වැදගත් සිදුවීම්
හෙරෝයින් සමඟ සැකකරුවෙක් නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට
නාවික හමුදාව සහ මන්නාරම, මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එක්ව 2020 ජුනි 23 වන දින මන්නාරම ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.
24 Jun 2020
නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද බහු කාර්යය ගොඩනැගිල්ලක් යාපනයේදී විවෘත කෙරේ
නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් යාපනය, නගර්කෝවිල් (බටහිර) ග්‍රාම සේවා වසමේ අභිනවයෙන් ඉදිකරන ලද බහු කාර්යය ගොඩනැගිල්ලක් 2020 ජුනි 22 වන දින විවෘත කරණ ලදි.
24 Jun 2020
වාලච්චේනේයි රජයේ කඩදාසි කම්හල යතා තත්වයට ගැනිමට නාවික හමුදාවෙන් තාක්ෂණික සහය
දීර්ඝ කාලයක් තිස්සේ වසා දමා තිබු මඩකලපුව වාලච්චේනේයි පිහිටි රජයේ කඩදාසි කම්හල යලි ක්‍රියාත්මක තත්වයට ගැනීම සදහා රජය විසින් දරන්නාවු වෑයමට තාක්ෂණික සහය සැපයිමට ශ්‍රි ලංකා නාවික හමුදාව ඉදිරිපත් විය.
24 Jun 2020
පොලිස් විශේෂ කාර්ය බලකායේ නව අණදෙන නිලධාරි නාවික හමුදාධිපති හමුවෙයි
පොලිස් විශේෂ කාර්ය බලකායේ නව අණදෙන නිලධාරි, නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර (2020 ජුනි 23) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය.
24 Jun 2020
කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 04ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 790ක්.
කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 04ක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 23 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.
24 Jun 2020
ඩෙංගු උවදුර පාලනය කිරීම සඳහා නාවික හමුදාව ක්‍රියාත්මක කළ තවත් වැඩසටහනක් ගාල්ල වරාය පරිශ්‍රයේදී සිදු කරන ලදී
ශ්‍රී ලංකාව තුළ මේ දිනවල හිස ඔසවමින් පවතින ඩෙංගු උවදුර ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන විනාශ කිරීමේ වැඩසටහනක් 2020 ජුනි 22 වන දින ගාල්ල වරාය පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලදී.
23 Jun 2020
නාවික හමුදාව වාකරේ ප්‍රදේශයෙන් තහනම් දැලක් සොයා ගැනේ
නාවික හමුදාව 2020 ජූලි 22වන දින වාකරේ ප්‍රදේශයෙදී තහනම් දැලක් සොයා ගැනීමට සමත්ව ඇත.
23 Jun 2020
නාවික හමුදා වැටලීම් මගින් තහනම් මත් ද්‍රව්‍ය සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) අත්අඩංගුවට
නාවික හමුදාව 2020 ජූලි 22වන දින කින්නියා සහ තඹලගමුව යන ප්‍රදේශයන්හි සිදු කළ සෝදිසි මෙහෙයුම් දෙකකදී තහනම් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගැනීමට සමත් විය.
23 Jun 2020
කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයෙක් රෝහලින් පිටව යයි - සුව වූ මුළු ගණන 786ක්.
කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයෙක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 22 වන දින මුදා හැරීමට කටයුතු කර ඇත.
23 Jun 2020
ලියාපදිංචි නොකල ධීවර යාත්‍රාවක් (වල්ලම්) නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2020 ජුනි 21 වන දින මන්නාරම, උප්පුකුලම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී ලියාපදිංචි නොකල ධීවර යාත්‍රාවක් (වල්ලම්) භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.
22 Jun 2020