වැදගත් සිදුවීම්
නාවික හමුදාව විසින් බෙල්ලන්විල රජමහා විහාරයේ විෂබීජහරණ වැඩසටහනක් සිදු කරයි
‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන තවත් විෂබීජහරණ වැඩසටහනක් අද (2020 අප්‍රේල් 12) බෙල්ලන්විල රජ මහා විහාරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු කරන ලදි.
12 Apr 2020
ජා-ඇල සුදු වැල්ල ප්‍රදේශයෙන් නාවික හමුදා භාරයට ගෙන නිරෝධායනයට යොමු කළ 28 දෙනා සමග සමීප සබඳකම් පැවැත්වූ තවත් 52 ක් නාවික හමුදා භාරයට ගැනේ.
ජා ඇල සුදුවැල්ල ග්‍රාමයේ ස්වයං නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයින් 28 දෙනෙකු එම නිරෝධායන කටයුතු මග හැර හැසිරෙමින් සිටීම හේතුවෙන් 2020 අප්‍රේල් 09 වන දින නාවික හමුදා බුද්ධි මෙහෙයුමකින් නාවික හමුදා භාරයට ගෙන නිරෝධායනය සඳහා ඔලුවිල් හි පිහිටි නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරන ලදි .
12 Apr 2020
නාවික හමුදාවේ දෙවැනි මෙඩි මේට් (Medi mate) යන්ත්‍රය කළුබොවිල රෝහලට.
ශ්‍රී ලංකා නවික හමුදාව විසින් නිශ්පාදනය කරන ලද තවත් මෙඩි මේට් (Medi mate) ස්වයංක්‍රීය උපකරණයක් කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත ලබා දීමට අද (2020 අප්‍රේල් 12) කටයුතු කරන ලදි.
12 Apr 2020
ඛෙත්තාරාම සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ මහල් නිවාසයන්හි ස්වයං නිරෝධායනය වන වැසියන් හට විනෝදාස්වාදය ගෙනදුන් නාවික හමුදාව
කොළඹ ප්‍රදේශයේ මහල් නිවාසවල ස්වයං නිරෝධායනය වන වැසියන්ගේ පාළුව කාන්සිය සහ මානසික ආතතිය දුරු කරලීම සඳහා ක්‍රියාත්මක කරගෙන යනු ලබන සංගීත වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහන් දෙකක් (02) 2020 අප්‍රේල් 11 වන දින ඛෙත්තාරාම සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ මහල් නිවාසයන් කේන්ද්‍ර කර ගනිමින් පවත් වන ලදි.
12 Apr 2020
කඩොලාන ශාක කැපු පුද්ගලයින් හය දෙනෙකු (06) නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2020 අප්‍රේල් 11 වන දින මන්නාරම, මුන්දලම්පිඩ්ඩි කළපු ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කඩොලාන ශාක කපමින් සිටි පුද්ගලයින් හය දෙනෙකු (06) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.
12 Apr 2020
විදේශීය වෙළඳ නෞකාවක සිටි රෝගී පුද්ගලයෙකු (01) ආරක්ෂිතව කොළඹ වරායට ගෙන ඒමට නාවික හමුදාව කටයුතු කරයි.
ජාත්‍යන්තර වෙළඳ නෞකාවක් වන Maersk Avon නෞකාවේ රාජකාරි සිදු කරමින් සිට හදිසියේ උදරාබාධයේ වේදනාවක් ඇතිවූ නාවිකයෙකු (01) ආරක්ෂිතව කොළඹ වරායට ගෙන ඒමට නාවික හමුදාව 2020 අප්‍රේල් 11 වන දින කටයුතු කරන ලදි.
12 Apr 2020
නාවික හමුදාව විසින් තවත් විෂබීජහරණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි
‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් කිහිපයක් 2020 අප්‍රේල් 10 වන දින සහ 11 වන දින රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහල, මිනුවන්ගොඩ මූලික රෝහල, පුත්තලම සහිරා මුස්ලිම් විද්‍යාලය සහ මරදාන හා කොල්ලුපිටිය ප්‍රදේශයන්හි බැංකු පරිශ්‍රයන් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු කරන ලදි.
12 Apr 2020
කොරෝනා වෛරසය පැතිරීම පාලනය සඳහා නාවික හමුදාවෙන් තවත් නව නිර්මාණයක් කොළඹ ජාතික රෝහලෙහි ස්ථාපිත කරයි
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නව නිර්මාණයක් ලෙස නිශ්පාදනය කරන ලද අඩු පීඩන කාමර (Negative Pressure Isolation Room) දෙකක් (02) කොළඹ ජාතික රෝහලෙහි ස්ථාපිත කිරීම අද (2020 අප්‍රේල් 11) සිදු කරන ලදි.
11 Apr 2020
බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි තවත් 26 දෙනෙක් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර ඉන් පිටව යයි.
බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායනයවූ තවත් 26 දෙනෙකු 2020 අප්‍රේල් 08, 10 සහ 11යන දිනයන්හි ඉන් පිටත්ව යන ලදි.
11 Apr 2020
නාවික හමුදාවේ දායකත්වයෙන් මසා නිම කරන ලද වෛද්‍ය කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය සෞඛ්යාරක්ෂක ඇදුම් කට්ටල තොගයක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත භාර දෙන ලදි.
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් අද (2020 අප්‍රේල් 11) සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදී කොරෝනා ආසාධිත රෝගීන් වෙනුවෙන් ප්‍රථිකාර කටයුතු සිදු කරනු ලබන වෛද්‍ය කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය සෞඛ්යාරක්ෂක ඇදුම් කට්ටල 3400ක ප්‍රමාණයක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත භාර දීම සිදු කරන ලදි.
11 Apr 2020