වැදගත් සිදුවීම්

නාවික හමුදාවේ මුලිකත්වයෙන් උතුරු වෙරළේ කඩොලාන පැළ රෝපණය කිරීමේ වැඩසටහනක්

නාවික හමුදා කඩොලාන සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ යාපනය, මන්ඩතිව් දූපත සහ පොන්නාලේ කලපු ආශ්‍රිත වෙරළ ප්‍රදේශ ආවරණය වන පරිදි කඩොලාන පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් අද (2022 මැයි 20) උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

20 May 2022

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී සහ නාවික හමුදාධිපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී වශයෙන් කටයුතු කරනු ලබන ජූලි ජේ. චන්ග් (Julie J. Chung) මහත්මිය අද (2022 මැයි 20) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.

20 May 2022

ජාතික රණවිරු සැමරුම් උළෙල අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේ රණවිරු ස්මාරකය අභියසදී

2022 ජාතික රණවිරු සැමරුම් උළෙල, සන්නද්ධ හමුදා සේනාධිනායක, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (2022 මැයි 19) බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී අභිමානවත්ව පැවැත්වූ අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය.

19 May 2022

රණවිරු සැමරුම් දිනය නිමිත්තෙන් රණක්‍ෂිතයට පත් නාවික රණවිරුවන් වෙත නාවික හමුදාධිපතිගෙන් උපහාර

රණවිරු සැමරුම් දිනය නිමිත්තෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වැලිසර නාවික රණවිරු රැකවරණ මධ්‍යස්ථානයේ (Anchorage Naval Care Center) නේවාසිකව සිටින නාවික රණවිරුවන් හමු වී ඔවුන් වෙත උපහාර පිරිනමන ලද අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණිය ද සහභාගී විය.

19 May 2022

13 වන රණවිරු සැමරුම් දිනයට සමගාමීව නාවික පුද්ගලයින් 2084ක් උසස් කෙරේ

13 වන රණවිරු සැමරුම් දිනයට සමඟාමීව සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපතිතුමාගේ අනුමැතිය ඇතිව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් නාවික හමුදා නිලධාරීන් 74 ක් සහ නාවිකයන් 2010ක් ඊලඟ නිලයට සහ තරාතිරමට උසස් කර ඇත.

18 May 2022

ඕස්ට්‍රේලියාවේ පැවැත් වූ ඉන්දීය ශාන්තිකර කළාපීය සමුද්‍රීය ආධිපත්‍ය සමුළුවට ජ්‍යෙෂ්ඨ නාවිකයෙක් ද ඇතුලත් ශ්‍රී ලංකා නාවික හමුදා ධුත පිරිසක් සහභාගී වෙයි

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ ඩාර්ලින් වරායේ පිහිටි සිඩ්නි ජාත්‍යන්තර සම්මේලන මධ්‍යස්ථානයේ දී ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ ඉන්දීය ශාන්තිකර කළාපීය සමුද්‍රීය ආධිපත්‍ය සමුළුව - 2022 (Indo Pacific Sea Power Conference - 2022) සාර්ථකව නිමාවට පත් විය. මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න නියෝජනය කරමින් නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් (පුහුණු) රියර් අද්මිරාල් ධම්මික කුමාර සහ නාවික හමුදා ධූත පිරිසක් සහභාගී වූ අතර, මෙම ධූත පිරිසට ප්‍රථම වරට ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවිකයන් නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නාවිකයෙකු ද ඇතුලත් විය.

18 May 2022

2566 වන ශ්‍රී සම්බුද්ධ ඡයන්තිය නිමිත්තෙන් නාවික හමුදාවෙන් ලේ දන්දීමේ වැඩසටහනක්

2566 වන ශ්‍රී සම්බුද්ධ ඡයන්තිය නිමිත්තෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ උපදෙස් සහ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සෑම නාවික විධානයක්ම ආවරණය වන පරිදි ලේ දන්දීමේ වැඩසටහන් මාලාවක් 2022 මැයි මස 16 වන දින සිට ජුනි මස 16 වන දින දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

17 May 2022

නාවික තාක්‍ෂණික ආයතනයේ පුහුණුව සම්පුර්ණ කළ ශිල්පීය අංශයේ නාවිකයන් 16 දෙනෙක් විසිර යති

වැලිසර, නාවික තාක්‍ෂණික ආයතනයේ 18 වන තාක්‍ෂණික පාඨමාළාව සාර්ථකව නිමකල ශිල්පීය අංශයේ නාවිකයන් 16 දෙනෙකු විසිරයාම අද (2022 මැයි 11) වැලිසර පිහිටි නාවික තාක්ෂණික ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු, රියර් අද්මිරාල් රවි රණසිංහ ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

11 May 2022

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් සේනක සෙනවිරත්න නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

රියර් අද්මිරාල් සේනක සෙනවිරත්න සිය වසර 34කට අධික නාවික සේවය නිමා කරමින් අද (2022 මැයි 04) දින නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී.

04 May 2022

නැගෙනහිර නාවික විධානයේ දී ලේ දන්දීමේ වැඩසටහනක් සාර්ථකව පැවැත්වේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර වැඩසටහනක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක් 2022 අප්‍රේල් මස 30 වන දින නැගෙනහිර නාවික විධානයේ නාවික පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් ත්‍රිකුණාමලය නාවික තඨාකාංගන පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු කෙරිණි.

01 May 2022