වැදගත් සිදුවීම්
බස්නාහිර පළාත් වයස අවුරුදු 24 න් පහල සත් සාමාජික රග්බි ශූරතාවය සහ අන්තර් සමාජ නිපෝන් රග්බි පළඟ ශූරතාවය නාවික හමුදාව දිනාගනියි
බස්නාහිර පළාත් වයස අවුරුදු 24 න් පහල, සත් සාමාජික රග්බි ශූරතාවය සහ අන්තර් සමාජ පළමු පෙළ 2021/2022 නිපෝන් තීන්ත රග්බි තරඟාවලියේ පළඟ ශූරතාවය නාවික හමුදා රග්බි කණ්ඩායම් විසින් දිනාගත් අතර, ජයග්‍රාහී රග්බි කණ්ඩායම් නායකයන් විසින් එම රග්බි කුසලාන නාවික හමුදා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත ඉදිරිපත් කිරීම අද (2022 සැප්තැම්බර් 21) නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි.
22 Sep 2022
‘සයුරුසර’ සඟරාවේ 45 වන කලාපය එළිදකී
නාවික හමුදා මාධ්‍ය ඒකකය මඟින් ප්‍රකාශයට පත්කරනු ලබන ‘සයුරුසර’ සඟරාවේ 45 වන කලාපය එහි ප්‍රධාන සංස්කාරක, ලුතිනන් කොමාණ්ඩර් (ස්වේ) එස්ආර් සුදුසිංහ විසින් අද (2022 සැප්තැම්බර් 21) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත පිළිගන්වන ලදි.
22 Sep 2022
ඉන්දියාවේ රාජකීය නෙදර්ලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලංකා ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
ඉන්දියාවේ, රාජකීය නෙදර්ලන්ත තානාපති කාර්යාලයට අනුයුක්තව ශ්‍රී ලංකාවේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් රොබට් වෑන් බෲඉන්සන් (Captain Robert van Bruinssen) අද (2022 සැප්තැම්බර් 21) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.
21 Sep 2022
නාවික හමුදා නිල වෙබ් අඩවිය රන් හා ලෝකඩ පදක්කමෙන් සම්මානයට පාත්‍ර වෙයි
‘LK Domain Registry’ආයතනය මගින් පවත්වන ලද ‘BestWeb.lk 2022’ තරඟාවලියේදී රාජ්‍ය අංශයේ ජනප්‍රියතම වෙබ් අඩවි කාණ්ඩය යටතේ රන් පදක්කමක් සහ රාජ්‍ය අංශයේ හොඳම වෙබ් අඩවි කාණ්ඩය යටතේ ලෝකඩ පදක්කමක් හිමිකර ගනිමින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ www.navy.lk නිල වෙබ් අඩවිය සම්මානයට පාත්‍ර වූ අතර, ඒ වෙනුවෙන් නාවික හමුදාව වෙත ප්රදානය කරන ලද සම්මාන, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත පිරිනැමීම 2022 සැප්තැම්බර් මස 20 වන දින නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
21 Sep 2022
කිතුල්කොටේ ඓතිහාසික ස්වර්ණපිණ්ඩ චෛත්‍යය රාජයාණන් වහන්සේගේ සර්වඥ ධාතු තැන්පත් කිරීම සහ කොත නිරාවරණය කිරීමේ පුණ්‍යමහෝත්සවය නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන්
ශ්‍රී ලංකා නාවික හමුදා බෞද්ධ සංගමයේ දායකත්වයෙන්, තණමල්විල කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ පිහිටි ඓතිහාසික ස්වර්ණපිණ්ඩ චෛත්‍යරාජයාණන් වහන්සේගේ සර්වඥ ධාතූන් තැන්පත් කිරීම සහ කොත නිරාවරණය කර සැදැහැවත් බොදු බැතිමතුන්ගේ වන්දනාමානය පිණිස සසුනට පූජා කිරීමේ පුන්‍යමහෝත්සවය, ගරුතර මහා සංඝ රත්නයේ පිරිත් සජ්ජායනා මධ්‍යයේ, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2022 සැප්තැම්බර් මස 18 වන දින උදෑසන තණමල්විල කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථාන පරිශ්‍රයේදී සිදු කෙරිණි.
