වැදගත් සිදුවීම්
ශ්‍රී ලංකා නාවික හමුදා කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය මඟින් කැස්බෑ පැටවුන් 97 ක් සාගරයට මුදා හරියි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය මඟින් සංරක්ෂණය කරන ලද කැස්බෑ පැටවුන් අනූහත් දෙනෙකු (97) සාගරයට මුදා හැරීම 2023 අප්‍රේල් මස 11 වන දින ගිණිකොන නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු රුවන් රූපසේන ගේ සහභාගීත්වයෙන් පානම වෙරළ තීරයේදී සිදු කෙරිණි.
12 Apr 2023
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මගී ප්‍රවාහන යාත්‍රා සේවය වෙනුවෙන් නාවික හමුදාවේ දායකත්වයෙන් කන්කසන්තුරය වරායේ යටිතල පහසුකම් පුළුල් කෙරේ
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර, යාපනය කන්කසන්තුරය වරායේ සිට ඉන්දියාවේ පොන්ඩිචෙරි (Pondicherry) දක්වා මගී ප්‍රවාහන යාත්‍රා සේවාවක් ආරම්භ කිරීම සඳහා රජය විසින් ආරම්භ කළ ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීම සඳහා කන්කසන්තුරය වරායේ යටිතල පහසුකම් කඩිනමින් ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ක්‍රියාවට නංවා ඇත.
12 Apr 2023
සේවා වනිතා අලුත් අවුරුදු පොළ සහ බටහිර නාවික විධාන අළුත් අවුරුදු උත්සවය වැලිසර නාවික පරිශ්‍රයේදී උත්කර්ෂවත් අයුරින් පවත්වයි
නාවික හමුදා පුද්ගලයන්ගේ සුභසාධනය වෙනුවෙන්, නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් සංවිධානය කරනු ලැබූ 2023 අලුත් අවුරුදු පොළ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි මාලා ලමාහේවා මැතිණියගේ ආරාධනයෙන්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීම සහ බටහිර නාවික විධාන අළුත් අවුරුදු උත්සවය ආරම්භ කිරීම 2023 අප්‍රේල් මස 10 වන දින උදෑසන වැලිසර නාවික පරිශ්‍රයේදී උත්කර්ශවත් අයුරින් සිදු කෙරිණි.
10 Apr 2023
නැගෙනහිර නාවික විධානයේ දී ලේ දන්දීමේ වැඩසටහනක් සාර්ථකව පවත්වයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ සත්කාර වැඩසටහන් යටතේ සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක් 2023 අප්‍රේල් මස 08 වන දින නැගෙනහිර නාවික විධාන රෝහල් පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු කෙරිණි.
09 Apr 2023
ශ්‍රී ලංකා - ඉන්දීයා නාවික අභ්‍යාසය - 2023 (SLINEX -23) සාර්ථකව නිමාවට පත් වෙයි
2023 අප්‍රේල් මස 03 වන දින ආරම්භ වූ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසය - 2023 (SLINEX -23) බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී 2023 අප්‍රේල් මස 08 වන දින සාර්ථකව නිමාවට පත්විය.
09 Apr 2023
ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USNS BRUNSWICK (T - EPF 6)’ ගවේෂණ නෞකාව ත්‍රීකුණාමලය වරායට සේන්දු වෙයි
ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USNS BRUNSWICK (T - EPF 6)’ නැමැති ගවේෂණ නෞකාව අද දින (2023 අප්‍රේල් 08) ත්‍රීකුණාමලය වරාය වෙත සේන්දු විය.
08 Apr 2023
මෙරට යාත්‍රා තැනීමේ කර්මාන්තය වෙනුවෙන් යාත්‍රා සැලසුම් සේවා ව්‍යාප්ත කිරීම සඳහා වූ දැනුවත් කිරීමේ වැඩසටහනක් නාවික හමුදාව මඟින් සාර්ථකව පවත්වයි
ශ්‍රී ලංකා නාවික හමුදා ඉංජිනේරු දෙපාර්තමේන්තුව යටතේ ස්ථාපිත නාවික සැලසුම් (Naval Design) අංශය මඟින්, මෙරට යාත්‍රා තැනීමේ කර්මාන්තය පිළිබඳව එම ක්ෂේත්රයේ කර්මාන්ත කරුවන් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහනක් වැලිසර නාවික හමුදා යාත්‍රා තැනීමේ අංගණයේදී 2023 අප්‍රේල් මස 03 වන දින සාර්ථකව සිදුකෙරිණි.
06 Apr 2023
ශ්‍රී ලංකා - ඉන්දීයා නාවික අභ්‍යාසය - 2023 (SLINEX -23) සඳහා සහභාගී වීමට ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Kiltan’ සහ ‘INS Savitri’ යන යුද නෞකාවන් කොළඹ වරායට සේන්දු වෙයි
ශ්‍රී ලංකාව සහ ඉන්දීයාව අතර පැවැත්වෙන ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසය - 2023 (SLINEX -23) අද දින (2023 අප්‍රේල් 03) සිට අප්‍රේල් මස 08 වන දින දක්වා පැවැත්වීමට නියමිතව ඇති අතර, මෙම අභ්‍යාසය සඳහා සහභාගීවන ඉන්දීය නාවික හමුදාවට අයත් INS Kiltan සහ INS Savitri යන යුද නෞකාවන් අද දින (2023 අප්‍රේල් 03) උදෑසන කොළඹ වරායට සේන්දු විය.
04 Apr 2023
රියර් අද්මිරාල් නලින්ද්‍ර ජයසිංහ නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් පරිපාලන ලෙස වැඩ භාර ගනියි
රියර් අද්මිරාල් නලින්ද්‍ර ජයසිංහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්යක්ෂ ජෙනරාල් පරිපාලන වශයෙන් අද දින (2023 අප්‍රේල් 03) නාවික හමුදා මූලස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල් පරිපාලන කාර්යාලයේදී වැඩ භාර ගන්නා ලදී.
03 Apr 2023
නාවික හමුදාධිපති දකුණු නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙයි
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, 2023 මාර්තු මස 30 සහ 31 දෙදින දකුණු නාවික විධානයේ නිල සංචාරයක් සිදුකර දකුණු නාවික විධානයේ මෙහෙයුම් සූදානම නිරීක්ෂණය කරන ලද අතර, නාවික හමුදාවේ ඉදිරි අභිප්රායන්, මෙහෙයුම් සූදානම සහ කාලීන ආර්ථික අභියෝග කළමණාකරනය පිළිබඳව එහිදී, දකුණු නාවික විධානයේ සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා නාවිකයන් දැනුවත් කිරීමට නාවික හමුදාධිපති විසින් කටයුතු කෙරිණි.
01 Apr 2023