඇතුළුව, ආධුනික නාවිකයින් තුන්සිය හය දෙනෙකු (306) සිය මුලික පුහුණුව සාර්ථකව අවසන් කර, 2025 සැප්තැම්බර් මස 13 වැනි දින පූනෑව, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී විසිර යාම සිදු කෙරිණි. ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ ආඥාපති හා අණදෙන නිලධාරී, කපිතාන් ලක්‍ෂ්මන් අමරසිංහ ගේ ආරාධනයෙන්, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් සැපයුම් හා සේවා, රියර් අද්මිරාල් රුවන් කළුබොවිල මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.

14 Sep 2025

කොට්ටුකච්චිය වැවේ අක්‍රීය සොරොව් දොරටුව අළුත්වැඩියාව සඳහා නාවික හමුදා කිමිදුම් සහය

ආනමඩුව, කොට්ටුකච්චිය වැවේ අක්‍රීය තත්වයේ පැවති සොරොව් දොරටුව අළුත්වැඩියා කර නැවත ක්‍රියාකාරී තත්වයට පත් කිරීම සඳහා, 2025 සැප්තැම්බර් මස 11 වැනි දින කිමිදුම් සහාය ලබා දීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

13 Sep 2025

සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීර්ණයේ ඇති වූ හදිසි ගින්නක් මැඩපැවැත්වීමට නාවික හමුදාවේ සහය

සපුගස්කන්ද, තෙල් පිරිපහදු සංකීර්ණයේ අළුත්වැඩියා කරමින් තිබූ තෙල් ටැංකියක 2025 සැප්තැම්බර් මස 10 වැනි දින සන්ධ්‍යා කාලයේ ඇති වූ හදිසි ගින්නක් මැඩ පවත්වා, ගින්න අවට ප්‍රදේශයට පැතිරීම වැළැක්වීමට නාවික හමුදා ගිනි නිවීමේ කණ්ඩායමක සහය ලබාදීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

12 Sep 2025

‘කලා වැව ආයෙත් අලින්ට දෙමු’ යන තේමාව යටතේ ක්‍රියාත්මක ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන සඳහා නාවික හමුදා දායකත්වය

ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ, ‘කලා වැව ආයෙත් අලින්ට දෙමු’ යන තේමාව පෙරදැරිව, කලා වැව් පිටියේ ජපන් ජබර ඇතුළු ආක්‍රමණශීලි ශාක ගලවා ඉවත් කර, වන අලින්ගේ ආහාර අවශ්‍යතාවය සඳහා තණකොළ වැවීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවෙන්, කලාගම හා බලලුවැව ආශ්‍රිතව 2025 සැප්තැම්බර් මස 05 සිට 07 දින දක්වා සිදුකෙරුණු, කලා වැව පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය සඳහා, ආරක්‍ෂක අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදා දායකත්වය ලබාදීම සිදුකෙරිණි.

11 Sep 2025