19 Sep 2022
ජාතික ආරක්ෂක පාඨමාලාවට අදාළ නිල ලාංඡනය නාවික හමුදාධිපති වෙත පිරිනමයි
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක විද්‍යායතනය මඟින්, ජාතික ආරක්ෂක පාඨමාලාව සම්පූර්ණ කළ ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් වෙනුවෙන් ප්‍රථම වරට නිර්මාණය කරන ලද නිල ලාංඡනය එම විද්‍යායතනයේ ආඥාපති, මේජර් ජෙනරල්(විශ්‍රාමික) අමල් කරුණාසේකර විසින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත පිරිනැමීම 2022 සැප්තැම්බර් මස 16 වන දින නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි.
19 Sep 2022
බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජිණගේ අභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගෞරවනීය උත්තමාචාරය
බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජිණගේ 70 වසරක රාජ්‍ය සමය තුල ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්රමික වර්ධනය සඳහා බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවෙන් ලද දායකත්වය සහ දිගුකාලීන සහයෝගීත්වය පිළිබඳ ඉතිහාසය, 2022 සැප්තැම්බර් මස 08 වන දින අභාවප්‍රාප්ත වූ දෙවන එලිසබෙත් මහ රැජිණ වෙත පිරිනමන උපහාරයක් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව ගෞරවයෙන් සිහිපත් කරනු ලබයි.
18 Sep 2022
ජාත්‍යන්තර වෙරළ පවිත්‍රතා දිනය හා සමුද්‍රීය සම්පත් සුරැකීමේ සතියට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් වෙරළ පවිත්‍රතා වැඩසටහනක් ක්‍රියාවට නංවයි
සැප්තැම්බර් මස 17 වන දිනට යෙදී තිබෙන ජාත්‍යන්තර වෙරළ පවිත්‍රතා දිනයට හා සමුද්‍රීය සම්පත් සුරැකීමේ සතියට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් සියළුම නාවික විධානයන් ආවරණය වන පරිදි වෙරළ පවිත්‍රතා වැඩසටහන් අද (2022 සැප්තැම්බර් 17) උදෑසන ක්‍රියාවට නංවන ලදි.
17 Sep 2022
ආසියානු දැල්පන්දු ශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ නාවික හමුදා ක්‍රීඩිකාවන් හට නාවික හමුදාධිපති ගෙන් උසස්වීම්
2022 ආසියානු දැල්පන්දු ශූරතාවය දිනාගත් ජයග්‍රාහී ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම නියෝජනය කළ නායක කාන්තා නැවි දීපිකා අබේකෝන් (ඩබ්ලිව්වීඑස් 66974) සහ බල කාන්තා නැවි හසිතා මෙන්ඩිස් (ඩබ්ලිව්වී 76519) යන නාවික හමුදා ක්‍රීඩිකාවන් දෙදෙනා (02), ශ්‍රී ලංකා නාවික හමුදාවේ කීර්තිය ඉහළ නංවමින් මව්බිමට මහත් අභිමානයක් ගෙනදීමට සිදුකළ සුවිශේෂී දායකත්වය අගයමින්, නාවික හමුදා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් ඔවුන් ඊළඟ තරාතිරම දක්වා උසස් කිරීම සහ ඔවුන් වෙත රුපියල් 250,000.00 බැගින් වටිනා මුදල් ත්‍යාග පිරිනැමීම අද (2022 සැප්තැම්බර් 15) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
16 Sep 2022
‘කොරල් වර්ග හඳුනා ගැනීමේ සහ කොරල් ප්‍රතිස්ථාපනය’ පිළිබඳ පුහුණු වැඩමුළුවක් ත්‍රීකුණාමලයේදී
‘කොරල් වර්ග හඳුනා ගැනීමේ සහ කොරල් ප්‍රතිස්ථාපනය’ පිළිබඳ නාවික හමුදා කිමිදුම්කරුවන්ගේ දැනුම වර්ධනය කිරීම සඳහා වූ විශේෂ පුහුණු වැඩමුළුවක් 2022 සැප්තැම්බර් මස 13 සහ 14 යන දිනයන්හී දී ත්‍රීකුණාමලය නාවික තටාකාංගණයේ නැගෙනහිර නාවික විධාන කිමිදුම් සහ ගලවා ගැනීමේ ඒකකයේ දී හා සැන්ඩි බේ මුහුදු තීරයේදී පැවැත්විණි.
15 Sep 2022